Loading...
Honor Magic Fold සහ Magic Flip සඳහා චීනයේදී trademarks ලියාපදිංචි කරයි

පසුගිය වසරේ දි Huawei සමාගම විසින් ඔවුන්ගේ Honor Smart Phone සන්නාමය Zhixin සමාගම වෙත අලෙවි කිරිමට කටයුතු කල අතර පසුගිය දිනකදි Honor Smart Phone සදහා Google Services ලබා දෙන බවත් අප විසින්ම වාර්තා කරනු ලැබුවා.

ඒ වගේම Honor Smart Phone Brand එක මේ වෙන විට Honor Magic Series එක මගින් Foldable Smart Phone Market එක වෙත පිවිසිමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව Honor Magic Fold හා Honor Magidc Flip යන Devices සදහා Trademarks චීනයේ National Intellectual Property Administration මගින් ලියාපදිංචි කර තිබෙනවා.

Honor Magic Fold Device එක මිට පෙර නිකුත් වු Huawei සමාගමේ Mate X2 Device එකට සමාන Design එකකින් නිකුත් වෙනු ඇති අතර Honor Magic Flip Device එක Samsung සමාගමේ Galaxy Flip මෙන්ම Motorola සමාගමේ Motorola Razr Deviceවල Design එකට සමානව නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Huawei Mate X2

Honor සමාගමේ මේ Magic Series එකේ Devices මේ වසර දෙවන භාගයේදි නිකුත් කරනු ඇත. ඒ වගේම තවමත් ප්‍රකාශයට පත් කර නොමැති Qualcomm Snapdragon 888 Pro Processor එක මගින් මේ Devices බලගැන්වෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.

Source : Gizmochina, DealnTech