Loading...
ඔබගේ දරුවා මෘදුකාංග ඉංජිනේරුවෙකු කරන්නට ලක්ෂ 25ක පාඨමාලවක් නොමිලේ ලබා දෙන කෝඩින් පාස​ල

දැනට වසර දෙක තුනක සිට පවතින ලෝක ආර්ථිකයේ පසුගාමී ස්වභාවය හමුවේ පවා “මෘදුකාංග ඉංජිනේරු නොහොත් Software Engineering වෘත්තියෙහි රැකියා අවස්ථාවන් මේ ගෙවීයන දශකය තුළදී 30% කින් පමණ වර්ධනය වනු ඇති බව එක්සත් ජනපදයේ කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයෙහි නවතම වාර්තා මඟින් පෙන්වා දෙනවා. මෙය එරට සමස්ත රැකියා වර්ධනය පිළිබඳ බලාපොරොත්තු වන අගය (14%) මෙන් දෙගුණයකටත් වැඩිය. තවද Wall Street Journal පුවත්පත පළ කර ඇති සංගණනයක් මගින් එක්සත් ජනපදයේ වෘත්තීන් 200 ක් අතුරින් හොඳම වෘත්තිය ලෙස මෘදුකාංග ඉංජිනේරු වෘත්තිය නම් කරලා තියෙනවා.

බොහොමයක් අයගේ රැකියාව තෝරාගැනීමේ අවධානය මේ Software Engineering වෙත යොමුවිමට ප්‍රධාන හේතු ලෙස,

  • රැකියා අවස්ථා බහුල විම හා ඉහල වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීමට හැකිවීම.
  • පෞද්ගලික අධ්‍යාපන ලබා දෙන ආයතන බහුල වීම.
  • කුඩාකාලයේ සිට පරිගණක සමග සිටිම නිසා ඇතිවුන ආසාව හා පුරුදු බව.

දක්වන්න පුළුවන්.

මේකෙන් මුල්ම හේතුව නිසා ඔබ මේ ක්ෂේත්‍රය තෝරාගන්නවා නම් ඔයා මුලින්ම දෙපාරක් හිතලා බලන්න ඕනේ. පිටින් සුන්දර ලෙස පෙනුනාට Software Engineering ක්‍ෂෙත්‍රය කියන්නේ ටිකක් stressful, වැඩ වැඩි වගේම සමහරුන්ට ඉක්මනට එපා වෙන එකක්. විශේෂයෙන් වැඩිපුර වෙලාවක් පුටුවක් උඩ ඉන්න වෙන එක නම් කොහොමත් වලක්වගන්න බෑ . ඒ විතරක් නෙවේ ලංකාවේ තියන හොදම Degree එකක් කරලා ඒකේ Batch Top උනත් ප්‍රයෝගිකව වැඩක් කරන්න හැකියාවක් නැත්නම් Field එකේ ටිකක් Survive වෙන්න අමාරුයි.

මෘදුකාංග ඉංජිනේරු වෘත්තිය යනු තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ ඇති විවිධ වූ වෘත්තීන් අතරින් එකක්. දෘඩාංග, පරිගණක ජාලකරණ, දත්ත-ගබඩා කළමණාකරණ, පරිගණක පද්ධති ආදී වූ විවිධ අනු ක්ෂේත්‍ර රැසක විහිදී ඇති ඉංජිනේරු වෘත්තීන් රැසක් අතර මෘදුකාංග ඉංජිනේරු කියන්නේ ඒ අතරින් එක් විශේෂිත වෘත්තියකි. මෘදුකාංග ඉංජිනේරු වෘත්තිය කියන්නේ සරලව කියනවනම් Programming එහෙමත් නැත්නම් Coding කරන එක. Software Engineering වලදී මුලික වශයෙන්ම තියෙන්නේ software coding කරන එක. මේ අංශයෙන් ඉදිරියට යනවානම් අනිවාර්යෙන්ම Programming Language දෙක තුනක්වත් හොදින් දැනගන්න වගේම භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ.

ප්‍රථමයෙන්ම මෘදුකාංග ඉංජිනේරුවෙකුට දෘඩාංග සම්බන්ධයෙන් අවශ්‍ය වන දැනුම හා අවබෝධය කෙබඳු දැයි සලකා බලමු.

මෘදුකාංගයක් යනු ගොඩනැගිල්ලක් නම්, CPU එක, Ram එක, දෘඩ තැටිය යනාදී උපාංග සියල්ලේ සංකලනය එම ගොඩනැගිල්ලේ අත්තිවාරම ලෙස දක්වන්න පුළුවන්. සාර්ථක මෘදුකාංග ඉංජිනේරුවෙකු වීම සඳහා දෘඩාංග නිර්මාණයට හා නිපදවීමට දැනුමක් අවශ්‍ය නොවේ. එවැනි දැනුමක් අවශ්‍ය වන්නේ දෘඩාංග ඉංජිනේරුවෙකු වීම සඳහායි. (පරිගණකයක උපාංග එකලස් කිරීම වැනි ක්‍රියා hardware engineering නොවන බවත් ඒවා සරල නඩත්තු ක්‍රියා බවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතුය). දක්ෂ මෘදුකාංග ඉංජිනේරු‍වෙකුට අවශ්‍ය වන්නේ දෘඩාංග මගින් මෘදුකාංග වල නිවැරදි හා ඉක්මන් ක්‍රියාකාරීත්වය සඳහා සපයන සේවා හා යටිතල පහසුකම් පිළිබඳ නිවැරදි නිරවුල් අවබෝධය යි.

උදාහරණයක් ලෙස, මතක පද්ධතියේ වේගය හා විශාලත්වය අනුව ඇති වන memory hierarchy එක සහ ක්‍රියාත්මක වන මෘදුකාංගයක් මගින් එම hierarchy එකෙ විවිධ ස්ථර වල ඇති දත්ත read/write speeds පිළිබඳ දැනුම දැක්විය හැක. විවිධ මතක චිපයන් හි දත්ත ගබඩා කෙරෙන තාක්ෂණය හා එක් එක් ස්ථරයේ මතක ගබඩා වල පිරිවැය (cost) පිළිබඳ දැනුවත් වීමද වැදගත් වේ. බාල ගණයේ මෘදුකාංගයක් නිපදවා එහි ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා මිළ වැඩි දෘඩාංග යොදා ගන්නට යැයි සේවාදායකයන්ට පවසන්නේ නම් එවැනි අයෙක් දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවෙකු වශයෙන් සැලකිය නොහැකිය. පරිගණක මතකය ගැන ගත් උදාහරණයට සමාන උදාහරණ අනෙකුත් දෘඩාංග සම්බන්ධයෙනුත් අදාළ වේ.

දෘඩාංග විසින් සැපයෙන අත්තිවාරම උඩ ක්‍රියාත්මක වන මෘදුකාංග ද විවිධ ස්ථර කිහිපයක ට වෙන් කර හඳුනාගත හැකිය. භාවිත මෘදුකාංග (application software) හා පද්ධති මෘදුකාංග (system software) යන ප්‍රධාන කොටස් දෙකකට මේවා වර්ගීකරණය වේ.

මෘදුකාංග ඉංජිනේරුවෙකුට මේ කාණ්ඩ දෙකටම අයත් ස්ථර වල නිර්මෘණකරණයේ යෙදිය හැකි මුත් සාමාන්‍යයෙන් මෙම ක්ෂේත්‍රයේ රැකියා ඇත්තේ ඒවායින් එක කාණ්ඩයකට සීමා වන ලෙසයි.

විවිධ ස්ථර පිළිබඳ නිවැරදි දැනුම ට අමතරව මෘදුකාංග නිර්මාණකරනය ට අදාළ වන විෂයයන් හා මෙවලම් ගැන හොඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක්ද තිබීම අත්‍යවශ වේ. Computer Architecture, Operating Systems, Data Structures and Algorithms, Object Oriented Analysis and Design, Compiler Theory, Programming Theory සහ Database Designing වැනි විෂයයන් ගැන නිවැරදි දැනුම දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවෙකුගේ දැනුමේ නිත්‍ය හා ප්‍රමුඛ අංගයන් වේ. එසේම compilers, debuggers සහ test tools වැනි මෙවලම් ගැන ප්‍රායෝගික දැනුම ද මෘදුකාංග නිර්මාණ ක්‍රියාවලිය (software development life cycle) ගැන අවබෝධය ද ඉතා වැදගත් වේ.

වර්තමානය වන විට ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවෙකුගේ මූලික වැටුප පහත පරිදි වේ.

E-mail යවන්නට දැන ගැනීම, අන්තර්ජාලයේ සැරිසැරීම හෝ MS Office වැනි මෘදුකාංග පැකේජයක් අත පත ගා යමක් කර ගැනීමට හැකි වීම ඉහළ මට්ටමේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු වන්නට සුදුසුකමක් නොවේ. එම දැනුම මගින් යම් අයෙකුට දත්ත ඇතුළත් කරන්නෙකු (Data Entry Operator) වැනි ආරම්භක ශ්‍රේණියක ලිපිකාර රැකියාවක් ලබා ගත හැකි වනු ඇත. කෙනෙකු ලබන අධ්‍යාපනය හා පුහුණුව අනුව ඕනෑම ක්ෂේත්‍රයක වැඩි හා අඩු වැටුප් තල වල ඇති රැකියාවන් තිබෙන අතර තොරතුරු තාක්ෂණයේදීත් මේ තත්ත්වය එලෙසම පවතී. CPU Chip Designer, Software Architect වැනි වැඩි වැටුප් ඇති වෘත්තීන් හි සිට Computer Assembler, Programmer වැනි ආරම්භක වැටුප් ඇති වෘත්තීන් දක්වා ඇති විශාල පරාසයක මෙම රැකියා විහිදේ.

මෘදුකාංග ක්ෂේත්‍රයේ දක්ෂ වෘත්තියකුට වීමට ඔබත් බලාපොරොත්තු වන්නේ නම් මෙම කරුණු පිළිබඳ හොඳ අවධානයක් යොමු කල යුතු බව පැවසිය හැකිය. ලොව ජයගන්නා සාර්ථක මෘදුකාංග ඉංජිනේරුවන් අප රටෙන් බිහි කල හැකි බව දැනටමත් සනාථ වී ඇත.

මෘදුකාංග ඉංජිනේරු වෙළඳපලට ශ්‍රී ලාංකිකයන් බිහි කරන DP Education Coding පාසල

ගෝලීය වෙළඳපලේ ඇති මෙම රැකියා ඉල්ලුමට අදාලව ශ්‍රී ලාංකික දුවා දරුවන් පුරුදු පුහුණු කිරීම සඳහා කෝඩින් පාස​ල ඔබට පිරිනමන්​නේ ධම්මි​ක හා ප්‍රිසිලා පෙරේ​රා පදනම හරහා මෙහෙය වෙන DP Education ව්‍යාපෘතිය හරහාය.

මේ කෝඩින් පාසල හරහා පැවැත්වෙන පාඨමාලාවට කිසිදු මූලික දැනුමක් නොමැති අයෙකුට පවා කෝඩින් ඉගෙන ගැනීම සඳහා නිර්මානය කරන ලද පාඨමාලවක් වන අතර රුපියල් මිලියන 2.5ක් අගයක් ගන්නා මේ පාඨමාලා​ව නොමිලේම DP Education හරහා ලබා දෙනු ලබනවා.මෙහි ප්‍රධානත අරමුණ වනුයේ ඩිජිටල් සාක්ෂරතාවයෙන් සහ නිපුණතාවලින් සමන්විත ශ්‍රමබලකායක් ශ්‍රී ලංකාව තුල බිහි කිරීමයි. මේ හරහා ශ්‍රී ලංකාවේ 63%ක්ව පවතින නුපුහුණු ශ්‍රම බලකායේ ප්‍රතිශතය 63% සිට 10% දක්වා පහත හෙලීමද මෙහි ප්‍රධානතම අරමුණක් වනවා.

කෝඩින් පාසල ගැන වැඩි විස්තර

මෙම වැඩසටහන ව්‍යාපෘති 324කින් සමන්විත වන අතර භාෂාමය ගැටළු වලක්වාලමින් සිංහල සහ දමිල මාධ්‍යන්ගෙන් මේ වැඩසටහනට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා. මේ වැඩසටහන සඳහා සහභාගි වීමට ඉංග්‍රීසි භාෂාමය දැනුම අනිවාර්ය නොවේ. නමුත් මෙම පාඨමාලා​ව තුලදී ඔබට ඉංග්‍රීසී භාෂාව පිළිබඳ දැනුමද යම් මට්ටමකට වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙම කෝඩින් පාසල පාඨමාලව අවසානයේදී මොරටු විශ්ව විද්‍යාලය මඟින් ලබා දෙන Trainee Full-stack developer මාර්ගගත පාඨමාලාව හැදෑරීම සඳහා යොමු විය හැකි අතර කෝඩින් පාසල පාඨමාලාව හරහා කෝඩින් ඉගෙන ගෙන ඉදිරියට යන අයට පහසුවෙන්ම Web Developer, Full stack Web Developer, Software Application Developer, Computer Programmer, Data Scientist වැනි රැකියා වෙත පිවිසීමට අවශ්‍ය කෙරෙන අඩිතාලම සැකසෙනවා.

මෙම ව්‍යාපෘති 324 ප්‍රධාන වශයෙන් කොටස් 12කට බෙදා තිබෙනවා

  1. Story Telling and Game Design
  2. Utility Apps
  3. UI/ UX Design
  4. Full-stack Apps
  5. Single Player Games
  6. Space Tech Simulations
  7. Memory Based Games
  8. Artificial Intelligence
  9. Mobile App Development
  10. Apps Using Databases
  11. Native Apps
  12. Code a Satellite Program

කෝඩින් පාසලට සම්බන්ධ විය හැක්කේ කාටද?

පළමු ශ්‍රේණියේ සිට ඕනෑම වසරක් දක්වා වන සිසුන් මේ සඳහා සම්බන්ධ කර ගත හැකි අතර Programming languages ඉගෙන ගැනීමෙන් Software Engineer කෙනෙකු වීමට කැමති ඕනෑ​ම කෙනෙකුට මෙයට සම්බන්ධ වී ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ සඳහා සහභාගි වන්නේ කෙසේද?

මේ පාඨමාලව සඳහා සහභාගි වීමට කැමති ඕනෑම අයෙකුට https://dpcode.lk/ වෙබ් අඩවියට පිවිස වැඩි විස්තර ලබා ගනීමට හැකියි. කෙසේ නමුත් කෝඩින්

පාසල හරහා ඉගෙනීමට අවශ්‍ය නම්, https://code.org යන වෙබ් අඩවියට පිවිස එහි ගිණුමක් විවෘත කර ගැනීම අවශ්‍ය වනවා. ඒ සඳහා ඔබට ඊමේල් ගිණුමක් අවශ්‍ය වන අතර එම ඊමේල් ගිණුම සඳහා දෙමව්පියන්ගේ ඊමේල් ගිණුම භාවිතා කර හැකියි. code.org හි ගිණුම නිර්මණය කරගන්නා ආකාරය ඔබට පහත වීඩියෝවෙන් නැරඹීමට හැකියි.

කෝඩින් පාසල පිළිබඳව පැවැත්වූ පුහුණු සැසියේ වීඩියෝව නැරඹීමෙන් ඔබට මේ පාඨමාලව පිළිබඳව වැඩිදුර විස්තර ගැඹුරින් ලබා ගත හැකියි.

මේ පාඨමාලව හරහා ඔබගේ දරුවා 21 වන සියවසට ඔබින, 4 වන කාර්මික විප්ලවයේ අභියෝග ජය ගත හැකි පුද්ගලයෙකු මෙන්ම රටේ සංවර්ධනයට උපරිම ලෙස දායක වන පුද්ගලයෙකු වනු ඇත.