Loading...
නව නිමාවකින් සහ Spatial Audio පහසුකම සහිතව ඇපල් සමාගම විසින් AirPods 3 එලිදැක්වීමට කටයුතු කර​යි

ඊයේ දිනයේදී ඇපල් සමාගම විසින් ඔවුන්ගේ නිෂ්පාදන එලි දක්වන තවත් සජීවී අත්දැකීමක් අපට ලබා දුන්නා. සජීවී කිව්වට ඒක පටිගත කරලා සජීවීව විකාශය කරල ලද්දක්. කෙසේ වුවත් එහිදී නවතම සහ බලයෙන් ඉහල උපාංග රැසක් එලි දැක්වීමට ඇපල් සමාගම කටයුතු කරා. ඒ සියල්ල පිළිබඳව එකින් එකින් ඔබට ලිපි ගෙන ඒමට සූදානම් වෙමින් ප්‍රථමයෙන්ම නවතම AirPods වලින් එය ආරම්භ කරන්න අපි හිතුවා. එහෙනම් අපි කතා කරමු AirPods Generation 3 එක ගැන.

AirPods 3 එහෙමත් නැත්තම් AirPods Generation 3 එක ඇපල් සමාගමේ නවතම H1 chip එකෙන් බල ගැන්වෙන අතර ඒ හරහා Adaptive EQ සහ spatial audio පහසුකම් AirPods Pro නොවන මාදිලියේ උපාංග සඳහා ලබා දීමට සමත් වෙලා තියෙනවා.

ඇපල් සමාගම ඊයේ දිනයේදී පැවති ඔවුන්ගේ එලි දැක්වීමේදී පැවසූ ආකාරයට AirPods Proහි ඇති force sensor එක මෙම තෙවෙනි පරම්පරාවේ AirPods සමඟ ලබා දී ඇති අතර ඒ හරහා media playback හැසිරවීමේ පහසුකම ලබා දී තිබෙනවා. ඊට අමතරව Generation 2 එකට වඩා මෙවර Generation 3 එකේදී AirPods වල stem එකේ දිග අඩු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. නමුත් AirPods Pro වල මෙන් සිලිකන් ටිප්ස් යොදා නැහැ. එමෙන්ම මෙම නව AirPods සඳහා IPX4 water and sweat resistance පහසුකම earbuds සහ charging case සඳහා ලබා දී තිබෙනවා.

මෙහි නිමාව පිළිබඳව විස්තර ඒ ආකාරයට වන අතර එහි ඇති පිරිවිතරයන් ගැන අවධානය යොමු කරන විටදී ඇපල් සමාගම AirPods 3 සඳහා Adaptive EQ සහ spatial audio යන පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. Adaptive EQ හරහා සිදු වන්නේ AirPods කණට සමබන්ධ කල පසුව එය පරිශීලකයාගේ කනට සම්බන්ධ වන ආකාරය පිලිඹඳව අධ්‍යයනය කර ඒ හරහා ලබා දෙන ශබ්දය tune කර ලබා දීමයි.

Spatial audio හරහා Dolby Atoms මඟින් ලබා දෙන අති සුපිරි ශ්‍රවණ අත්දැකීම ලබා දීමට කටයුතු කරනවා. ඊට අමතරව Spatial audio මඟින් dynamic head tracking පහසුකම ලබා දී ඇති අතර එමඟින් Facetime ඇමතුම් සඳහා හොඳ අත්දැකීමක් ලබා දෙනවා. ඇපල් සමාගම පවසන ආකාරයට AirPods 3 සඳහා skin-detect sensor එකක් ලබා දී ඇත.

බැටරි ආයුකාලය ගෙන හැර දක්වන විට ඇපල් සමාගම විසින් AirPods 3 මාදිලිය සඳහා එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු​ව පැය 6ක playback කාලයක් සහතික වන අතර විනාඩි 5ක ආරෝපණ කාලයකින් පැයක ශ්‍රවණ කාලයක් සහතික වනවා. AirPods 3 charging case එක එක වරක් ආරෝපණය කිරීමෙන් පසුව පැය 30ක් දක්වා වන ශ්‍රවණ කාලයක් වන තුරු AirPods 3 ආරෝපණය කිරීමේ හැකියාව පවතින බවද ඔවුන් විසින් සහතික වී තිබෙනවා. මම නව AirPods, MagSafe සහ wireless charging සඳහාද සහය දක්වනු ලබනවා.

මේ වන AirPods 3 සඳහා pre-orders ලබා දීම සිදු කල හැකි අතර එය ඔක්තෝම්බර් 26 වන දින සිට වෙලැඳ්අපලෙන් මිලදී ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. AirPods 3 ඇමරිකානු ඩොලර් 179කට මිල කර තිබෙනවා.

මෙම ලිපිය Apple Event - October 18 YouTube Live එක ආශ්‍රයෙන් නිම වූ ලිපියකි.