Loading...
Android 12 සංස්කරණයත් සමඟින් third-party app stores install කිරීම පහසු කිරීමට Google සමාගම සූදානම් වේ

Android OS එක බොහොම නම්‍යශීලී ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් වන අතර මේ නිදහස් හා නම්‍යශීලී ගතිය නිසාම ලෝකයේ බොහොමයක් ජංගම දුරකථන ලෝලීන් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස Android මෙහෙයුම් පද්ධතිය මඟින් බලගැන්වෙන ජංගම දුරකථනයක් තෝරා ගැනීමට පෙළඹෙනවා.

Android මෙහෙයුම් පද්ධතිය සමඟ Google සමාගම බොහොමයක් ජංගම දුරකථන වලට තමන්ගේම app store එකක් ලෙස Google Play Store ලබා දී ඇත. ඇමරිකාව විසින් පනවා ඇති තහනම් නිසා මේ වන විට Huawei ජංගම දුරකථන වලට මෙය ලබා දී නැත. එසේ Google Play Store ලබා දුන්නත් අනෙකුත් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති මෙන් නොව, Android මෙහෙයුම් පද්ධතියේදී අපට තෙවන පාර්ශව විසින් නිමැවුනු app store (Aurora Store වැනි) ස්ථාපනය කර ගැනීමේ හැකියාව ඇත. මේ වන විටත් ඇතැම් ජංගම දුරකථන නිෂ්පාදකයන් විසින් මේ Google Play store සමඟින් තමන්ගේම app store එකක් ඇතුලත් කර එවන අවස්ථා බොහොමයක් පවතී.

මේ වන විට Google සමාගම විසින් මීලඟ Android update එක හරහා තෙවන පාර්ශවයන් විසින් නිපදවූ app store install කිරීම පහසු කිරීමට ක්‍රියාකරන බව වාර්තා වනවා. මෙහිදී ඇතිවිය හැකි ආරක්ෂිත ගැටළු සඳහාද Google සමාගම විසඳුම් සොයමින් පවතින බව ප්‍රකාශ කර ඇත.

make it even easier for people to use other app stores on their devices while being careful not to compromise the safety measures Android has in place.

මෙවැනි තීරණයකට ප්‍රධාන හේතුව වී ඇත්තේ, Google සමාගම විසින් Play Store වෙතින් apps නිකුත් කිරීම සඳහා ගෙන ආ අළුත් policy එකක් නිසාවෙනි. එහිදී සියළුම developersලා විසින් තමන් develop කරන app එක හරහා සිදු වන සියළුම in-app purchases සඳහා Google සමාගමේ billing system එක 2021 සැප්තැම්බර් 30ට පෙර ඇතුලත් කිරීම අනිවාර්‍ය කර ඇත.

මෑතකදී Google Play Store වෙතින් Fortnite ඉවත් කිරීමටද හේතුව වූයේ මෙවැනිම billing සහ payments වල ඇති ගැටළුවක් හේතුවෙනි. නමුත් මේ පිළිබඳව Google ස්සමාගම පවසා ඇත්තේ Developer සහ Google සමාගම අතර එකඟතාවයක් නැති වුවත්, developer හට තවමත් ඔවුන්ගේ apps Android මෙහෙයුම් පද්ධතිය වෙත නිකුත් කල හැකි බවයි.

even if a developer and Google do not agree on business terms the developer can still distribute on the Android platform.

Google සමාගම විසින් Play Store වෙතින් Fortnite ඉවත් කිරීමට කටයුතු කරත් තවමත් Android වෙත ඇති වෙනත් තෙවන පාර්ශවීය app store හරහා Fortnite ලබා ගැනීමේ හැකියාව පවතී.

මේ වන විට Android 11 වල තෙවන පාර්ශවීය app store එකක් install කිරීමේදී පවා විශාල බාධා කිරීම් Android මෙහෙයුම් පද්ධතිය හරහා සිදු කරයි. එවැනි බාධා සහ අනතුරු ඇඟවීම් සිදු කරන්නේ පරිශීලකයාගේ ආරක්ෂාව උදෙසා බව Google සමාගම විසින් පවසා ඇත. එයට හේතුව වන්නේ, තෙවන පාර්ශවීය App storeහි ක්‍රියාකාරකම් Google සමාගමේ පාලනයෙන් පිට පැවතීමයි.

Google සමාගම විසින් තෙවන පාර්ශවීය app store සඳහා Android 12 හරහා ලබා දෙන සහය වැඩි කිරීම සිදු කරන ආකාරය ගැන පැහැදිලි ප්‍රකාශයක් කර නැතත්, පවතින ආරක්ෂිත තත්වයන් තවදුරත් වැඩි කරමින් මෙම සහය ලබා දීමට ක්‍රියාකරනු ඇත.

Sourcea: 9to5 Google, The Verge