Loading...
Instagram විසින් comments තුනක් pin කිරීමට හැකියාව ලබා දේ

අද දිනයේදී Instagram සමාගම ප්‍රකාශ කලේ users ලට comments pin කිරීමේ feature එක globally ලබාදෙන බවයි. ඉතින් මෙහිදී ඔයාට හැකියාව ලැබෙනවා ඔයාගෙ post එකේ comment section එකේ highlight කරන්න අවශ්‍ය comments 3ක් උපරිම වශයෙන් උඩින් pin කරන්න. ඉතින් මේ නිසා ඔයාට හැකියාව ලැබෙනවා වඩාත් important, funny එහෙමත් නැතිනම් positive comments එකක් හෝ කීපයක් තියේනම් ඒවා save කරගන්න.

ඉතින් Instagram ලට අනුව මේකෙ අරමුණ තමා ඔයාගෙ comment section එකේ positivity එක එහෙමත් ඇතිනම් ධනාත්මක පැත්ත highlight කිරීම. ඉතින් කෙනෙක්ගේ preference එක අනුව ඒ pin කරන comment type එක වෙනස් වෙන්න් පුලුවන්. පෞද්ගලිකව මම නම් ගොඩක් වෙලාවට කැමති funny comments වලටයි. වඩාත් මතක තියාගන්න ඕනෙ කාරණය තමා comment section එක store වෙන්නෙ algorithm එකකින් නිසා සමහර comments shuffle එක අතරේ miss වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා කියන දේ.

ඉතින් මෙන්න මේ විදිහටයි comments pin කරන්නේ.

ඉතින් ඔයාට ඕන post එකට ගිහින්, එතන් comment section එකේ ඔයාට ඕන comment එක select කරලා වමට swipe කරන්න ඕනෙ. ඊට පස්සේ, side එකෙන් වමේ ඉදන් දකුණට: pin, reply, report, සහ trash විදිහට options 4ක් appear වේවි. අන්න එතන තියෙන pin option එක tap කරාට පස්සෙ comment එක pin වේවි.

ඉතින් ඔයාට උපරිම වශයෙන් comments 3ක් pin කරන්න පුලුවන්. ඒ විදිහට pin කරාට පස්සේ comment section එකේ උඩින්ම ඒ comments appear වෙනවා. ඉතින් මේ නිසා image එකකට, post එකකට context එකක් ලබාදෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔයාගෙ comment එකක් වෙන කෙනෙක් pin කරොත් notification එකකින් ඔයාව දැනුවත් කරනවා.

ඉතින් මෙන්න මේ විදිහටයි මේ අලුත් feature එක process වෙන්නේ. මේ එන ඔයාගෙ අදහස් මොනවද? Comment section එක විවෘතයි.