Loading...
NOKIA 5G smartphone එකක් එලි දැක්වීමට HMD Global සමාගම සැරසේ

ඉතාමත් මෑතකදි, ලෝකයේ ප්‍රධාන පෙලේ chip manufacturer company එකක් වෙන Qualcomm ලා ඔවුන්ගේ අලුත්ම processor එක, Snapdragon 690 SoC විදිහට announce කරා. ඉතින් මේ announcement එක කරපු ගමන්ම Nokia brand එක යටතේ smartphones launch කරන HMD Global සමාගම tease කරලා තියෙන්නෙ මේ අලුත් chipset එක භාවිතා කරලා ඔවුන් අලුත් ම Nokia smartphone එකක් release කරන්න plan කරනවා කියලයි.

ඉතින් මේ chipset එකේ launch එකෙන් පස්සෙ HMD Global සමාගමෙ Chief Product Officer වන, Juho Sarvikas මහතා tease කරේ ඔවුන්ගේ unannounced smartphone එකක් Snapdragon 690 SoC chipset එක run කරනවා කියලයි. ඒ වගේම ඔහු තව දුරටත් ප්‍රකාශ කරන්නේ මේ device එක සත්‍ය වශයෙන් ම global 5G smartphone එකක් වෙනවා කියලයි. ඉතින් මේ device එක Qualcomm ලගෙ latest ම chipset එක use කරන නිසා Nokia 8.3 5G device එකට වඩා cheap වෙයි කියන expectation එක තියාගන්න පුලුවන්.

ඉදිරියේ දී release වෙන Nokia smartphones.

පල වෙන rumors සහ speculations ගත්තම අපිට හිතන්න පුලුවන් දෙයක් තමා මේ උක්ත device එක බොහෝ දුරට Nokia 6.3 හෝ 7.3 වෙයි කියලා. කෙසේ වෙතත් අපිට HMD Global ලගෙන් මේ ගැන official confirmation එකක් ලැබිලා නෑ.

Qualcomm Snapdragon 690 SoC details

Snapdraon 690 එක base වෙන්නෙ 8nm manufacturing process එකකින්. මේක මීට කලින් release උනු Snapdragon 675 SoC එක එක්ක compare කරද්දි CPU performance එක 20% කින් සහ GPU performance එක 60% කින් වැඩිවෙලා තියෙනවා. ඉතින් මේ chipset එක use කරන නිසා කලින් generation එකට වඩා මේ අලුත් devices වල overall performance එක වැඩී යී.

Inbuilt Snapdragon X51 modem එක එක්ක මේ processor එක Sub-6GHz networks වලට support කරනවා. Qualcomm FastConnect 6200 එක්ක මේක WiFi 6 වලටත් support කරනවා. ඒ වගේම සුවිශේෂී ම දේ තමා Hexagon Tension Accelerator එකක් එක්ක ARCSOFT නමින් AI engine එකක් තියෙන එක. ඒ වගේම FHD+ resolution displays වලට සහ 120Hz refresh rate එකට මේ chip එක support කරනවා. ඊට අමතරව 30fps අගයක 4K video recording සහ 192MP photos වලටත් මේක support කරනවා. තවත් කතා කරද්දි මේක video encoding enhancement එකට වගේම Quick Charge 4+ fact charging technology එකටත් support කරනවා.

මේ ගැන අපි හිතන දේ.

Snapdragon 690 SoC use කරන Nokia 5G device එකක් ගැන reports circulate උනේ අද ඊයෙක ඉදන් නෙමේ. Nokia 8.3 5G launch කරලා මාස කීපයක ඉදන්මයි. මේ device එක හැඳින් වෙන්නෙ world first truly global 5G smartphone එක විදිහට. ඉතින් අපි හිතනවා මේ device එක Launch එකෙන් පස්සෙ ඉක්මනට market එකේ available වේවි කියලා.