Loading...
Facebook සහ Instagram පරිශීලකයන්ට තම stories පහසුවෙන් cross-post කිරීමේ පහසුකම අත්හදා බලයි

මේ වන විටත් Instagram පරිශීලකයන්ට තම Facebook ගිණුම වෙත stories share කිරීමට "Share to Facebook Story" ලෙස පහසුකමක් ලබා දී ඇති අතර ඒ හරහා ස්වයංක්‍රියවම Instagram story එකක් Facebook story එකක් ලෙස share කල හැකිය. දැනට පවතින නවතම පරීක්ෂණයකට අනුව Facebook පරිශීලකයන්ට තම stories, Instagram වෙත පලකිරීමේ පහසුකමක් Facebook ආයතනය විසින් අත්හදා බලමින් සිටී.

මෙහිදී Facebook වෙතින් Instagram වෙත share වුන stories නිල් පැහැති රවුමකින් පෙනවන අතර Instagram stories පෙරපරිදිම එහි වර්ණයෙන් පෙන්නුම් කරනු ඇත. නමුත් Facebookහි සිටින, Instagramහි තමන්ව follow කරන අයට මෙම stories දර්ශනය කිරීම සිදු නොවේ.

එමෙන්ම අදාල stories සියල්ලටම Instagramහි views සහ replies පවා ඒ ආකාරයටම ලබා දීම සිදු කර ඇත. මේ පහසුකම ලබා දීමට හේතුව වී ඇත්තේ, Facebookහි වැඩියෙන් සක්‍රීය පරිශීලකයන්ට තම stories පහසුවෙන් හා ඉක්මනින් එකවර Instagram වෙත පලකිරීමට අවස්ථාව ලබා දීමටයි.]

මේ පිළිබඳව මුලින්ම ප්‍රකාහ කිරීම සිදු කර ඇත්තේ Twitter පරිශීලකයෙකු වන Matt Navarra විසිනි. ඔහු විසින් Facebook ආයතනයේ ප්‍රකාශකවරයෙකු වන Alexandru Voicaගෙන් මේ පිළිබඳව විමසා සිටීමෙන් අනතුරුඅව එහි තහවුරු කිරීම පහත පරිදි තම Twitter ගිණුමේ සටහන් කර ඇත. Matt Navarra යනු ලොව ප්‍රසිද්ධ Social Media Consultant වරයෙකු වන අතර මීට පෙර The Next web හි සේවය කල අයෙක්ද වනවා.

එහිදී Voica විසින් ලබා දුන් පිලිතුර පහත පරිදි දැක්වේ.

“We’re testing a new feature that gives people the option to view stories from Instagram on Facebook, making it easier to view moments from people you care about, regardless of what app you’re using. To see Instagram Stories on Facebook, people must have their accounts linked and opt into the experience,”'

මෙම පහසුකම ඔබට අවශ්‍ය නම් පමණක් භාවිතා කල හැකි අතර, මෙය භාවිතා කිරීමට අකමැත්තක් දක්වන අයට මෙය න්හාවිතා කිරීමෙන් වැලකී සිටිය හැකිය. Facebook විසින් තවමත් මෙම පහසුකම සම්බන්ධව testing කරමින් සිටින අතර, නුදුරු සති කිහිපයක් තුලදී අපට මෙම පහසුකම අත්විදීමේ හැකියාව ලැබෙනු ඇත.

Sources: 9t05mac & The Verge