Loading...
විදේශයක සිට පැමිණෙන අයෙකුගේ පෞද්ගලික දුරකතනය හෝ පෞද්ගලික පරිභෝජනයට ජංගම දුරකතනයක් ගෙන්වන්නෙකු TRCSL අනුමැතිය ලබා ගන්නේ කෙසේද?

ඔබ ලංකාව තුලදී SIM කාඩ්පත් භාවිත වන උපාංගයක් මිලදි ගැනිමට බලාපොරොත්තු වෙනවා නම් එය අනිවාර්යයෙන්ම TRCSL හි අනුමැතිය සහිත ලියාපදිංචි උපාංගයක් විය යුතු වෙනවා. එමෙන්ම ඔබ විදේශයක සිට පැමිණෙන්නෙකු වුවද, ඔ​බ විසින් රැගෙන එන ජංගම දුරකතනය හෝ IMEI එකකින් යුතු උපකරණයක් වේ නම් එය ශ්‍රී ලංකාව තුල සක්‍රීයව ජංගම දුරකතන ජාලයකට සම්බන්ධ කර භාවිතා කිරීම සඳහා TRCSLහි ලියාපදිංචි කල යුතු වනවා.

මේ ආකාරයට අදාල උපකරණ ලියාපදිංචි කල නොමැති නම් ඒ උපකරණ දුරකතන ජාලයකට සම්බන්ධ කිරීමේදී ඒවා අවහිර කිරීම සිදු කරනවා. ඒ සඳහා අවශ්‍ය විදිවිධාන මේ වන විටත් අදාල ජංගම දුරකතන සේවා සපයන ආයතන වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිශන් සභාව විසින් පවරා ඇත.

ඔබ මිලදි ගන්නා Device එක සදහා TRCSL අනුමැතිය තිබේදැයි දැන ගැනිම සදහා එම Device එකේ IMEI අංකය 1909ට SMS කිරිමෙන් දැන ගත හැකි වෙනවා. මේ සදහා *#06# Dial කර හෝ Device එකේ Box එකේ ඇති ඉලක්කම් 15 කින් යුත් IMEI අංකය සොයාගත හැකියි. ඉන් පසු IMEI<15digit IMEI number> ලෙස 1909ට SMS කිරිමෙන් ඒ Device එක නිල වශයෙන්ම අනුමැතිය ලත් Device එකක් දැයි දැනගත හැකි වෙනවා. යම් හෙයකින් ඔබගේ ජංගම දුරකතන TRCSL අනුමැතිය නොමැති ජංගම දුරකතනයක් නම් එය ඔබට දන්වා සිටිනු ලබනවා. මෙම කෙටි පණිවුඩය යොමු කිරීමට ඕනෑම ජංගම දුරකතනයක් භාවිතා කල හැකිය.

මෙමම් ක්‍රියාවලිය ආරම්භ වූයේ 2020 ඔක්තෝම්බර් මස පළමුවන දින සිට වුවත් මෙහිදී වඩාත් අපහසුතාවයට පත් වූයේ විදේශ ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ය. ඔවුන්ටද සාමාන්‍ය පරිදිම TRCSLහි ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්නට වූ අතර, තම පෞද්ගලික පරිභෝජනය සඳහා Aliexpress, eBay වැනි වෙබ් අඩවි වලින් ජංගම දුරකතන මිලදී ගෙන ගෙන්වා ගන්න අයද එම අපහසුතාවයටම පත් වුනි.

මෙය හදුනාගන් TRCSL විසින් මේ සඳහා වැඩපිලිවෙලක් සකස් කරන ලදී. ඒ අනුව විදේශගතව සිට ශ්‍රී ලංකාව පැමිණෙන අයගේ පෞද්ගලික පරිභෝජනය සඳහා වන ජංගම දුරකතනය හෝ, පෞද්ගලික පරිභෝජනය සඳහා ගෙන්වා ගන්නා ජංගම දුරකතනය ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා online ක්‍රම වේදයක් හදුන්වාදෙන ලදී. ඔබට මේ සඳහා සිදු කිරීමට ඇත්තේ මෙම සබැදිය ඔස්​සේ පිවිස එහි ඇති පෝරමය පුරවා තොරතුරු ලබා දීම පමණයි. ඉන් පසුව අදාල තොරතුරු සත්‍යාපනය කිරමෙන් අනතුරුව ඔවුන් TRCSL විසින් ඔබගේ ජංගම දුරකතනයට අනුමැතිය ලබා දීම සිදුකරනු ඇත.

ඇතැම් විට මෙවැනි ක්‍රියාපටිපාටියක් හමුවේ ඔබ අප සැම අපහසුතාවයට පත්වනවා මෙන් හැඟුනත් මෙවැනි පියවරක් හරහා නවීකරණය කරන ලද (ව්‍යාජ) දුරකථන ශ්‍රී ලංකාවට විවිධ පුද්ගලයින් විසින් ගෙන්වන අතර මෙවැනි දුරකථනවල විකිරණ නිකුත් කිරිමේ හැකියාව ද ඉහල බැවින් මෙවැනි Devices හදුනා ගැනිමට මේ තුලින් අවස්ථාව ලැබෙන බවත් TRCSL​හි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩිදුරටත් පවසා තිබෙනවා.