Loading...
OnePlus 9RT දුරකතනය ඔක්තෝම්බර් 13 වන දි​න එළිදැක්වීමට කටයුතු කරන බ​ව OnePlus ආයතනය විසින් දැනුම් ​දේ

OnePlus ආයතනය විසින් ඔවුන්ගේ නවතම දුරකතනය වන OnePlus 9RT දුරකතනය ඔක්තෝම්බර් මස 13 වන දින එළිදැක්වීමට කටයුතු කරන බව සිකුරාදා දින නිවේදනය කරනු ලැබුවා. ඒ සමගම ඔවුන් OnePlus 9RTහි key specs මොනවද කියලත් තහවුරු කරනු ලැබුවා.

මෙමෙ ස්මාර්ට් ජංගම දුරකතනය LPDDR5 RAM එකකින් හා UFS 3.1 storage එකකින් සමන්විත අතර Snapdragon 888 SoC එකකිං බලගැන්වෙනවා. එමෙන්ම එය 120Hz E4 තිරයකින්  හා 65W fast charging සමග 4500mAh බැටරියකින් සමන්විත වෙනවා. ඒ වගේම නිකුත් උනු පින්තූර වලට අනුව මෙහි ප්‍රාථමික කැමරාව 50MP ලෙස තමා දැකගන්නට ලැබෙන්නෙ.

9RT දුරකතනය කොපමණ RAM ධාරිතාවයක් සමග එනවාදැයි OnePlus ආයතනය හෙලි නොකළ නමුත් Geekbench වලට අනුව එහි RAM ධාරිතාව 12GB  බවට අපට දැනගන්නට ලැබෙනවා. බොහෝ විට එහි 8GB option එකක්ද තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

9RT දුරකතනය Black & Grey ලෙස වර්ණ දෙකකින් එළිදැක්වෙන බව දුරකතන නිෂ්පාදන සමාගම තරවුරු කරන ලද අතර මෙය ඔක්තෝබර් 13 දා සිට චීනයේ pre-oder සඳහා ලබා දෙනවා වගේම ඔක්තෝබර් 19 වැනිදා සිට අලෙවි කිරීමට නියමිත බව පවසනවා.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයට JD.com හා Suning.com හරහා මෙය pre-book කළ හැක.

Source: weibo(1), weibo(2)