Loading...
3.5mm Headphone Jack එකේ ආගමනය

3.5mm Headphone Jack එක කිව්වම අද නොදන්න කෙනෙක් නෑනේ. මොකද ඒ jack එක ඒ තරමට අපිට ගොඩක් සමීපයි. Phone/ Laptop එකෙන් සිංදුවක් අහන්න ඕන උනාම,  Phone එකෙන් call එකක් ගන්න ඕන උනාම ඕන කෙනෙක්ට මතක් වෙන්නෙ තමංගෙ සාක්කුවෙ, බෑග් එක අස්සෙ පතුලෙ කිඳා බැහැල තියෙන, එහෙමත් නැත්නම් මේසෙ උඩ ගුලි කරල තිබ්බ Headphone එක කියල ආයෙ කියන්න දෙයක් නෑ.

ඒත් මීට අවුරුදු ගානකට (2016) කලින් එක්තරා Phone manufacture සමාගමක් විසින් (හරි හරි අර පැත්තක් කාපු ඇපල් ගෙඩිය තමයි) මේ 3.5mm Jack එකට සමුදෙනවා. ඒ එම අවුරුද්දෙ එයාල release කරපු එයාලගෙ අලුත්ම iphone 7 Smartphone එකෙන් මේ 3.5mm jack එක අයින් කරල. එයාලගෙන් පස්සෙ ගොඩක් Phone manufacture companies එයාලගෙ devices වලින් මේ Headphone jack එක අයින් කරන්න පටං ගත්තා..

ඒ කාලේ මේ ගැන හරි හරියට ඉතින් කතා උනා. ගොඩක් අය බැන්නා, තමන්ගේ අප්‍රසාදය පලකරා (අදටත්) එහෙම කරාට. ඒ වගේම ඉතින් තව කට්ටියකට මේක එයාලගෙ භාශාවෙන් කියනව නම් so innovative. ඇත්තටම මේකට නම් මං එකඟයි එක පයින්ම.. මොකද මෙච්චර දියුනු තාක්ශණයත් එක්ක හදන 21 වෙනි සියවසේ Smartphone/Laptops/desktops වලට මොන එහෙකටද මං අහන්නෙ මේ අවුරුදු 200ක් විතර පරන Analog headphone jack එකක්??

අවුරුදු 200ක් විතර පරණ?

ඔව් ඔව් ඔයා කියෙව්ව විදිය හරි. අවුරුදු 200ක් විතර  පරනයි මේක. ඉතින් අද කියන්නෙ යන්නෙ මං මේ අපි අදටත් පාවිච්චි කරන Headphone jack එක සහ මේ කියන 3.5mm headphone jack එක ගැන ඉතාම කෙටියෙන්.

3.5mm එකට අමතරව තව එකක් තියෙනවද?

ඔව් ඔව් නැතුව දෙයියනේ.. ඒකෙන් තමයි මේ අද වෙනකොට තියෙන 3.5mm එකත් හැදිල ආවේ.

මුලින්ම මේ Standard audio jack එකක් නිර්මණය කෙරුනේ 1877 අවුරුද්දෙ. (ඔව් 19වෙනි සියවසේ තමයි)

එකේ size එක උනේ 6.35mm තරම් විශාල ප්‍රමාණයේ එකක්.

6.35mm Standard Headphone Jack එකක්

මේව ඉස්සර පාවිච්චි කරේ ඔය අද අපි දන්න Telephone customer care වල වැඩ වලට. අර අපි Call එකක් ගත්තම ඒ ඉන්න නංගිල කියන්නෙ “රැඳී සිටින්න සර්. මං ඔබව ඒ Section එකට සම්බන්ද කරන්නම්..” කියල. අද කාලෙ මේක උනේ Computer through උනාට ඉස්සර තිබ්බෙ මේ අදාල Sections කියන එව්වට නම් ගහල Female audio jack headers හයි කරපු ලොකු Control board එකක්. ඉතින් හිතා ගන්න පුලුවන්නෙ ඒ කාලෙ හිටිය නංගිලා කොහොමද අදාල Sections වලට අපිව සම්බන්ද කරේ කියල. ඔව් ඔව් බරාස් ගාලා Jack එක ගලවල වෙන එහෙකට ඔබනවා. ඇත්තම කිව්වොත් මේ Audio jack එකේ Design එක මාරම Durable විදියට හදල තියෙනව. හිතන්න දවසට කී වතාවක් මේක ගලව ගලව ගහන්න වෙනව ඇද්ද කියල.

1877 දී Telephone Switch Board Operate කරන ලස්සන නම්කිලා ටිකක්

ලෝකෙ පලවෙනිම Telephone switch board එක Install කරේ 1877 අවුරුද්දෙ Boston වල Court Street හි  Charles Williams Jr නැමැති පුද්ගලයගෙ ගෙදර.. එයත් එසේ මෙසේ වැඩ්ඩෙක් නෙමෙයි හොඳේ. එක එක ගැජමැටික් හදපු කෙනෙක්. මෙයාගෙ shop එකේදි තමයි  Alexander Graham bell  සහ Thomas A. Watson එයාලගෙ Telephone එක ගැන Experimental කරේ.

Charles Williams Jr හා ඔහුගේ නිවස

ඉතින් ඔහොම කාලයක් තිස්සෙ මේ Standard audio jack එක පාවිච්ච් කර කර ඉන්නකොට 1950 අවුරුද්දෙ එනවා කරලියට අපි කවුරුත් දන්න 3.5mm headphone jack එක.

අපි කවුරුත් දන්න 3.5mm Headphone Jack එකක්

කලින් තිබ්බ Standard audio jacks ගොඩක් ආවේ Mono jack එක විදියට. ඒ කියන්නෙ ඒකේ යන්නෙ එක Signal එකයි. නමුත් මේ 3.5mm jack එකේ ආගමනය නිසා මේ Jacks ඔක්කොම හැදුවෙ Stereo විදියට. ඒ කියන්නෙ left right කියල වෙන වෙනම Signals යවන්න මේ Jack එක හරහා පුලුවන් උනා.. මේකේ මේ තියෙන Connectors ප්‍රමාණය අනුව මේවා වර්ග කිහිපයයකට බෙදනවා ඒ තමයි TS, TRS, TRRS සහ TRRRS (වැඩිය අපිට use කරන්න හම්බෙන්නෙ නැති එකක්) ලෙස.

Audio Jacks වර්ග කිහිපයක්

මේකේ T එහෙමත් නැත්නම් Tip එක තමයි Left signal යවන්නෙ. R එහෙමත් නැත්නම් Ring එක තමයි Right signal යවන්නෙ. එතකොට S එහෙමත් නැත්නම් sleeve එක තමයි Ground (GND) වෙන්නෙ.

එතකොට දැං ඔයාලට තේරෙනව ඇති ඉස්සර ආපු සහමහර  Standard jack වල තිබ්බෙ Left side එකට අදාල Signals විතරයි කියල. ඒකට අපි කියන්නෙ TS jacks කියල  (TRS jacks ආවා ඒකාලෙත්)

එතකොට මොකක්ද මේ අනිත් TRRS කියන එක?? අන්න ඒක තමයි අපි Phones වලට Laptops, PCs වලට මේ වෙනකම් පාවිච්චි කරේ සහ අදටත් කරන්නේ. ඒකේ අර කලින් කිව්ව Tip, Ring, Sleeve කියන තුනට අමතරව තව Ring එකක් තියෙනවා. ඒක තියෙන්නෙ sleeve එක ලඟමයි. අන්න ඒකට තමයි අපි mic එක  Connect කරන්නෙ.

ඉතින් මං උඩ කිව්ව මේ 3.5mm jack එක හදන්න හේතුව උනේ ඒ කාලෙ පාවිච්චි කරපු Transistor radios වලට බාවිතා උනේ මේ size එක නිසා. මොකද 6.35mm jack එකක් radio එහෙකට බරපතල් වැඩියි. මේ jack එක 1950දි හදුන්වල දුන්නට මේක ගැන ටිකක් කතා වෙන්න ගන්නෙ ලෝකෙ නම් දරාපු සමාගමක් වන Sony සමාගමෙන් 1964 අවුරුද්දෙ නිපදවා ජනතාව අතරට ආපු Sony EFM-117J radio එකත් සමගයි.

Sony EFM-117J radio එකක්

නමුත් ඊටත් පස්සෙ Sony සමාගමේම නිෂ්පාදනයක් වන ඔයාල කවුරු උනත් අදටත් ආස කරන 1979 ආපු Sony Walkman (ඔව් ඔව් අර Cassette Tapes දාන්න ආපු දඩි මෙව්ව එක)  එකත් එක්ක මේ 3.5mm headphone jack එක හෙන පිස්සුවක් වගේ ජනප්‍රිය වෙන්න ගත්තා. ඒ කලින් තිබ්බ Sony transistor radio වලට වගේ මේකට Built in speakers නොතිබ්බ නිසා. එතකොට අනිවාර්‍යෙන්ම අපිට Headphone එක පාවිච්චි කරන්නම වෙනවනේ..

1979 ආපු Sony Walkman එකක්

ඉතින් 1950 අවුරුද්දෙ ඉඳං අවුරුදු 70ක් තිස්සෙ අපි මේක අපේ ගොඩාක් devices එක්ක පාවිච්ච් කරනවා. මේකෙත් Design එක තනිකරම Original design එක නිසා මේකෙ Durability එක ගැනත් අපි ආයෙ අමුතුවෙන් කත කරන්න දෙයක් නෑ.. අපිම දවසට කී වතාවක් මේක ගලව ගලව ගහනව ඇතිද.

ඉතින් මේ Audio jack එක ගැන මං ඉතාම කෙටියෙන් විස්තර කරේ. මේ ගැන කියනව නම් සෑහෙන කියන්න එක එක පැතිවලට විහිදුන කතා තියෙනවා.

ඇත්තටම දැං අපේ smart devices වලට ඉතාම හොඳ ගුණාත්මක බාවයක් තියෙන Digital audio processing කරන්න පුලුවන් D Amps තියෙන නිසා Smartphone ඇතුලු අනිත් Smart devices වලින් මේ වෙනකොට 3.5mm  හැලීගෙන ගියාට මං කලින්ම කිව්ව අර standard audio jack එක අදටත් මේ වෙනකොටත් Music industry එකේ වගේම ගොඩක් Audio visual වැඩ වලට නැතුවම බැරි Jack එකක්. ඒක නම් තව අවුරුදු කිහිපයක්ම තියෙයි කියල හිතන්න පුලුවන්.

මේ කිව්ව Standard සහ 3.5mm audio jacks වල signals යන්නෙ Analog signals විදියට.. අපි මේ වෙනකොට ඉන්නෙ Digital යුගයක. ඉතින් අවසාන වශයෙන් මේ 3.5mm jack එකේ අඩුව ගැන ගිය කිය තාමත් නහයෙන් අඬන අයගෙන් (මාත් ඇතුලුව) මං අහන්නෙ තාමත් ඔයාලා හිතනවද මේක තව දුරටත් අපිට අවශය කරන දෙයක් කියල? මෙච්චර quality digital audio systems තියෙන, Digital amps පාවිච්චි කරන Phone එකකට Laptop එකකට?

තීරණය ඔබ සතුයි මිත්‍රයා.