Loading...
Android system update එකක් ආකාරයට පැමිණෙන නව spyware එකක් හඳුනාගැනීමට විශ්ලේෂකයන් පිරිසක් සමත් වේ

Security Patches Update වලට ඔයාල ගොඩක් අය එච්චරම කැමති නෑ නේද ? මොකද ගොඩක් අය කැමතිම Android Updates වලට, එහෙම නැත්නම් Major Updates වලට.. නමුත් අපි හැමෝම හොඳින්ම දැනගන්න ඕන Major Updates වගේම Security Patches අපේ Smartphone එකට අත්‍යාවශයි කියල. ඒ මොකද කියනව නම් ජංගම දුරකථන වලට එල්ල වෙන Malicious Attacks වලින් ඔයාගෙ Smartphone එක ආරක්ෂා කරන්නෙ මේ Security Patches Updates හරහා. ඉතින් ඒ නිසා මාසෙන් මාසෙට ඔයාට ලැබෙන Security Patches Updates ඉක්මනින්ම දාගන්න අමතක කරන්න එපා.

සාමාන්‍යයෙන් ඔයා Apps Download කරගන්නෙ Play Store හරහා නම් ඒක ගොඩක් හොඳ තීරණයක්. වාර්තා වන ආකාරයට පසුගිය දින කිහිපයේ ඉඳන්ම Attackers ල එහෙමත් නැත්නම් විවිධ වෛරස් බෙදාහරින්නන් උත්සහ කරමින් ඉන්නෙ බොහොම භයානක වගේම හානිදායක වෛරස් ඔයාගෙ Smartphone එකට එවන්න. ඒ නිසා ඔයා Play Store වලින් හැර වෙනත් ක්‍රම මගින් Apps Download කරද්දි ටිකක් පරිස්සම් වෙන්න.

ඉතින් මේ වෛරස් බොහොම සූක්ෂම විදියට තමයි අපේ Smartphone එකට එන්නෙ. පසුගිය සතියෙදි Mobile Security Researchersල සොයගන්න සමත් වෙනව System Update එකක් විදියට අපේ Smartphone එකට Install වෙන Spyware App එකක්. මේ හරහා අපේ Smartphone එක සම්පූර්ණයෙන්ම පාලනය කිරීමේ බලය/අවසරය මේ App එකට ලැබෙනව.

පළමුවෙන්ම මේ ආකාරයේ Spyware App එක සොයාගනු ලැබුවේ Zimperium නම් ආරක්ෂක සමාගමයි. නවීන ආකාරයෙන් නිර්මාණය වී තිබූ මෙම App එක අපගේ ජංගම දුරකථනයට ඇතුලු වන්නේ Google Play Store හැර වෙනත් ක්‍රමයන් මගින් Apps Install කිරීමෙන්ය. ඉන්පසුව සාමාන්‍ය System Update එකක් ලෙස ජංගම දුරකථනයට ලබා දෙන ව්‍යාජ Update එකක් හරහා අදාළ Spyware App එක අපගේ ජංගම දුරකථනයට Install වේ. මේ ආකාරයට එය Install වූ පසු අපගේ දත්තයන් කිසිවක් ආරක්ෂා වන්නේ නැහැ.

මේ Spyware App එක හරහා අපගේ ජංගම දුරකථනයේ Messages, Contacts, Search History සහ Bookmarks බැලීමට සහ Upload කිරීමට හැකිය. එමෙන්ම එයට අප සිටින ස්ථානය නිරීක්ෂණය කිරීමට (Track Locations), කැමරාව භාවිතයෙන් ඡායාරූප ලබා ගැනීමට, ලබගන්නා හා ලැබෙන දුරකථන ඇමතුම් සහ බාහිර ශ්‍රව්‍ය උපකරණයන් පටිගත කිරීමට සහ ඔබ දැනට Copy කරගෙන ඇති Content එක පවා ලබා ගැනීමට හැකිය.

කොහොම නමුත් මෙවැනි අන්තර්ගතයන් ඇතුළත් Apps කිසිවිටකත් Play Store තුළ නැහැ. ඒ නිසා Play Store හරහා පමණක් Apps Install කරගන්නා අය අනවශ්‍ය බියක් ඇතිකරගන්න එපා.. මුලින්ම මතක් කරා වගේ ඔයාට ලැබෙන Security Updates Install කරගන්න අමතක කරන්න එපා. එ වගේම Play Store හැර Apk ආකාරයට Apps Install කරගන්න කෙනෙක් නම් APK Mirror වගේ Site එකක් භාවිත කරනව නම් ගොඩක් හොඳයි.

Source :- Android Police