Loading...
Android වලට වඩා ඉදිරියෙන් ඇති iOS වල Privacy features ගැන සවිස්තරාත්මකව දැනගමු

WhatsApp වල සිදුකරන ලද නව Privacy Update එකත් සමගම බොහෝ දෙනා මේ Privacy පිලිබඳව කතා බහ කරනවා. Apple සමාගම විසින් iOS Operating System එකට සිදුකර ඇති Privacy Changes ගැනයි මේ ලිපිය.

Apple සමාගම වසර ගණනාවක සිට Privacy සම්බන්දව විශාල වශයෙන් උනන්දු වන සමාගමක්. විශේෂයෙන් iPhone ඇතුලු ඔවුන්ගේ Products බාවිතා කරන Users ලා හට ඔවුන්ගේ Data බාවිතා වන විදිය පිලිබඳව අවබෝධයක් තිබිය යුතු බව (Privacy and Data Transparency) Apple සමාගමේ මතයයි.

01. Sign in with Apple

Sign in with Google/ Login with Facebook වැනි Option ඔබ බොහෝ Web Site සහ Apps වල දැක ඇතී. නමුත් මෙමගින් User Email සහ තවත් Personal Information Collect කරගන්නා නිසා Apple සමාගම විසින් මෙම Signing with Apple පහසුකම ලබා දුන්නා. මෙහි ඇති විශේෂත්වය නම් ඔබට ඔබගේ Email Address එක වෙනුවට Apple විසින් ලබා දෙනු ලබන Random Email Address බාවිතා කිරීමට හැකිවීමයි. එමගින් කරදරකාරී ලෙස ලැබෙන News Letters / Promotion/ Ads ආදිය ඔබගේ Email Address එකට නොලැබී යාවී.

02. Location Usage Request

යම් App එකක් මගින් ඔබ සිටින ස්තානය (geo location) එක Access කරයිනම් ඒ වෙනුවෙන් Permission ලබාදීමට පරිශිලකයාට අවස්තාව මෙමගින් ලැබේ. මෙහි ඇති වෙශේෂත්වය නම් අදාල සේවාව බාවිතා කරන විට පමණක් Location Service Enable කිරීමට හැකියාව ලැබීමයි.

03. Clipboard Access Notification

ඔබ යමක් වෙනත් ඇප් එකකින් Copy කර Paste කරන සෑම අවස්තාවකම මෙම Notification එක දැක ගත හැකි අතර මෙමගින් යම් App එකක් ඔබට නොදන්වා ඔබගේ Clipboard එක Access කරයි නම් ඒ සම්බන්දව යම් ඉගියක්ද ලබා ගත හැකී. Tiktok ඇතුලු ප්‍රසිද්ධ Apps ගණනාවක් මෙම නිසා අපහසුතාවයට පත්වූ අතර ඔවුන් විසින් පසුකාලීනව එය ඉවත් කරගන්නා ලදී.

04. Camera and Microphone Recent Usage

ඔබගේ කැමරාව සහ මයික්‍රෆෝනය බාවිතා කරන ලද Apps පිලිබඳව User දැනුවත් කිරීම මෙමගින් සිදුවෙයි. Control Panel එක Access කිරීමෙන් ආසන්නයේම කැමරාව හෝ  මයික්‍රෆෝනය බාවිතා කරන ලද App එක පෙන්නුම් කරයි.

05. Camera and Microphone Usage Indicator

යම්කිසි ඇප් එකක් මගින් ඔබගේ කැමරාව Access කරයින්ම කොලපැහැති සලකුණක්ද Microphone එක Access කරයි නම් තැඹිලි පැහැති සලකුණක්ද Signal Bar එක අසල Indicate කරයි. මෙමගින් යම් ඇප් එකක් ඔබට නොදන්වා Camera හෝ Microphone Access කිරීම අවහිර කිරීමට හැකියාව ලැබෙනවා.

06. Safari Privacy Report (Intelligent Tracking Prevention)

මෙමගින් Safari Browser එකමගින් ඔබ යම් වෙබ් අඩවියකට පිවිස කරනු ලබන ක්‍රියාකාරකම් (Browser Activities) වෙනත් වෙබ් අඩවි මගින් Track කරනවාද යන්න සහ කොපමණ Tracking Sites ප්‍රමාණයක් Block කිරීමට හැකිවූවාද යන්න බලා ගත හැකියි. ඒ සඳහා Safari Browser එකට ගොස් එහි Address Bar එකේ ඇති View Option [AA] මත tap කර Privacy Report වලට යන්න. එමගින් කොපමණ Websites ප්‍රමාණයක් ඔබව track කරනවාදැයි බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

07. Trust Your Device

ඔබ iPhone එක චාර්ජ් කිරීමට බොහෝවිට Charger එකක් බාවිතා කරද ඇතැම් අවස්තාවල එය පරිගණකයකට සම්බන්ද කර චාර්ජ් කිරීමට සිදුවිය හැකියි. නමුත් ආගන්තුක පරිගණකයකට ඔබගේ iPhone එක සම්බන්ධ කරන අවස්තාවක Phone එක Unlock කර තිබුනත නැවතත් ඔබෙන් Passcode එක විමසා සිටීමෙන් ඔබ නොදැනුවත්ව data transfer  කිරීමක් සිදුවීමට ඇති අවස්තාව වලක්වයි.

08. Private Address in WIFI

සාමාන්‍යයෙන් ඔබ WIFI network එකකට join වූ විට ඔබගේ Device එකේ MAC Address නම් විශේෂිත හදුනාගැනීමේ අංකයක් Network එක වෙත Share වන අතර එය සෑම විටම එකක් වේ. එමගින් ඔබගේ device එක පහසුවෙන් Track කිරීමට හැකියාව ලැබෙන අතර iOS හි ඇති මෙම Private Address මගින් වෙනස් Network වලදී එකිනෙකට වෙනස් වූ MAC Address එකක් බාවිතා කරන අතර එමගි ඔබව track කිරීම අවහිර කරයි. (Settings —> WIFI —> Connected SSID (WIFI Name) —> Info —> Private Address)

09. Precise Location

යම්කිසි app එකකට ඔබ සිටින ස්තානය නිසැකවම ලබා දීමට අකමැතිනම් Settings > Privacy > Location Service App Name > Precise Location මගින් එය නවතා දැමිය හැක. මෙමගින් අදාල app එකට ලැබෙනුයේ ඔබ සිටින ආසන්න ස්තානයක් පමණයි.

Settings > Privacy > Location Service App Name > Precise Location

10. Local Network

කිසියම් app එකක් ඔබගේ Local Network එකේ එනම් WIFI network එකේ ඇති Device එකක් සමග communicate කරයි නම් ඒ සදහා ඇති Permission මෙහි සදහන් වෙයි. ඔබගේ පාලනයකින් තොරව app එකක් හට Local Network හි ඇති Hardware සමග ගනුදෙනු කිරීම මෙමගින් සීමාකිරීමට හැකි වනවා.

11. Selected Photos

ඔබ iOS 14 වලට update කිරීමෙන් අනතුරුව Photos සමග වැඩ කරන App බාවිතා කිරීමේදී ඇතැම් විට මෙම Feature එක නිසා අපහසුතාවයටත් පත් වන්නට ඇතී. මෙහිදී සිදුවන්නේ ඔබගේ Image Gallery එකට පූර්න access ලබා දීම වෙනුවට ඔබ විසින් Select කරන ලද Photos පමණක් අදාල app එකට Access කිරීමට ඉඩ ලබා දීමයි.

Settings > Privacy > Photos > Select App > Selected Photos වෙතින් අදාල ඇප් එකට ලබාදිය හැකි Photos Select කිරීමට User ට හැකියාව ලැබෙනවා.

12. App Usage and Analytics

අපි යම් ඇප් එකක් බාවිතා කිරීමේදී සිදුවන දෝෂ සහ බාවිතා කරන ආකාරයන් (Crash data and analytics) Developers ලා හට Share කිරීම සීමා කිරීමට මෙමගින් ඉඩ ලබා දෙනවා.

Settings —> Privacy —> Analytics & Improvement —> Share with App Developers

13. App Privacy in AppStore

ඔබ යම් ඇප් එකක් download කිරීමට AppStore වෙත පිවිසුන විට අදාල ඇප් එක විසින් එකතු කර ගන්නා Privacy Information පිලිබද විස්තරයක් මෙහිදී User හට දැක බලා ගැනීමට පුලුවන. එමගි එම යෙදවුම ලබා ගැනීමට පෙර එය පිලිබදව නැවත සිතා බැලීමට බාවිතා කරන්නා හට අවකාශය ලැබේ.

14. Quick Disable FaceID/TouchID

මෙයත් ඉතා කුඩා නමුත් වැදගත් Safety Feature එකක් ලෙස හැදින්විය හැකියි. යම් අවස්තාවක ඔබගේ දුරකතනය කෙනෙක් ඔබගේ ඇගිලෙන් හෝ මුහුණට යොමා බලහත්කාරයෙන් Unlock කිරීමට උත්සාහ කරහොත් මෙමගින් එම උත්සාහය ව්‍යර්ත කර හැකී. මෙහිදී සිදුවන්නේ power + volume up press කිරීමෙන් ඔබ Shutdown screen එකට පිවිසෙන අතර නැවත unlock කිරීමේදී passcode එක prompt වීමයි.

15. Control Third Party Keyboard Access

Third party keyboard වල ඇතැම් විට Stock Keyboard වලට වඩා යම් පහසුකම් පවතී. නමුත් එවා මගින් ඔබ Type කරන දෑ ලබා ගන්නේ නම් එය පාලනය කිරීමට මෙමගින් අවස්තාව පවතී. (බොහෝ විට මෙම දත්ත Developers ලා විසින් ලබා ගනුයේ Auto Correction / Auto Suggestion වැනි Feature Improve කිරීමටයි) නමුත් ඔබ එලෙස දත්ත සැපයීමට අකමැතිනම් එය සීමා කිරීමට මෙමගින් අවස්තාව සැලසෙනවා.

Settings —> General —> Keyboard —> Select Third Party Keyboard —> Disable Allow Full Access

මීට අමතරව බොහෝ සෙයින් කතාබහට ලක්වන Apple සහ Facebook ගැටුම සහ Ads Tracking ගැන මීලග ලිපියෙන්.