Loading...
ලොව මිල අධිකම මෝටර් රථ 10

10. Lamborghini Sian

මිල: ඩොලර් මිලියන 3.6

ලැම්බොගිනි සමාගමේ ඉදිරි දැක්ම පෙන්නුම් කිරීමට සෑදූ මෝටර් රථය මෙය ලෙස හැඳින්වේ.Aventador SVJ රථය පදනම් කරගනිමින් නිපදවන ලැම්බොගිනි සමාගමේ ප්‍රථම හයිබ්‍රිඩ් රථය මෙය වන අතර SVJ රථයේ තිබෙන 6.5L V12 එන්ජිමට අමතරව Sian හී 48V ක බැටරියක්ද ඇත. අශ්වබල 819ක(611killowatts) සම්පූර්ණ බලයක් උත්පාදනය කල හැකිය.රථ 63කට පමණක් මෙහි නිෂ්පාදන කටයුතු සීමා කර ඇත.

09. Bugatti Chiron Super Sport 300+

මිල: ඩොලර් මිලියන 3.9

බුගාටි සමාගම විසින් 300 mph සීමාව බිඳ දමනු ලැබුවේ වැඩිදියුණු කරන ලද Bugatti Chiron රථයක් උපයෝගි කරගනිමිනි. super Sport 300+ යනු එම රථයේ සාමාන්‍ය මාර්ගයේ ගමන් කිරීමට නිපදවූ රථයයි.මෙය නිෂ්පාදනය ආරම්භ වන්නේ 2021 වසරේදී වන අතර රථ 30කට මෙහි නිෂ්පාදන කටයුතු සීමා වේ.

08. Lamborghini Veneno

මිල: ඩොලර් මිලියන 4.5

ලැම්බොගිනි සමාගම විසින් Lamborghini Aventador රථය පදනම් කරගනිමින් 2014-2015 අතර මෙම Veneno රථ නිපදවනු ලැබීය.මෙම රථ කන්වර්ටබල් සහ කූපේ යන වර්ග දෙකෙන්ම මිලදී ගත හැකිය.6.5L V12 එන්ජිමක් ඇති අතර 740hp(552kw)ක බලයක් නිපදවයි.0-60mph දක්වා ගමන් කිරීමට ගතවන්නේ 2.9ක් පමණි.Veneno රථය මෙතෙක් පැවති වඩාත්ම මිල අධික නව ලැම්බොගිනි රථය වේ.

07. Koenigsegg CCXR Trevita

මිල: ඩොලර් මිලියන 4.8

Koenigsegg සමාගම මේ වසරේ ඔවුන්ගේ වඩාත්ම දැරිය හැකි මුදලකට පවතින රථය වන Koenigsegg Jesko රථය ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වනු ලැබීය.නමුත් දියමන්ති ආලේපිත CCXR Trevita රථය ඊට හාත්පසින්ම වෙනස්ය.මෙහි මිල $4.8කි.මෙහි ඇතුළතද දියමන්ති සහිතය.1004hpක් නිපදවිය හැකි මෙහි 4.8L V8 එන්ජිමක් ඇත.දැනට මෙම රථ 3ක් පමණක් නිපදවා තිබේ.

06. Pagani Huayra Imola

මිල: ඩොලර් මිලියන 5.4

2019 සැප්තැම්බර් මාසයේ නිවේදනය කරන ලද Pagani Huayra Imola රථය බෝහෝ දෙනෙකුගේ සිහින මෝටර් රථයකි.මෙහි Twin-turbocharged 6.0L V12 එන්ජිමක් ඇත. 827hp(617kw)ක බලයක්ද සහිතය. Imola රථය Huayra Roadster රථයට වඩා අශ්වබල 36කින් ඉදිරියෙන් සිටින අතර මෙය මෙතෙක් නිපදවූ බලවත්ම පගානි රථය බවට පත්වේ.මෙම අධික මිලකින් යුත් රථයේ මිල වැඩි වීමට තවත් හේතුවක් වන්නේ මෙම රථ 5ක් පමණක් නිපදවීමය.

05. Bugatti Divo

මිල: ඩොලර් මිලියන 5.8

Bugatti සමාගම මෑතකදී එළිදැක්වූ රථ අතර Divo රථය කාර්‍යය මණ්ඩලයේ ප්‍රියතම රථය වේ.Divl හී ලාබදායි සහෝදරයා වන්නේ Chiron රථයයි.මෙම රථ දෙකම බොහෝ සෙයින් සමාන වන නමුත් මෙහි පවතින අධික මිල සාධාරණීකරණය කිරීම සඳහා Divo රථයේ සැහැල්ලු රෝද,කාබන් ෆයිබර් ඉන්ටර්කූලර් සහ ශබ්ද හානිය අවම වන පරිදි නිපදවා තිබීම සැලකිය යුතු කරුණු වේ.අශ්වබල 1500කින් සමන්විත වන මෙහි වායුගතික සැකැස්ම මගින් Nardo test track හීදී Chiron රථයට වඩා තත්පර 8ක් වේගවත් බවක් ලබා දෙන ලදි.රථ 40කට පමණක් නිෂ්පාදනය සීම වේ.

04. Mercedes Maybach Exelero

මිල: ඩොලර් මිලියන 8

මෙය මෙතරම් මිල අධික වන්නේ මෙහි ඇති එන්ජින් තාක්ෂණයන්,වායුගතික ශරීර වැඩ සහ කාබන් ෆයිබර් යන සියල්ලම සුමට ලෙස ධාවනය කිරීම සඳහා නිර්මාණය කිරීම නිසාය.අශ්වබල 690ක් (510kw)නිපදවන twin-turbo V12 එන්ජිමකින් පණ ලබයි.මෙහි උපරිම වේගය 350 km/h ලෙස සඳහන් වේ.දැනට වාර්තා අනුව මෙම රථ 12ක් නිපදවා ඇත.

03. Bugatti Centodieci

මිල: ඩොලර් මිලියන 9

Bugatti පසුගිය වසරේ Pebble Beach මෝටර් රථ සතියේදී මෙම Centodieci රථය ආරම්භ කරන ලදි.මෙයද අතිශය දුර්ලභ මෝටර් රථයකි.Centodieci රථ ඒකක 10කට සීමා වී ඇත.මෙම රථය Bugatti සමාගමේ 110වන සංවත්සරය සැමරීම සඳහා නිර්මාණය කරන ලද්දකි.මෙය Bugatti Chiron රථයට වඩා 20kg කින් බරින් අඩුය.8.0L quad-turbocharged W16 සුපිරි එන්ජිමක් හදවත ලෙස ක්‍රියා කරයි.පරිගණක ආධාරයෙන් ත්‍රිමාන නිර්මාණ ශිල්පීය ක්‍රම භාවිතය නිසා Centodieci රථයේ සැලසුම මාස හයකින් නිම කිරීමට Bugatti කණ්ඩායමට හැකි විය.

02. Rolls-Royce Sweptail

මිල: ඩොලර් මිලියන 12.8

මෙය 2017 වසරේදී එළිදක්වනු ලැබූවේ ලොව මිල අධිකම මෝටර් රථය ලෙසය.නමුත් Rolls-Royce සමාගම විසින් මෙය නිල වශයෙන් තහවුරු කර නොමැත.දොර දෙකක කූපේ මාදිලියේ මෝටර් රථයකි.6.75L V12 එන්ජිමක් ඇති අතර වේග 8ක ස්වංක්‍රීය ගියර පද්ධතියක් ඇත.මෙහි ඇති සැපපහසුවකම් පිළිබඳව කිව යුතු නැත.

01. Bugatti La Voiture Noire

මිල: ඩොලර් මිලියන

ඩොලර් මිලියන 12.5ක මිල ටැගයක් සහ බදු ගෙවීමෙන් පසු ඩොලර් මිලියන 18.7ක විකුණුම් මිලක් සහිත Bugatti La Voiture Noire රථය මෙතෙක් නිපදවා ඇති මිල අධිකම නව මෝටර් රථය වේ. මෙහි Chiron රථය මෙන් quad-turbo 8.0L W16 එන්ජිම භාවිතා වේ. මෙයට අශ්වබල 1479ක් නිපදවිය හැකිය. සයිලන්සර 6කින් මෙම La Voiture Noire රථය සමන්විතය. Jean Bugatti's personal Type 57SC Atlantic හී නව්‍යකරණය මෙය වේ.

සුවිශේෂීම කරුණ වන්නේ La Voiture රථ එකක් පමණක් නිපදවා තිබීම සහ එහි අයිතිකරු ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එහි හිමි කරු වීමත් ය.

Ronaldo buys the most expensive car in the world
Ronaldo buys the most expensive car in the world Cristiano Ronaldo’s new car has cost him nearly 11 million euros, making it the ...