Loading...
Asus සමාගම විසින් Ryzen 5000සහ RTX 30 Series GPU වලින් සමන්විත නවතම Gaming Laptop මාලාව එලිදැක්වීමට කටයුතු කරයි

Asus සමාගම විසින් ඉන්දියාවේදී ඔවුන්ගේ නවතම Gaming Laptop මාලාව වන Strix Scar 15 සහ Scar 17, Strix G15 සහ G17 සහ TUF A15 යන laptop මාදිලි ඉන්ඩියාවේදී එලිදැක්වීමට කටයුතු කර තිබෙනවා.

Strix Scar 15 සහ Strix Scar 17

Strix Scar 15 Laptop එකට අගල් 15.6 ක display එකක් පවතින අතර Strix Scar 17 Laptop එකට අගල් 17.3 ක display එකක් පවතී. මීට අමතරව මේවායෙ display තෝරගත හැකි ආකාර 2 කි. එනම්, 300 Hz ක refresh rate එකක් සහිත 1080p IPS panel එකක් හෝ 165 Hz ක refresh rate එකක් සහිත 1440p IPS panel එකක් ලෙසින් ඔබ කැමති ආකාරයක් තෝරාගත හැකිය.

Strix Scar 15 හා Strix Scar 17 යන Laptops දෙකටම CPU විදියට 8 core/16 thread architecture එකෙන් සහිත AMD Ryzen 9 5900HX එකක් දක්වා ලබාගන්න පුලුවන්.ඒවගේම මෙම Laptops දෙකට GPU එක විදියට 16GB Nvidia GeForce RTX 3080 graphic card එකක් දක්වා ඔබට මිලදී ලබාගත හැකිවනවා.

මෙම Laptops දෙකටම 32GB DDR4-3200MHz  දක්වා RAM එකක් සහිතව මිලදී ගත හැකිවන අතර එය 64GB දක්වා upgrade කරගැනීමේ පහසුකමද පවතිනවා.

නවතම Scar Series එක තුළ optical-mechanical keyboard එකක් සහ Dolby Atmos තාක්ෂණය සහය දක්වන සහ two-way AI noise cancelation පද්ධතියක් අඩංගු වන Speakers 4 ක් ද අඩංගු කර තිබෙනවා.

Strix G15 සහ Strix G17

Strix G15 Laptop එකට අගල් 15.6 ක display එකක් පවතින අතර Strix G17 Laptop එකට අගල් 17.3 ක display එකක් පවතී. මීට අමතරව මේවායෙ display තෝරගත හැකි ආකාර 2 කි.එනම්, 300 Hz ක refresh rate එකක් සහිත 1080p IPS panel එකක් හෝ 165 Hz ක refresh rate එකක් සහිත 1440p IPS panel එකක් ලෙසින් ඔබ කැමති ආකාරයක් තෝරාගත හැකිය

Strix G15 Laptop එකේ CPU එක ලෙසින් AMD Ryzen 9 5900HX පැමිණෙන අතර Strix G17 Laptop එකේ CPU එක වෙන්නෙ AMD Ryzen 7 5800H Processor එකයි.

Strix G15 Laptop එකෙහි GPU වෙන්නෙ Nvidia GeForce RTX 3070  8GB graphic card එක වන අතර Strix G17 Laptop එක්හි GPU විදියට Nvidia GeForce RTX 3060 6GB graphic card එකක් අඩංගු කර ඇත.

Asus TUF A15

මෙහි Display එක විදියට අගල් 144 Hz refresh rate එකක් සහිත අගල් 15.6 ක FHD display එකක් අඩංගු වේ. Asus TUF A15 laptop එකට AMD Cezanne Ryzen 7 5800H CPU එකක් සහ Nvidia GeForce RTX 3060  6GB graphic card එකක් සමගින් මිලදීගත හැක.

මෙහි Storage සදාහා PCIe SSD slots දෙකක් අඩංගු වන අතර DDR4-3200MHz 32GB දක්වා RAM එකක් ලබාගත හැකිවනවා.

Source: Beebom