ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්රයේ නව යුගයක් සනිටුහන් කරමින් ඉතිහාසයේ ප්‍රථම වරට ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මෙරට දී ආරම්භ කෙරුණා. ඒ Hypro Holdings සමාගම සහ Lodule International සමාගම එකට එක්වයි. දකුණු කොරියාවේ Lodule International සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බියුන්ගෙහුල් කිම් මහතා සහ මෙරට Hypro Holdings සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා විසින් මේ අවබෝධතා ගිවිසුමට පසුගිය දා අත්සන් තැබිම සිදු කරනු ලැබුවා.
Hypro Holdings සමාගම යනු Micro Electric සමූහ ව්‍යාපාරය යටතේ ඇති Smart Phone නිෂ්පාදන සමාගමකි.

මේ සඳහා රුපියල් මිලියන 600ක ආයෝජනයක් තම සමාගම විසින් සිදුකරන බව ධම්මික සමරවික්‍රම මහතා මෙහිදී සඳහන් කළේ ය. තවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,
“We have over 350 well-trained employees (with outsourcing) and supply our products globally and domestically. The Company has a dealer network of 2,745 and 40 distributors selling over 40 products ranging from plugs, holders, fuse boxes and other electrical accessories,” said Managing Director, Micro E.I. Group of Companies, Kumari Samarawickrama. “For the first time our distributors selling electrical accessories will market this phone giving them an additional livelihood.”

ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ ඉතිහාසය නිර්මාණය කරමින් දිවයිනේ ප්‍රථම වරට 4G සක්‍රීය ජංගම දුරකථන එකලස් කරන ලද Micro Electric සමාගම විසින් මෙම දුරකථනය වෙළඳපොළට නිකුත් කරනු ඇත. ඉන් පසුව ලබන වසර මැද වන විට මෙම දුරකථන අපනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවත් එම මහතා විසින් වැඩි දුරටත් සඳහන් කළේ ය.

මෙම ජංගම දුරකථනය Hypro 2021 නමින් හැදින්වෙන අතර දෙසැම්බර් මාසයේදී රු. 30 000 පමණ මුදලකට මෙය වෙළෙඳපොළට නිකුත් වනු ඇත.
Source - NewsFirst.lk, DialyNews.lk