Loading...
M1 chipset එකෙ​න් සහ 5G වලි​න් බල ගැන්වෙන ultrawide front cameraවකින් යුතු iPad Air 5 (2022) එලිදැක්වීමට Apple සමාගම කටයුතු කර​යි

Apple සමාගම විසින් අවසන් වරට මීට වසර දෙකකට පමණ පෙර ඔවුන්ගේ Apple iPad Air 4 Tablet එක හදුන්වා දෙනු ලැබුවා. එය ඉතා සිහින් Bezelsවලින් සමන්විත වු අතරම Physical Home Button එකද ඉවත් කරනු ලැබුවා. ඊයේ දිනයේදී Apple සමාගම විසින් පවත්වනු ලැබු Peek Performance Event එකේදී Apple සමාගමේ මිලග iPad Air Tablet එක වෙන iPad Air 5 එළිදැක්විම සිදු කරනු ලැබුවා.

iPad Air 4 සමග සසදන විට iPad Air 5 සදහා Apple සමාගම විසින් Apple M1 Chipset එක, වඩා හොද Front Camera Setup එකක් හා 5G Connectivity එක ලබා දී තිබෙනවා.

නව Apple iPad Air 5 සදහා 500 nits මට්ටමක Brightness Level එකක් ලබා දිය හැකි Liquid Retina Display එකක් ලබා දි තිබෙන අතරහ මෙය සදහා P3 wide color gamut, True Tone සහ anti-reflective screen coating ආදි පහසුකම් ලබා දි තිබෙනවා. මේ සදහා 12MP Ultrawide Single Lens Camera Setup එකක් ලබා දී ඇති අතර එය 4K Video Recording හා Center Stage සදහා සහය දක්වනු ලබනවා.

5G Capability එකෙන් යුතු මේ සදහා USB Type C Port එකක් ලබා දී අතර 2nd Gen Apple Pencil එක සදහා සහ Apple’s Magic Keyboard එක සදහා සහය දක්වනු ලබනවා. මෙය iPadOS 15 සමගින් වෙළෙඳපොළට නිකුත් වෙනවා.

මීට අමතතව මේ iPad Air 5 සදහා Landscape Stereo Speaker Setup එකක්, Side Mounted Touch ID එකක් ලබා දි තිබෙනවා. නව iPad Air 5 Tablet එක Space Gray, Star Light, Pink, Purple හා Blue ලෙස වර්ණ 05කින් මිලදි ගැනිමට හැකි අතර මෙහි starting price එක ලෙස $599ක මිලක් සදහන් වෙනවා. මෙය 64GB හෝ 256GB Storage Options වලින් මිලදි ගන්න පුලුවන්.

Source: Peek Performance event