Loading...
iPhone වලින් 81% කට වැඩි ප්‍රමාණයක් iOS 16 මත ධාවනය ව​න බව Apple සමාගම හෙලි කරයි

Apple සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ iPhone සඳහා ලබා දී තිබෙන නවතම iOS සංස්කරණය වන iOS 16 පසුගිය වසරේ ජුනි මාසයේදී පමණ හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව මේ iOS 16 සංස්කරණය ලබා ගැනිමට iPhone 8 Series එක සහ ඉන් පසුව නිකුත් වු iPhone සුදුසුකම් සපුරනු ලැබුවා.

iOS 15 වලින් නවතින iPhone 7, iOS 16 සංස්කරණය ලැබෙන iPhones ලැයිස්තුව මෙන්​න
Apple සමාගම විසින් iOS සඳහා වන ප්‍රධානතම යාවත්කාලීන සංස්කරණය වන iOS 16 සංස්කරණය එලිදක්වනු ලැබුවා. WWDC 2022 හි keynote එක අතරතුර මෙම න​ව යාවත්කාලීන සංස්කරණයේ beta සංස්කරණ​ය නිල වශයෙන් එළිදක්වා ඇති අතර, iOS 16 විසින් සහාය දක්වන iPhone මාදිලි පිළිබඳ විස්තර අපට Apple වෙබ් අඩවියෙන් බලා ගැනීමට හැකිය.

Apple සමාගම විසින් පසුගිය මැයි 31 වන දින නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව මේ වන විට iOS 16 සංස්කරණය සඳහා සුදුසුකම් සපුරන Apple iPhones වලින් 81% ක ප්‍රමාණයක් දැනටමත් iOS 16 සංස්කරණය වෙත Update වි තිබෙන අතරම එම iPhones වලින් 13% ක පමණ ප්‍රමාණයක් iOS 15 සංස්කරණයෙන් ද තවත් 6% ක ප්‍රමාණයක් iOS 14 හෝ ඉට පෙර නිකුත් වු iOS සංස්කරණයක් භාවිත වන බවට දක්වා තිබෙනවා. ඒ වගේම අවසන් වසර 04 තුළ නිකුත් වු iPhones වලින් 90% ක ප්‍රමාණයක් දැනටමත් iOS 16 සංස්කරණය ලබා ගෙන තිබෙන බවත් වැඩි දුරටත් ඔවුන් දක්වා තිබෙනවා.

Image Source - Appleinsider.com

එමෙන්ම මීට අමතරව Apple iPad සඳහා Apple සමාගම විසින් නිකුත් කරන iPadOS හි iPadOS 16 සංස්කරණය Apple iPad වලින් 71% පමණ ප්‍රමාණයක් භාවිත කරන බවත් දක්වා තිබෙනවා.

ඒ වගේම Apple සමාගම විසින් හෙට දිනයේදී ඔවුන්ගේ නවතම iOS 17, iPadOS 17, watchOS 10 සහ අනෙක් තාක්ෂණික උපාංග හඳුන්වා දීමට සුදානමින් සිටින බවත් ඔබ මේ වන විටත් දන්නවා. ඉතින් මේ Event එක ගැන සියලුම තොරතුරු හෙට දිනයේදීම ඔබ වෙත ගෙන එන්න Android වැඩකාරයෝ අප සුදානමින් සිටිනවා.

Sources: developer.apple.com