Loading...
DIY Spy Detector එකක් හදමු 03

3: Main Programming

අපි අද කතා කරන්න යන්නෙ මේකේ Main programming Part එක ගැන. කලින් Post දෙක බැලුවෙ නැත්නම් ඒ දෙක මුල ඉඳන් බලල ආව නම් හොඳයි. නැත්නම් මේ මොකක්ද කියවන්නෙ කියලවත් තේරෙන එකක් නෑ.

එහෙනම් පටං ගමු.

මම දෙනව Arduino codes දෙකක්. එකක් දාන්න ඕනේ pro mini එකට. අනික beetleඑකට. Code files වල Dongle කියල තියෙන එක beetle board එකටත් Remote කියන code එක pro mini එකටත් දාන්න ඕනෙ.

Dongle Code:

හරි ඉස්සෙල්ලම Dongle code එකෙන් පටන් ගමු. මේක open කරල beetle එක  connect කරන්න PC එකට. මේක නිකන් හරියට mouse වල එන පොඩි USB dongle එක වගේ. ඊට පස්සෙ Arduino software එකේ tools – board වලට ගිහිල්ල එතනින් select කරන්න Arduino Leonardo කියන board එක. කලින් UNO එකේදි වගේම බලන්න Port එක හරියට select වෙලාද කියල. පස්සෙ අර upload button එක press කරල upload කරන්න. ඊට පස්සෙ ඒක ගලවන්න.

Remote Code:

දැං අපි බලමු කොහොමද  pro mini එකට code එක දාන්නෙ කියල. ඒක පොඩ්ඩක් tricky. ඒකට ඕන කරනව mini USB cable එකයි FTDI board එකයි. එක connect කර ගන්න විදිය ගැන මං දාන්නම්.

ඊට පස්සෙ සුපුරුදු විදියට tools වලින් board එක  select කර ගන්න ඕනෙ. මේ පාර Arduino Mini කියන එක select කරල දෙවනියට දුන්න Remote code එක ඒකට upload කරන්න ඕනෙ.

හරි. Programming part එක මෙතනින් ඉවරයි. අපේ වැඩේ Final part එක එහෙමත් නැත්නම් Wiring and Finishing part එකෙන් ආයෙ හමුවෙමු.