Loading...
නව යොවුන් වියේ පසුවන Instagram පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ඉහළ නැංවීමට නව වෙනස්කම් කිහිපයක්

Facebook සමාගමට අයත් Instagram වයස අවුරුදු 16ට, 18ට අඩු නව යොවුන් තරුණ තරුණියන්ගේ අන්තර්ජාලය තුළ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් නව වෙනස් කිරීම් කිහිපයක්ම Instagram වෙත ගෙන ඒමට බලාපොරොත්තුව වෙනවා. ලෝකයේ සියළුම තරුණ පරම්පරාව ගැන අවධානය යොමු කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලකයන්ගේ විශේෂ වැඩපිළිවෙළකට අනුව මෙය ක්‍රියාත්මක වන බවයි සැලවෙන්නේ. මෙම යාවත්කාලීනය “Striking the right balance” ලෙසයි ඔවුන් නම් කර තිබෙනවා.

අලුතෙන් එකතු වෙන්නේ මොනවද?

මෙම අලුත් යාවත්කාලීන කිරීම හරහා අලුතෙන් Instagram වෙත සම්බන්ධ වෙන, අලුතෙන් Instagram ගිණුම් නිර්මාණය කරන අවුරුදු 16ට හෝ 18ට අඩු තරුණ තරුණියන්ගේ ගිණුම් ආරම්භයේදී Default ලෙසම Private Account එකක් ලෙසයි නිර්මාණය වෙන්නේ. තව දුරටත් පැහැදිලි කළහොත් මෙසේ Private කිරීම මගින් තහවුරු වූ (Approved) Followersලාට පමණක් Like කිරීමට හා Comment කිරීමට අවසර හිමිවෙන්නේ.

පැරණි පරිශීලකයන් නොසලකා හැරලද?

Existing account holdersලාට, එහෙම නැතිනම් දැනට Instagram Accounts තිබෙන, පරිශීලනය කරන අයට දැනුම්දීමේ පණිවුඩයක් (Notification) හරහා Private Account එකක් වෙත Switch වීමේ වාසි දක්වමින් දැනුම් දීමක් යැවීමටයි සමාගම තීරණය කර තිබෙන්නේ. එවිට අවශ්‍යනම් Private Account එකක් වෙත මාරුවීමේ හැකියාව ලැබෙනවා.

වයස නිවැරදිව තහවුරු නොවූ අයට?

Facebook සමාගම පවසන ආකාරයට ව්‍යාජ වයස් දක්වමින් පිවිසෙන පරිශීලකයන් සඳහා නිසියාකාරව වයස තහවුරු කරගැනීමේ ක්‍රමයක් තවමත් ඔවුන් සතුව නොමැති බවයි. ඒ හේතුවෙන් ඒ සඳහාද නවමු අත්දැකීම්වලින් යුත් නව උපක්‍රමයක් නිර්මාණය කළ යුතුව ඇතැයිද ඔවුන් සඳහන් කරනවා.

මේ යාවත්කාලීන කිරීම්වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

Instagram හි ප්‍රධාන විධායක නිළධාරි (CEO) වන Adam Mosseri මහතා Blog පිටුවක් වෙත අදහස් දක්වමින් පවාසා සිටියේ “අපි යෞවනයන්, දෙමාපියන්, නීති සම්පාදකයින් සහ Expertsලාගෙන් ලැබෙන ප්‍රතිචාරවලට සවන් දෙමින් Instagram ආරක්ෂිතව තබා ගැනීමට කටයුතු කරන්නෙමු” ලෙසයි.

මේ අනුව Facebook, Instagram Ads ද ඇතැම් දුරට තරුණ පරිශීලකයන්ගේ ගිණුම් සඳහා සීමා කිරීමටත් ඒවා ඔවුන්ට උචිත වන පරිදි පාලනයකින් යුතුව දිස්වීමට සැලැස්වීමටත් තීරණය කර තිබෙනවා. තරුණ පරම්පරාව අති සිදුවන අවභාවිතාවීම් හා cyberbullying වැනි දෑ අවම කරගැනීමේ අවශ්‍යතාවයක්ද ඔවුන් සතුවන බව තව දුරටත් ඒ මහතා පවසා සිටියා.

සමාගමට හිතකර ලෙස ඔවුන් Instagram හරහා සිදුවන අධික Like හා Comment කිරීමේ යම්කිසි පාලනයක් මෙම නව යාවත්කාලීන කිරීම තුළින් අපේක්ෂා කරනවා.

Sources: CNET, BBC