Loading...
Download නොකර web browser එකේදීම Git Repository එකක වැඩ කරන්නේ මෙහෙමයි

Visual Studio Code හි web based මෘදුකාංගය පසුගියදා අන්තර්ජාලයට මුදාහරින ලදී. එහිදී අපට පෙර නොවූ සුවිශේෂී පහසුකම් කිහිපයක් දැකගන්න පුළුවන්. ඒ අතරින් විශේෂ වූ දෙයක් තමයි මේ download නොකරම Git Repository එකක වැඩ කිරීමට ඇති පහසුකම.

මෙම පහසුකම භාවිතා කිරීමට මුලින්ම අප GitHub වෙබ් අඩවියේ අපට අවශ්‍ය Repository එක web browser එකෙහි open කර ගත යුතුය. ඉන්පසු web browser එකෙහි URL address එක edit කරගත යුතුය. එනම් එම සම්පූර්ණ Repository එකේ URL එකට ඉදිරියෙන් vscode.dev/ යන්න ටයිප් කර enter කරගත යුතුය. පහත උදාහරණය බලන්න.

https://github.com/facebook/react

vscode.dev/https://github.com/facebook/react

Git Repository
vscode.dev/
VS Code Web

දැන් ඔබට web browser එක තුලදීම අවශ්‍ය වෙනස් කිරීම් සිදුකර පහසුවෙන්ම commit කිරීමට හැකියාව ලබා දී තිබේ.  

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක්.