Loading...
චීනයේ නිෂ්පාදිත apps සොයා ඉවත් කිරීමට සහය වන app එක Google විසින් ඉවත් කරයි

Google ලා ප්‍රසිද්ද Indian App එකක් එගොල්ලන්ගෙ Play Store එකෙන් Remove කරලා තියෙනවා. ඒ වෙන මුකුත් නෙමේ අර අපේ Phone එකේ තියෙන Chinese Apps හොයලා Remove කරන්න කට්ටිය Use කරපු App එක. Google ලා Gadgets 360 එකට Confirm කරලා තිබ්බා මේ " Remove Chinese Apps " කියන App එක Play Store එකෙන් Remove කරේ එගොල්ලන්ගේ Deceptive Behavior කියන Policy එක Violate කරපු හින්දා කියලා. මේ Policy එකෙන් කියවෙන්නෙ, third-party apps remove කරන්න users ලව encourage හෝ mislead කරන Apps තහනම් කියලා.

මේ Remove Chinese Apps කියන App එකට India වල ඉක්මනට Popular උනා. මේ App එකට 5 million Downloads තිබ්බා වගේම මේක තමා India වල Top trending free app එක වෙලා තිබ්බෙත්. මේ App එක වැඩ කරේ Phones වල තියෙන Chinese Apps Scan කරලා Chinese Apps හම්බුන්නැත්තම් pop-up message එකක් එන්න මේ වගේ " You are awesome, no China app found කියලා.

Indian users ලා මෙගොල්ලන්ගේ තරහ Direct කරලා තියෙන්නෙ ByteDance සහ Tik Tok කියන Apps වලටයි. මේකට හේතුව Mitron කියලා Indian developed alternative එකක් release වීම කියලා තමා. මෙගොල්ලෝ නම් කියන්නෙ. කොහොම නමුත් මේ Mitron කියන App එකත් Play Store එකෙන් remove කරලා තියෙනවා Google ලගේ policy violation එකක් හින්දා, CNBCTV18 ලා කියන විදියට.

මේ Remove Chinese Apps එකේ Developers ලා වෙන OneTouch AppLabs ලා removal එක එගොල්ලන්ගෙ Website එකේ Confirm කරලා තියෙනවා. නමුත් මෙගොල්ලෝ නම් කියන්නෙ App එක හදලා තියෙන්නෙ Educational purposes වලට විතරයි සහ කට්ටියට වෙන Apps uninstall කරන්න force කරන්නෙත් නෑ කියලා.