Loading...
මරණය සමඟ කරන සෙල්ලම Formula 1

ෆෝමියුලා වන් මෝටර් රථ යනු තනි ආසනයක්,ඉදිරිපස සහ පිටුපස පියාපත් සහිත විවෘත රෝද සහිත මෝටර් රථයක් වන අතර ෆෝමියුලා වන් ධාවන තරඟවලදී තරඟයට භාවිතා කිරීමට අදහස් කරන එන්ජිම රියදුරු පිටුපස ස්ථානගත කර ඇත.මෙහි ඇති විශේෂත්වයක් වන්නේ මෝටර් රථ සැලසුම් සහ නිෂ්පාදනය බාහිරින් ලබා ගත හැකි වුවද මෝටර් රථය මෝටර් රථ ධාවන කණ්ඩායම් විසින්ම සෑදිය යුතු වීමයි.

හරි අපි එකින් එක බලමු ෆෝමියුලා වන් කාර් එකක මොනවද තියන කොටස් කියලා.

චැසිය(Chassis)

වර්තමානයේ නිපදවනු ලබන ෆෝමියුලා වන් මෝටර් රථ සාදනු ලබන්නේ කාබන් ෆයිබර් සහ ඒ හා සමාන අතිශය සැහැල්ලු ද්‍රව්‍ය වලිනි.මෙම මෝටර් රථයක තිබිය යුතු බර ලෙස නියම කර ඇත්තේ රියදුරු ද ඇතුළත්ව 740kg (1631lb) වේ.(ඉන්ධන නොමැතිව)

Chassis

එන්ජින්(Engine)

2014 වර්ෂයෙන් පසු F1 මෝටර් රථ වල 1.6L V6 turbocharged එන්ජිමක් භාවිතා කරනු ලබයි.මෙම එන්ජිමකට අශ්වබල 1400ක් පමණ බලයක් පවතී.1989 සිට තහනම් කර තිබූ ටර්බෝචාර්ජ් එන්ජින් 2014 වර්ෂයෙන් පසු නැවත ලබාදිමෙන් 29% ක පමණ ඉන්ධන කාර්යක්ෂමතාවක් අත්කර ගැනීමට හැකිව තිබේ.

Engine

සම්ප්‍රේෂණ (Transmission)

ෆෝමියුලා වන් මෝටර් රථ වල පැඩල්-ෂිෆ්ටර් සහිත ගියර් පද්ධතියක් භාවිතා වේ.මෙහි ගියර 8ක් පමණ ඇත.(පිටුපස ගියරයද ඇතුළත්ව(Reverse gear))මෙම ගියර් පෙට්ටිය නිපදවීම සඳහා කාබන් ටයිටේනියම්(Carbon titanium) යොදාගනු ලබයි.

වායුගති විද්‍යාව (Aerodynamics)

මෙම ක්‍රීඩාවේ සාර්ථකත්වය සඳහා වායුගතික විද්‍යාව ප්‍රධාන වී ඇති අතර කණ්ඩායම් සෑම වසරකම ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන සඳහා ඩොලර් මිලියන ගණනක් වැය කරනු ලබයි.මෙලෙස වායුගතිකව නිර්මාණය මගින් බොහෝ වාසි ලබාගත හැකි වේ.මෝටර් රථයේ ටයර් ධාවන පථයට තල්ලු කර තබාගැනීම,වංගු වලදී වැඩි ස්ථාවරත්වයක් පවත්වාගැනීම,ගැස්සීම් නිසා ඇති වන ඇදගෙනයාම් අවම කිරීම යන වාසි ඒ අතර ප්‍රධාන වේ.

වායු පෙට්ටිය (Air Box)

රියදුරුගේ නියමු කුටියට පිටුපසින් සිදුරක් සහිත ව්‍යුහයක් ඔබ දැක ඇති.මෙම ව්‍යුහය වායු පෙට්ටිය ලෙස හඳුන්වයි.(Air Box)මෙම වායු පෙට්ටි අරමුණු 2ක් ඉටු කරනු ලබයි.මෙය මගින් අධිවේගීව චලනය වන වාතය ලබා ගන්නා අතර එය එන්ජිමේ අභ්‍යන්තරයට සපයයි.මෙම අධිවේගී වාතය පීඩනයට පත්වන අතර එක සම්පීඩිත වේ.මෙම අධි පීඩන් වාතය එන්ජිමට සපයන විට එහි බලය සැලකිය යුතු ලෙස වැඩි වේ.මෙහි දෙවන වාසිය වන්නේ මෙම වායු පෙට්ටියේ විශාලත්වයයි.විශාල ප්‍රමාණයේ වායු පෙට්ටි වෙළෙඳ දැන්වීම් සඳහා විශාල ආදායමක් උපයා දෙයි.(තේරුනේ නැද්ද?ස්පොන්සර්ස්ලගෙ ඇඩ් ඩිස්ප්ලේ කරනවා කියලා කියන්නෙ.)

Air-Box

සුක්කානම (Steering Wheel)

ෆෝමියුලා වන් මෝටර් රථ වල සුක්කානම ඉතාම වැදගත් උපාංගයක් වේ.මෙහි සුක්කානම භාවිතා කරමින් ගියර් වෙනස් කිරීම,ඉන්ධන/වායු මිශ්‍රණය සකස් කිරීම,තිරිංග පීඩනය වෙනස් කිරීම,ගුවන් විදුලිය මගින් කණ්ඩායම ඇමතීම,එන්ජින් ආර්පීම්,ලැප් ටයිම්ස්,වේගය සහ ගියර් වැනි දත්ත LCD තිරයක පෙන්වයි.ගියර් මාරු කල යුතු කාලය පෙන්වන LED ලයිට් පේලියක් ද ඇතුළත් වේ.මෙම සුක්කානම පමණක් ඩොලර් 50,000 ක පමණ මිලක් වේ.කාබන් ෆයිබර් භාවිතා කරන අතර බර 1.3kgක් පමණ වේ.මර්සිඩීස් වැනි ඇතැම් කණ්ඩායම් ඔවුන්ගේ සුක්කානම් මත විශාල LCD තිර භාවිතා කිරීම නිසා රියදුරන්ට ඉන්ධන ප්‍රවාහය සහ ව්‍යාවර්ථ භාරදීම වැනි අමතර තොරතුරු දැක ගත හැකිය.වඩා වෙනස් මෘදුකාංග භාවිතා කිරීමට හැකියාව ඇති නිසා ධාවකයන්ට පහසු පරිදි සුක්කානම වෙනස් කල හැකිය.

Steering Wheel

ඉන්ධන (Fuel)

F1 මෝටර් රථවල භාවිතා කරන ඉන්ධන සාමාන්‍ය පෙට්‍රල් වලට තරමක් සමානය. නමුත් මේවා සාමාන්‍ය මෝටර් රථ තරඟවලදී භාවිතා කරන මධ්‍යසාර මත පදනම් වූ ඉන්ධන වලට වඩා වෙනස්ව ගැසොලින්(ඔක්ටේන් වැනි) වල අඩංගු සංයෝග පමණක් භාවිතා කරනු ලබයි.

ටයර (Tyre)

2009 දී 1998 සිට 2008 දක්වා භාවිතා කරන ලද ටයර් වෙනුවට සිනිඳු ටයර් නැවත හඳුන්වා දෙන ලදි.

ටයර් පසුපස පළල 405  mm(15.9 in) ට වඩා වැඩි නොවිය යුතු අතර ඉදිරිපස 245  mm-305 mm අතර විය යුතුය.සාමාන්‍ය මෝටර් රථ ටයර් වල ආයු කාලය 80,000km වන අතර ෆෝමියුලා වන් මෝටර් රථ ටයරයක් උපරිම භාවිතා කල හැක්කේ 300km ක පමණ දුරක් පමණි.මාර්ගය වියලිව පවතින විට භාවිතා කරනු ලබන්නේ ඉතාමත් මෘදු මතුපිටක් සහිත ටයර වේ.(slick types).ෆෝමියුලා වන් සඳහා ටයර් වර්ග 5ක් ඇත.මේවා C1 සිට C5 ලෙස ලේබල් කර ඇත.2ක් තෙත මතුපිටට භාවිත කරන අතර වියලි මතුපිට සඳහා වර්ග 3ක් ඇත.

Tyre

තිරිංග (Breaks)

සෑම රෝදයකම ඩිස්ක් බ්‍රේක් භාවිතා වේ.මෙම තිරිංග සෙල්සියස් අංශක 1000ක් දක්වා අධික උෂ්ණත්වයකට ඔරොත්තුදෙන ලෙස නිර්මාණය කර ඇත. F1  මෝටර් රථයක් 200 km/h සිට 0 km/h දක්වා තත්පර 2.9කින් ගෙන ආ හැකිය.

Break

ත්වරණය (Acceleration)

පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා (පැයට සැතපුම් 62): තත්පර 2.4
පැයට කිලෝමීටර 0 සිට 200 දක්වා (පැයට සැතපුම් 124): තත්පර 4.4
පැයට කිලෝමීටර 0 සිට 300 දක්වා (පැයට සැතපුම් 186): තත්පර 8.4

අද වන විට ප්‍රධාන වශයෙන් ෆෝමියුලා වන් මෝටර් රථ එන්ජින් නිෂ්පාදකයින් වන්නේ මර්සිඩීස් බෙන්ස්,ෆෙරාරි,හොන්ඩා,රෙනෝල්ට්,මැක්ලරන් යන එන්ජින් නිෂ්පාදකයින් වේ.

මෙහි ඇති භයානකම කරුණ වන්නේ මෙම ෆෝමියුලා වන් මෝටර් රථ තුළ එයාර් බෑග්(Air Bag) එකක් හෝ නොමැති වීමයි.