Loading...
වේගවත් සහ පෞද්ගලිකත්වයට වඩාත් හිතකර අත්දැකීමක් සමඟ Android 12 Go නිල වශයෙන්  ලබන වස​රේ සි​ට

මෙම වසර මුලදී Android 12 නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසුව, Google සමාගම විසින් Android 12L නමින් Foldable, Tablets සහ Chrome OS උපාංග සඳහා විශේෂ සංස්කරණයක් හදුන්වා දෙනු ලැබුවා. ඒ වගේම Google සමාගම මෑතකදී Pixel උපාංග සඳහා Android 12L Beta 1 එළිදැක්වූ අතර, ලබන වසරේ Stable Release එකට පෙර මේ Android 12L සංස්කරණයේ අත්දැකීම් ගැනිමේ අවස්ථාව මේ හරහා පරිශීලකයන්ට උදා වුණා. මේ වන විට, Google සමාගම විසින් විසින් Android 12හි Go Edition එක, නැතිනම් Android 12 Go නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

Google විසින් 2017 දී ප්‍රථම වරට Android Go Edition එක නිකුත් කරනු ලැබූ අතර, එතැන් සිට Entry-Level Devices සඳහා Android අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා මේ වන විට නව විශේෂාංග රාශියක් සමඟ Updates කිහිපයක් Android Go සදහා ලැබී ඇත. Google සමාගම විසින් ප්‍රකාශ කරන ආකාරයට Android 12 Go Edition එක සමඟ පැමිණෙන Upcoming Devices මගින් පරිශීලකයින්ට වේගවත් සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට වඩාත් හිතකර අත්දැකීමක් ලබා දෙමින් තවත් පියවරක් ඉදිරියට ගෙන යාම ඔවුන්ගේ අරමුණ බවයි. මීළඟ පරම්පරාවේ Android 12 Go Edition එක සහිත උපාංග, ලබන වසරේ සිට වෙළඳපොළට නිකුත් කරනු ඇත, ඒ අනුව පරිශීලකයින්ට පහත නව විශේෂාංග Android 12 Go Edition එක සමගින් අත්විදිමේ හැකියාව ලැබෙනු ඇත.

වේගවත් Apps Launch කිරීම

Google සමාගම දක්වන ආකාරයට Android 12 Go Edition එක පෙර Updates වලට වඩා Apps Launch කිරීමට ගත වෙන කාලය 30% දක්වා අඩු කර ඇති අතර එමඟින් Low-End Phones වල User Experience එක බෙහෙවින් වැඩි දියුණු කළ හැකි බවයි. මීට අමතරව, Google විසින් SplashScreen API නිර්මාණය කර ඇති අතර එමඟින් පරිශීලකයින් ඔවුන්ගේ Apps Launch කරන විට App Developer වරුන් සමඟ Smooth Experience ලබා දීමට ඉඩ සලසයි.

blog.google

දිගු බැටරි ආයු කාලය

Android 12 Go Edition එක ඔස්සේ දිගු කාලයක් භාවිතා නොකළ Apps Hibernate කිරීමේ හැකියාව ඇතුළුව, බැටරි ආයු කාලය වැඩි දියුණු කිරීම සඳහා නව විශේෂාංග කීපයක් හදුන්වා දි තිබෙනවා. Hibernate Apps ද යම් මට්ටමකට Storage Clear Up කරනු ලබන අතර, එය Limited Storage Capacity එකක් සහිත උපාංග සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඒ සමඟම, Update කරන ලද Files Go App එකක් ද Android 12 Go Edition එක පැමිණෙන අතර එමඟින් පරිශීලකයින්ට දින 30ක් ඇතුළත Delete කර දැමූ Files නැවත ලබා ගැනීමට ඉඩ සලසනවා.

blog.google

වඩාත් Intelligent (බුද්ධිමත්) විශේෂාංග

Google සමාගම විසින් Android 12 Go Edition එක වඩාත් බුද්ධිමත් බවට පත් කරන පහසු වෙනස්කම් කිහිපයක් ද හඳුන්වා දි තිබෙනවා. ඒ අනුව, Recent Apps Screen එකට නව විශේෂාංග ලෙස සවන් දීමට සහ Screen එකෙහි ඇති ඕනෑම Content එකක් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමට ලබා දි ඇති පහසුකම් දක්වන්න පුළුවන්.

blog.google

පහසුවෙන් App Share කරගැනීමට ඇති හැකියාව

Android 12 Go Edition එක ඔස්සේ පරිශීලකයන්ට Nearby Share සහ Google Play භාවිතයෙන් අවට උපාංග සමඟ සෘජුවම App Share කර ගැනීමට ඉඩ සලසා තිබෙනවා. මේ මගින් පරිශීලකයින්ට Play Store වෙතින් App Download කළහොත් ඔවුන්ට සිදුවන අමතර Data ගාස්තු වළක්වා ගැනීමට උපකාරී වේ.

blog.google

සරල Device Sharing පහසුකම

Google සමාගම විසින් Android 12 Go Edition එකෙහි Guest User අත්දැකීම පහසු කර ඇති අතර, පුද්ගලිකත්වය ගැන කරදර නොවී ඔබේ උපාංගය මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට මෙය පහසු කරනවා. Lock Screen එක මතම මෙය ලබා ගත හැකි අතර, ඔබේ උපාංගය කෙනෙකුට ලබා දීමට පෙර ඔබට ඉක්මනින් Guest User එකට මාරු වීමට ඉඩ සලසයි.

blog.google

තවත් Privacy Controls

Android 12 Go Edition එක ඔබගේ දත්ත වෙත ප්‍රවේශ වන Appsවලට වඩාත් විනිවිදභාවයක් සපයන අතර, Appsවලට කොපමණ තොරතුරු වෙත ප්‍රවේශ විය හැකි ද යන්න තීරණය කිරීමට ඔබට අවස්ථාව ලබා දෙනවා. එයට නව Privacy Dashboard එකක් ඇතුළත් වනු ඇති අතර එමඟින් ඔබට මයික්‍රෆෝනය, කැමරාව වැනි සංවේදී දත්ත වෙත ප්‍රවේශ වන යෙදුම් පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දෙන අතරම අවශ්‍ය නම් අවසර අවලංගු කිරිමේ හැකියාවත් ලබා දි තිබෙනවා. Android 12 මෙන්ම, Android 12 Go Edition එකෙහි ද මයික්‍රෆෝනය සහ කැමරාව සඳහා Status Bar ඇතුළත් වේ.

blog.google

කලින් සඳහන් කළ පරිදි, Android 12 Go Edition එක සහිත නව උපාංග ලබන වසරේ සිට ලබා ගත හැකිය.

Source: XDA-developers