Loading...
ජංගම දුරකතන නිෂ්පාදනයට තිත තැබූ LG සමාගම Chromebook නිෂ්පාදනයට සූදානම් ​වන බවට තොරතුරු වාර්තා වේ

LG සමාගම කියන්නේ ජනප්‍රිය ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වෙන අතර ඔවුන් විසින් පසුගිය අප්‍රේල් මස ඔවුන්ගේ ජංගම දුරකථන ව්‍යාපාරය නවතා දැමිම සිදු කරනු ලැබුවා. කෙසේ නමුත් වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව LG සමාගම විසින් Chromebook නිෂ්පාදනය සදහා පිවිසිම සදහා සුදානමින් සිටින බව දක්වන්න පුළුවන්.

LG සමාගම මගින් වෙළෙඳපොළට නිකුත් කළ LG Gram lineup එක මගින් ඔවුන්ට පරිගණක වෙළෙඳපොළ තුල ධනාත්මක ප්‍රතිචාර ලැබි තිබෙනවා. එහි ඉදිරි පියවරක් ලෙස ඔවුන් විසින් Chromebook නිෂ්පාදනය සදහා පිවිසිමට සුදානම් බවයි වාර්තා වෙන්නේ.

Model number “11TC50Q” යටතේ නිකුත් කිරිමට නියමිත මේ LG Chromebook එක පිළිබඳ තවමත් නිල වශයෙන් තොරතුරු කිසිවක් වාර්තා නොවුවත් ඉදිරියේ මෙහි Specifications පිළිබඳ තොරතුරු නිල වශයෙන්ම වාර්තා වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

වාර්තා වෙන තොරතුරුවලට අනුව ඔවුන් විසින් 2022 වසර මුලදි මේ Chromebook එක නිකුත් කිරිමට සුදානමින් සිටින අතර LG සමාගමේ Smart Phones හා සැසදිමේදි මොවුන්ගේ Chromebook තුලින් නව්‍ය සංකල්පයක් බලාපොරොත්තු විය හැකි වෙනවා.

Source: Gizmochina