Loading...
Instagram පරිශීලකයන්ගේ face data අවසරයකින් තොරව භාවිතා කිරීම හේතුවෙන් Facebook සමාගමට ඩොලර් බිලියන 100 දඩයක් පැනවෙන ලකුණු

Facebook සමාගම යනු එදා පටන්ම තම පරිශීලකයන්ගේ දත්ත තම ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කරන ආයතනයක් බව නොරහසකි. ඒ පිලිබඳව අප විසින් මීට පෙරදීද ඔබ වෙත ලිපි කිහිපයක් ගෙන ආ අතර නැවත වතාවක් මෙඅම සමාජ ජාල දැවැන්තයා තම අනුබද්ධිත සේවාවක් වන Instagramහි පරිශීලකයන්ගේ පෞද්ගලික ජීවදත්ත රැගත් biometric security data අවසරයකින් තොරව භාවිතා කිරීමේ වරදට හසුවී ඇත.

Kelly Whalen නම් Illinoisහි වෙසෙන කතක් විසින් මෙම පැමිණිල්ල කැලිෆෝනියා ප්‍රාන්තයේ රෙඩ්වුඩ් නගරයේ අධිකරණයේ ගොණු කර ඇති අතර එහි සඳහන්ව ඇත්තේ Facebook සමාගම විසින් මිලියන 100කට අධික Instagram පරිශීලකයන්ගේ ජීවදත්ත එකතු කිරීම, ගබඩා කරගැනීම සහ ඒවා ලාභ ඉපයීම සඳහා අවසර්යකින් තොරව භාවිතා කර ඇති බවයි. මෙම ජීව දත්ත අතරට ඇඟිලි සලකුණු පමණක් නොව පරිශීලකයන්ගේ facial data පවා ඇතුලත් වී තිබෙනව.

මෙය සම්බන්ධයෙන් Facebook සමාගමේ පාර්ශවයෙන් Stephanie Otway විසින් ඊමේල් පණිවුඩයක් හරහා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් Instagram හරහා මුහුණු හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් සිදු නොකරන බවත් මෙය පදනම් විරහිත් චෝදනාවක් බවත්ය. එමෙන්ම Instagram privacy policy එකේ සඳහන් වන ආකාරයට ඔවුන් යම් හෙයකින් facial recognition තාක්ෂණය Instagram වෙත හඳුන්වා දෙනු ලැබුවහොත් එය පිළිබඳව පරිශීකයන් දැනුවත් කර සිටිනවා.

“If we introduce face-recognition technology to your Instagram experience, we will let you know first, and you will have control over whether we use this technology for you.”

Facebook සමාගමට එරෙහිව ගොනුවී ඇති නඩුවට අනුව ඔවුන් විසින් face tagging සඳහා යොදා ගන්නා tool එකෙන් නිර්මාණය කරගන්නා face template වලට Instagram දත්ත භාවිතා කර ඇති අතර එම දත්ත පසු කාලීන භාවිතාව සඳහා Facebook servers වල ගබඩාකරගෙන ඇත. එමෙන්ම මෙම face-tagging tool එකක් Instagram පරිශීලකයන්ගේ අවසරයකින් තොරව ක්‍රියාත්මක වී ඇත.

“Once Facebook captures its Instagram users’ protected biometrics, it uses them to bolster its facial recognition abilities across all of its products, including the Facebook application, and shares this information among various entities,”, ලෙස නඩුවේ සඳහන් වේ

දැක්වෙන වාර්තා වලට අනුව Illinoisහි privacy law එකට අනුව එය කඩ කිරීම වෙනුවෙන් Facebook සමාගමට ඩොලර් බිලියන ගණනක දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇත. වාර්ථාවලට අනුව පලවන නිල නොලත් මත වල සඳහන් වන්නේ මේ සඳහා Facebook සමාගමට ඇමරිකානු ඩොලර් 100,000,000,000ක හෙවත් ඩොලර් බිලියන 100ක මුදලක් ගෙවීමට සිදුවන බවයි.

Sources: Bloomberg, Beebom