Loading...
Firefox Private Network එක Mozilla VPN ලෙස නිකුත් කිරීමට නියමිත බව Mozilla සමාගම පවසයි

In-browser VPN service ආරම්භ කිරීමෙන් පසු සහ Android සඳහා මෙම සේවාව invite-only ලෙස ලබාදීමෙන් පසු Mozilla එහි VPN සේවාවේ beta version එක  Firefox Private Network ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයට ලබා දී ඇත.

මෙහි stable version එක නිකුත් වන්නේ Firefox Private Network ලෙස නොව, Mozilla VPN ලෙස පැමිනෙනු ඇත. Mozilla සමාගමේ blog සඳහන් කොට ඇත්තේ මෙම සේවාව එහි beta tester ලාගෙන් 70% එකට අල්ලලා ගිය බවත් 83%  භාවිතා කිරීමට පහසු වූ බවත් ය.

Mozilla VPN කෙටි කාලයකට නොමිලේ ලබාදෙන අතර මසකට $4.99 ගෙවා subscription ලබාගත හැක.Windows 10, Android, Chromebook හා iOS platforms වලට මෙම සේවාව ලබා දෙන අතර ඉදිරි කාලයේදී Mac හා Linux වලටද ලබා දෙනු ඇත.

Mozilla in-browser VPN beta version මුදලක් අය නොකරන අතර stable version සඳහා මසකට $2.99 අය කරන බව එම සමාගමේ blog සඳහන් කොට ඇත.

Source: Mozilla Blog