Loading...
ඔයාගේ Etsy Store එක හරියට SEO කරගන්නේ කෙසේද? (පාඩම් අංක 03)

SEO කියන වචනය ගොඩක් දෙනෙක්ට නිතර නිතර  ඇහෙන වචනයක් වෙලා තියෙනවා. ඒ වගේම හැමෝම මේ ගැන උනන්දුවක් දක්වනවා. SEO කියන්නේ Etsy වලත් ප්‍රධානතම තැනක් ගන්න දෙයක් තමයි.

මොකක්ද මේ SEO කියන්නේ ?

SEO කියන්නේ Search Engine Optimizations ඒ කියන්නේ මොකක් හෝ Search Engine (Google, Yahoo) එකකට ප්‍රතිචාර දක්වන ආකාරයට Website එකක් හෝ අපි විකුණන Product එකක්, Keyword හෝ වෙනත් ක්‍රම යොදා ගනිමින් Optimize කරන එක.

SEO කීරීමෙන් මොකක්ද අපට තියෙන වාසිය ?

අපි අපේ Product එකට නිතර හැමෝම හොයන Keyword යොදාගෙන Title, Descriptions, Tags දාගෙන තිබුනොතින් කෙනෙක් Etsy එක ඇවිත් ඔයාගෙ Product එකේ තියෙන Keyword එකක් Search කරොතින් ඔයාගෙ Product එක Search Results වල උඩින්ම පෙන්වනවා ඒකෙන් ඔයාගෙ Product එක Sell වෙන්න නොමිලේම Free Traffic එකක් ලැබෙනාවා.මේක ඔයාගෙ Store එකට ලැබෙන ලොකු වාසියක්.

කොහොමද අපි මේක අපේ Etsy Product වලට කරන්නේ ?

අපි මුලින්ම කරන්න ඕන අපේ Product එකට අදාල Best ම Keywords හොයාගන්න එක. මේකට මම Free Tool එකක් Use කරනවා ඒකෙ නම තමා Seller Tools. මේක Website එක මේකට ගියාම Home Page එකේ තියෙනවා Get Started කියලා ඒක Click කරලා ඔයාලගෙ Etsy Store එක මේකට Connect කරලා Register වෙන්න ඕන.

ඊට පස්සේ Seller Tool Account එක Create කරගත්තට පස්සේ එනවා Page එකකට මේ Page එකේ උඩ Menu එකක් තියෙනවා. ඒකෙ SEO කියල තියෙන තැනට Mouse එක ගෙනියන්න. ඊට පස්සේ පහලට ආයෙ Menu එකක් එනවා ඒකෙ තියෙනවා Keyword Tool කියල ඒක Click කරන්න.

දැන් අලුත් Page එකකට එනවා. මේ Page එකේ Enter Keyword කියලා Search Box එකක් තියෙනවා. මෙතන ඔයා විකුණන්න හිතාගෙන ඉන්න Product Name එක Type කරන්න. උදාහරනයක් විදියට ඔයා Necklace එකක් විකුණනවානම් Necklace කියල Type කරන්න.ඊට පස්සේ පහලට Chart ගොඩක් එනවා මේ Product එකට අදාල. දැන් ඔයා පහලට යන්න.මේකෙ පහල තියෙනවා Related Keyword කියලා Box එකක් මේකෙන් ඔයා හොදටම Views තියෙන Keyword තෝර ගන්න ඕන. ඊට පස්සෙ ඔයා මේ තෝර ගන්න Keyword Notepad එකකට පිලිවෙලට දාගන්න.

මේ හොයාගත්ත Keyword කොහොමද Etsy එකට Use කරන්නෙ ?

අපි Etsy එකේ Product එකක් List කරද්දී අකුරු 140 ක Title එකක් දානවා. මේ Title එකට අපට පුළුවන් අපි හොයා ගතපු Keyword වලින් ලස්සනට ගලපලා හොද Title එකක් දාන්න.නැතිනම් ඔයාට එහෙම කරන්න අපහසු නම් පුළුවන් මේ Keyword එකින් එක '|' මේ වගේ ඉරක් පාවිච්චි කරල වෙන් කරල Title එකට දාගන්න. ඊට පස්සේ ඔයා ඔයාගෙ Description එකටත් මේ Keyword යොදාගෙන Product එක් ගැන කෙටි විස්තරයක් කරන්න ඕන. මොකද ඔයාගෙ Product එක Google වල Search Results වලට එන්නත් මේ Title එක සහ Description එක වැදගත් වෙනවා.

දැන් ඔයා Tags වලටත් මේ Keyword පාවිච්චි කරන්න ඕන මේ Tag වලටත් ඔයාලට Keyword 13 ක් දාගන්න පුළුවන්. මේ Tag වල තියෙන Keyword තමා ඔයාල Etsy Ad එකක් Run කරද්දී Use වෙන්නේ. ඒ නිසා ඒ ගැනත් සැලකිලි මත් වෙන්න.

මේ Keyword පාවිච්චි කරද්දී අනිවාරෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමා එකම Keyword එක නැවත නැවත පාවිච්චි කරන්න එපා. ඒ වගේම Title එකට පාවිච්චි කරපු Keyword නැවත Tags වලට Use කරන්නත් එපා.

ඉක්මනින්ම ඊලග Article එකෙන් ඉක්මනටම හමුවෙමු. එහෙනම් හැමෝටම ජය.