Loading...
Bezel-Less Phone කරලියට ආවේ මෙහෙමයි

ඔන්න අද කතා කරන්න යන්නෙ ටිකක් වෙනස්ම ආකාරයේ Topic එකක් ගැන. මේ ටිකේම ඒකාකාරී ලිපි වලට හිර වෙලා හිටිය නිසා වෙනසකටත් එක්ක අතීත ආවර්ජනයක් ගෙන්න හිතුවා Android, Apple Users ලා සේරටම පොදුවේ. Topic එක දැකපු ගමන්ම දැන් හැමෝම වගේ දන්නවා කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා. ඒ තමා මේ අපි 2020 වෙනකොට Almost Bezel Less Device Use කරනකොට අපි 2014 හිතුවේ නැහැ අනාගතයේදි මෙහෙම Device එයි කියලා.

ඒ කොහොම උනත් Bezel Less Device වලට අඩි තාලම වැටුනේ 2014 දි ඒ වගේම මේක Trend එකක් උනේ 2016 වනකොට. මේ හැමදේ ගැනම අද ලිපියෙන් ඔයාලා හැමෝටම වගේ දැන ගන්න පුලුවන් එහෙනම් කියවලා බලන්න කොහොමද කියලා. හොදයි වගේ නම් අනිත් අයටත් දැන ගන්න මතක ඇතුව Share කරන්න.

ඉහත සදහන් කරපු ආකාරයට Bazel Less කියන වචනය වත් හරියට අපි 2014 වනකොට අදුරගෙන තිබුනේ නැ කොහොම උනත් එවකට තිබුන Trend එක සහා Design වෙනස් කරමින් Japanese Electronics Giant කෙනෙක් වෙන SHARP ආයතනය 2014 අගෝස්තු වලදි Release කරනවා AQOUS Crystal යනුවෙන්.

Aquos crystal - Source google.com

අගෝස්තු වෙනකොට මේ Device එක හැදින්වුවේ world’s first bezel-less or edgeless display smartphone යනුවෙන්. 78.5% screen-to-body ratio විදිහට මෙය හදුනවා දී තිබුනා ඒ වගේම එවකට Apple ආයතනය ව්සින් Design අතින් ඉතාමත් ඉහල මට්ටමේ Device එලිදක්වමින් තිබුන කාලයක්. මේ වකවානුවේදි තමා iPhone 6 එලිදක්වන්නේ Apple ආයතනය විසින්. හැමෝම වගේ හිතුවේ මේ Design එක තමා Future එක වෙන්නෙ කියලා කොහොම උනත් ඒ මතයන් වෙනස් කරමීන් අද වන විට Aqous Crystal දුරකථනය දැමු අඩි තාලම Apple ආයතනයද අනුගමනය කරන්න අරන් 2020 වන විට Bezel Less කියන මතය හැමෝටම පොදු එකක් වෙලා.

AQOUS Device එක හිතපු තරම් ඒ වෙනකොට ජනප්‍රිය උනේ නැ කොහොම උනත් අනෙකුත් Mobile Phones Companys මේ Trend එකට ටික ටික යොමුවෙමින් පැවතුනා එයට නියම උදාහරන ටිකක් මම දක්වන්නම්. South Korean Electronics Giant Samsung ආයතනය 2014 සැප්තැම්බර් මාසය වන විට Galaxy Note Edge දුරකථනය හදුන්වා දුන්නා. ඒ වෙනකොට Edge Display එකක් සමග පැමිනි පලවෙනි Device එක එය වුනා. Screen-to-body ratio of 77.2% ලෙස.  AQOUS Device එකත් සමග බැලුවම Side Bezels සම්පූර්නයෙන්ම වගේ ඉවත් උන පලවෙනි Device එක බවටත් මේ Note Edge Device එක පත් උනා. මෙතනින් නොනැවතුන Samsung ආයතනය Dual Edge Device ද Release කරන්න පටන් ගත්තා Galaxy S6 Edge යනුවෙන්.

Samsung Edge - Source google.com

මේ කරුනු කාරනා ඔහොම වෙද්දි Xiaomi කියන ආයතනයේ නම ටිකෙන් ටික සමාජ ගත වෙන්න ගත්තා මට මතක විදිහට 2016 දි තමා මේ දේ වෙන්න ගත්තේ. වැඩිදුරටත් මේ ගැන කතා කරොත් මේ අඩි තාලම AQOUS එක දැමුවත් මෙය අපි අතරේ ජනප්‍රිය කිරීමට සහා Bezel යන වචනය අපි අතරට ගෙන්න ගොඩක්ම හේතු උනේ Xiaomi ආයතනයයි. Xiaomi කියන්නේ Innovations වලින් අදටත් ඉදිරියෙන්ම ඉන්න ආයතනයක්, අවිවාදයෙන් එය පිලිගන්න පුලුවන්.

මේ Trend එක අපි අතර ගෙන්න ගොඩක්ම ඉවහල් උනේ Xiaomi Mi Mix යන Device එකයි. Xiaomi කියන නම මගේ හිතට වැදුන පලවෙනි Device ඒක මේය උනා. මේ Device එක බැලුවොත් බොහෝ දුරට AQOUS Device එකට සමානකම් කියනවා. 91.3% screen-to-body ratio විදිහට සදහන් වන මේ Device එකෙහි Top Bezel එක සම්පූර්ණයෙන්ම වගේ ඉවත් වෙලා තිබෙනවා. මේ වකවානුව වෙනකොට කිසිම Device එකක් මේ ආකාරයේ Bezel Less Device එකක් Release කර තිබුනේ නෑ. Mi Mix Device එක අපිට Trend Setter විදිහට හදුන්වන්න පුලුවන්.

Mi Mix - Source Android Authority

Trend එක එසේ පටන් ගනිද්දි ඒ වෙනකොට අපි කවුරුත් දන්න Brand එකක් වෙන Samsung ආයතනද මේ Trend එක අනුගමනය කරන්න ගත්තා. ඒ වගේම LG ආයතනයද මෙය අනුගමනය කරන්න පෙලබුනා Samsung ආයතනය සමග. Samsungලා Galaxy S8 Device එක 78.6 & 83.6% screen-to-body ratio ලෙස Release කරන විට LG ආයතනයද LG G6 Deice එක Release කරනු ලැබුවා. ඒ වෙනකොට Xiaomi ගැන නම් ගොඩක් අය දැනන් හිටියේ නැති උනත් Samsung ලා මේ දේට යොමු උනාට පස්සෙ Xiaomi Mi Mix වලට බැනපු අයද මෙ Bezel Less Look එකට කැමති වෙන්න පටන් ගත්තා.

Bezel Less Device වල Feture එක එන්න එන්නම වෙනස් වෙනවා. 2020-2021 වෙනකොට මේ තත්වේ තව දුරටත් වෙනස් වෙලා තියෙනවා. මේ ලිපියට එන ප්‍රතිචාර සමග මම Future Of Bezel Less Smartphones ගැනත් ලිපියක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.