Loading...
Xiaomi සමාගම විසින් නිපදවන ජංගම දුරකතන සඳහා software updates ලබා දෙන්නේ මෙහෙමයි

මේ වෙන විට ශ්‍රී ලංකාව තුල අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න Smart Phone Brand එකක් විදිහට Xiaomi හදුන්වා දෙන්න පුලුවන්. Xiaomi කියන්නේ මේ වෙන විට වෙළෙඳපොල තියෙන අඩු මුදලට හොදම Features දෙන Smart Phone Brand එකක් විදිහට සරලව හදුන්වා දෙන්න පුලුවන්.

Smart Phone එකක් ගත්තාම Software Update කියන්නේ හැමෝගෙම අවධානය දිනා ගන්න කරැණක්. මේ ලිපියෙන් අපි කතා කරන්න ලැස්ති වෙන්නේ Xiaomi Smart Phones සදහා Global Stable Update ලැබෙන ආකාරය ගැන.

මේ ලිපියෙන් Update එකක් ආවාම "මේ update එක කරාට කමක් නැද්ද?" , "මේක කරාම Battery එක  බහිනවා කියන්නේ ඇත්තද?" වගේ අපේ Xiaomi Smart Phone Usersලට තියෙස ප්‍රශ්නවලටත් විසදුම් ලබා දෙන්න පුලුවන් වෙයි කියල හිතනවා.

Xiaomi සමාගම Global Release කරපු Smart Phone වලට Stable Software Update එක පියවර තුනක් ඔස්සේ ලබා දෙනවා. (Global Beta Updates ලබා දිම මේ වෙන විට නවතා දමා තිබෙනවා)

01. Pilot Testers (v12.0.0.X)

මුලින්ම කියන්න ඕන Pilot Testersලාට දෙන්නේ Beta Update එකක් නෙවේ, Stable Update එකක්. ඒ වගේම Beta Updateවල තරම් Bugs මේකේ නෑ.

Xiaomi සමාගම විසින් මුලින්ම Stable Update එක ලබා දෙන්නේ මෙයාලට. මේ Update එක Pilot Testersලා නොවන අයට  එන්නේ නෑ. ඒ වගේම සාමාන්‍ය Usersලාට ඒ Update Package එක වෙන Source වලින් අරගෙන Updater එක හරහා Install කරන්නත් බෑ. අනිවාර්යෙන් මේ ROM එකේ Bugs තියෙනවා. පාවිච්චි කරන්න බැරි තරමේ Bugs නැති උනත් සාමාන්‍ය විදියේ Bugs තියෙන්න පුළුවන්.

මේ Pilot Update එකේ තියෙන සේරමBugs Pilot Testersලා විසින් Report කළාට පස්සේ සාමාන්‍යයෙන් සති දෙක තුනකින් (කාලය ඊට වඩා වැඩි හෝ අඩු විය හැකියි) ඒ Bugs Fix කරලා සාමාන්‍ය Usersලා සදහා ලබා දෙන්න පුලුවන් Bugs අඩු Stable ROM එකක් නිර්මාණය කරනු ලබනවා.

දැනට Pilot Testersලා ඉන්න Devices විදිහට MI 9, MI 9T  Pro, MI 9T, Redmi Note 8 Pro, Redmi Note 7 Pro, Redmi Note 7 හා Poco F1 හදුන්වා දෙන්න පුලුවන්. ඉස්සරහට තව Devices වලට අදාලව Testersලා බදවා ගනි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඒ වගේම Pilot Testersලා නැති Deviceවල Bugs Check කරන්නේ Software එක නිර්මාණය කරන Develolersලා විසිනුයි. එතනදි සමහර විට සමහර Bugs මගහැරෙන්න අවස්ථාව තියෙනවා. මේ නිසා ඊළඟ පියවර විදියට තමා Bugs Fix කරපු ROM එක Release කරන්නේ.

02. Partial Rollout (12.0.X.0)

Pilot Testers හෝ Developersලට හමුවුණ Bugs ටික Fix කරලා නිර්මාණය කරන Stable Update එක ආයේ Pilot Testersලාට වගේම අහඹු විදියට සාමාන්‍ය Usersලටත් ලබා දෙනවා.

මේ ආකාරයට ලබා දෙන Update එකක් සාමාන්‍ය User කෙනෙක්ට ආවම ඒක තියෙන්නේ පොඩි වෙලාවයි. ඒ නිසා ඒ කාලය තුළ Update කර ගත යුතු වෙනවා. ඒ දෙන කාල සීමාව තුල ඒ Update එක Install කළේ නැත්තම් ඒ අවස්ථාව වෙන User කෙනෙකුට ලබා දෙනවා. ආයේ ඒ Update එක Partial Rollout එකේදි ඒ Device එකට ලැබෙන්නේ නැ.

"Update  එක ආවා. Night Time වලින් Update කරන්න බලද්දි ඒක නෑ" වගේ ප්‍රශ්නවලට පිළිතුරැ දැන් ඔයාලටම හිතා ගන්න පුලුවන්.

Partial Rollout එකේදි තියෙන විශේෂම දේ තමා Update එක ඇවිත් නැත්තම් ඔයාට පුළුවන් ඒකට අදාල Update Package එක Download කරලා Updater එක හරහා Install කරන්න. හැබැයි ඔයා Update Package එක Install කරන මොහොතේ මොකක් හරි සාමාන්‍ය Bug එකක් තිබිලා Update එක Rolled Back කරලනම්  ඔයාට ඒක Updater එක හරහා install කරන්න දෙන්නේ නෑ. මේ Partial  Rollout එකේ පාවිච්චි කරන්න බැරි තරම් Bugs නෑ. චූටි Bugs ටිකක් තියෙන්න පුළුවන්. කලාතුරකින් සාමාන්‍ය ප්‍රමාණේ Bug එකක් දෙකක් වගේ තියෙන්න පුළුවන්.

අන්න ඒ වෙලාවෙදි කරන්නේ ඒ Update එක Rolled Back කරන එක. ඒ  කියන්නේ ඒ Bug එක Fix කරලා අලුත් Update එකක් එනකන් ඒ Update එක සාමාන්‍ය User කෙනෙක්ට Install කරන්න දෙන්නේ නෑ. එහෙම Bug එකක් තිබිලා ඒක Fix කරලා  අලුතෙන් එන Stable Update එකේදිත් මුලින්ම කරන්නේ මේ Partial Rollout එක.

03. Public Rollout

Partial Rollout එකෙන් සතියකට පමණ පසු සැලකිය යුතු Bugs නොමැති නම් ROM එක සාමාන්‍ය Usersලට ලබා දෙන්න කටයුතු කරනවා. මේ Update එකත් එකපාර ලබා දෙන්නේ නැ. මේකත් Batch එකෙන් Batch එකට ලබා දෙන්නේ. (Batch දෙකක් අතර සාමාන්‍යයෙන් දවසක විතර පරතරයක් තියෙන්න පුළුවන් හෝ සමහර අවස්ථාවල ඊට වැඩි වෙන්නත් පුළුවන්)

ඒ වගේම Region එක වෙනස් කළ ද Public Rollout එකේදි Update එක ඉක්මණින් ලැබෙන්නේ නැ. Update එක ලබා ගන්න නම් තමන්ගේ Device එකට අදාල Batch එකට Update එක Release කළ යුතු වෙනවා. නොමැති නම් වෙනම Update Package එක අරන් Install කර ගත යුතුයි.

Tester කෙනෙක් නෙවෙනව නම් update එකක් ආවම ඒකේ bugs ඇති කියලා කලබල වෙන්න කිසිදු අවශ්‍යතාවයක් නැ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න බැරි තරම් Bugs ලැබෙන්නේ නැ.