Loading...
10th-Gen Intel Processors වලින් සමන්විත Mi Notebook 15 (2020) චීනයේදී එලිදකී

පහුගිය දවසක ඉන්දියාවේදී Mi Notebook 14 නිකුත් කරාට පසුව Xiaomi සමාගම Mi Notebook Pro 15 (2020) චීනයේදී නිකුත් කර තිබෙනවා. Mi Notebook Pro 15 එක 14nm architecture එක භාවිතා වන 10th-gen Intel Core i5 සහ Core i7 Comet Lake models දෙකකින් නිකුත් වී ඇති අතර GeForce MX350 GPU එකකින්, 16GB වෙනකන් තියෙන RAM එකකින්, 1TB වෙනකන් තියෙන SSD වලින්, සහ වැඩිදියුණු කරන ලද cooling system එකකින්ද යුක්ත වෙනවා. මේ models දෙකම අඟල් 15.6 තිරයකින් යුක්තයි.

Mi Notebook Pro 15 හි Specs සහ Features

ඉහත සඳහන් කල ආකාරයට Mi Notebook Pro 15 එක 10th-gen Intel Core i5 (base model) සහ Core i7 (higher-end model) ලෙස වර්ග දෙකකින් යුක්ත වෙනවා. අපි ඒ දෙකේ specifications බලමු.

  1. Base Model
    1.6GHz Intel Core i5-10210U CPU එකකින් බල ගැන්වෙන base model එක 8GB DDR4 2666MHz RAM ධාරිතාවයකින් සහ 512GB PCIe NVMe SSD එකකින් යුක්ත වෙනවා.
  2. Higher-end model
    1.8GHz Intel Core i7-10510U එකකින් බල ගැන්වෙන base model එක 16GB RAM DDR4 2666MHz ධාරිතාවයකින් සහ 1TB PCIe NVMe SSD එකකින් යුක්ත වෙනවා.

මීට අමතරව මේ models දෙකටම පොදු features කිහිපයක් මේ තියෙන්නේ.

  • Display
    100%ක්ම sRGB color gamut එකකින් ආවරණය වුන Corning Gorilla Glass 3 වලින් නිෂ්පාදිත අඟල් අංශක 178ක viewing angle එකකින් යුතු 15.6 FHD (1920 x 1080) වර්ගයේ display වලින් Mi Notebook 15 ‍යුක්තයි. ඒවාගේ bezels මිලිමීටර් 6.52ක අගයක් ගන්නා අතර screen-to-body ratio එක 81%ක් වෙනවා.
  • Flinger Print scanner
  • Full-size backlit keyboard
  • Connectivity
    USB Type-C ports 2ක්, USB 3.1 ports 2ක්, HDMI port එකක්, සහ 3.5mm සොකට් එකකින් යුක්ත වෙනවා. ඒ වගේම full-size SD card slot එකකුත් තියෙනවා.
  • Wireless connectivity
    Dual-band Wi-Fi 6 සහ Bluetooth 5.0
  • Sounds
    Dolby Audio Premium වලට සහය දක්වන Harman Audio stereo 2.5W speakers දෙකකි යුක්ත වෙනවා
  • Battery - 60Wh බැට්‍රි එකකින් සමන්විත වෙනවා
  • Operating system - Preinstalled Windows 10 Home

කොච්චරක් වගේ වෙයිද මේක

හැමදාම වගේ කොච්චර features තිබ්බත් අපි බලන ප්‍රධානම කාරණාව තමයි මේක. ඒ මිල.

  • Mi Notebook Pro 15 (2020) Intel Core i5
    යුවාන් 5,999ක් (ඇමරිකානු ඩොලර් 850ක්)
  • Mi Notebook Pro 15 (2020) Intel Core i7
    යුවාන් 6,999ක් (ඇමරිකානු ඩොලර් 990ක්)

දැනට මෙය මිලදී ගැනීමට ඇත්තේ චීනයේ පමණි. නමුත් ගෝලීය වශයෙන් මෙහි නිකුත් කිරීමක් මේ වනතුරුත් වාර්තා වී නැත. එවැන්නක තොරතුරක් ලද සැනින් අප ඔබව දැනුවත් කරන්නම්.