Loading...
ONE Ui 2.1 Update එක Galaxy S9 Note 9 Series වලටත්

ඔන්න One Ui 2.1 Update එක එන දවස් වලම වගේ අපි දැනුවත් කරා Samsung ලා මේ S20 Features Update එක එයාලාගේ පරන Flagship Device වලටත් එවන්න බලාපොරොත්තුවෙන් සිටින බව කොහොම උනත් සමහර දෙනෙක් එහෙම එන්නේ නැති වෙයි කියලා දැඩි මත ප්‍රකාශ කරත් තවත් සමහර දෙනෙක් මේ Update එක එනකන් මග බලන් හිටියා. ඉතින් බලන් ඉදපු නොයිදපු හැමෝටම වගේ සුභ ආරංචියක් අරන් තමා අද මේ Post එක අරන් එන්නේ. ඉතින් වැඩි කතා නැතුව අද කතා කරන්න ආපු කාරනේ ගැන කතා කරලා ඉන්නම්.

Samsung සමාගම මේ වෙනකොටත් එයාලාගේ S9 සහා S9+ යන Device වලට One Ui 2.1 Update එක Rollout කරමින් පවතිනවා Germany South Korea කියන රවල් දෙකට. ඉදිරියේදි අපිට තවත් රටවල් සදහා මේ Update එක Rollout කරනවා දැක බලා ගන්න පුලුවන් වේවි. Update එක 100% ම Android 10 Based වෙලා එන්නේ හරියටම කිව්වොත් Android 10 ONE Ui 2.0 Update එක සමග ආපු නැති ගොඩක් Features ඇතුලත් කරලා තමා මේ Update එක Rollout කරන්නේ. කලින් සදහන් කරා S20 Features Update කියලා S10 Note 10 Series වලට මේ ONE Ui 2.1 Update එක Rollout කරේ ගොඩක්ම S20 සමග පැමිනි Features එකතු කරලා ඉතින් S20 වල පැමිනි Features වලින් කිහිපයක් හෝ අපිට Note 9 S9 Series වලට ලබා දෙයි කියන වශ්වාසය තියන්න පුලුවන්.

දැනට සදහන් වන පරිති Apple වලට වෙන්වූ Air Drop වගේම Samsung වලට පැමිනි Quick Share Option එක මේ Update එකට ඇතුලත් කර තිබෙන සදහන් වෙනවා. ඒ වගේම Multi Device Audio Stream Option එකද ඇතුලත් කර තිබෙනවා. Camera Side එක ගැන කතා කරොත් අලුත් Update එක මගින් Camera Interface එකෙහි යම් වෙනස් වීම් සමග Video Pro Mode ද ඇතුලත් කර තිබෙනවා. මෙහිදි සදහන් කරනු ලැබුවේ දැනට ආරංචි උන Features ගැන පමනයි. අපිට තවත් අලුත් උන Features ඉස්සරහදි දැන ගන්න ලැබේවී ඒ ගැනත් අනිවාරෙන්ම දැනුවත් කරන්නම්. බලාපොරොත්තුවෙන් හිටිය අයට මේක හොද ආරංචියක් වෙයි.

Post එක අනිත් අයටත් දැන ගන්න Share කරන්න. ඔයාලාගේ අදහස් අනිවාරෙන්ම Comment Section එකේ පල කරන්න තවත් අලුත් Post එකකින් මේ වගේම හමුවෙමු එතකන් ජය හැමොටම.