Loading...
OnePlus Nord දුරකථනය 30W Fast Charging පහසුකම සමඟින් නියමිත බව සහතික මගින් සනාථ වේ

ඉතින් මේ වෙද්දි අපි දන්න කාරණයක් තමා OnePlus ලා mid range device එකක් සම්බන්ධයෙන් වැඩ කරමින් ඉන්නවා කියන එක. දවස් කීපයකට කලින් Geekbench database website එකේ “OnePlus AC2003” කියන model number එක යටතේ අලුත් OnePlus device එකක් appear උනා. එතනදි ඒ device එකේ key specs සහ features කීපයකුත් spot කරගන්න හැකියාව ලැබුනා. ඉතින් පසුගිය ජූනි 19 වැනිදා TUV Rheinland certification website එකේ ඒ model number එක bare කරන device එකම detect උනා. එතනදි අපිට confirm උන වැදගත්ම දේ තමා OnePlus ලා මේ device එකට 30W Fast Charging support එකත් ලබා දෙනව කියන දේ.

ඉතින් ඒ අතරතුරේ ම BIS Certification website එකේ OnePlus AC2001 model number එක තියෙන OnePlus Nord smartphone එකත් spot උනා. තවම confirm වෙලා නැතත් මේ device එක OnePlus Nord විදිහට හෝ OnePlus Z විදිහටයි market එකට පිවිසෙන්නේ. නම කොහොම උනත් මේ තියෙන්න අපිට හොයා ගන්න පුලුවන් උනු දේවල්.

OnePlus Nord 5G (or OnePlus Z) 30W fast charging confirmed, clears the Indian BIS certification as well


ඉතින් මේ BIS Certification එක දිහා බැලුවම අපිට කියන්න පුලුවන් මේ device එක ඉන්දියාවට ඉක්මනට නිකුත් වෙනවා කියලා. එහෙම උනත් අපිට තාම් නිශ්චිත දිනයක් ප්‍රකාශ කරන්න බෑ.

ඉතින් මේ TUV Rheinland certification image එකට අනුව OnePlus AC2003 smartphone එක feature කරන්නේ 5V/6A charging speed එකක්. ඒක resonate වෙන්නෙ 30W fast charging facility එකට යි.

Charging speed එකට අමතරව, TUV certification මේ device එක ගැන වෙන තොරතුරු කිසිවක් reveal කරන්නෙ නෑ.

කෙසේ වෙතත් Geekbench listing එකේදි reveal කරල තියෙන විදිහට මේ device එක power වෙන්නේ octa-core Qualcomm Snapdragon 765G processor එකකින්. ඒ වගේම 12GB RAM එකක් එක්ක මේක pair වෙනවා. Software පැත්ත බැලුවම, OnePlus Nord එක ship වෙන්නෙ latest Android 10 OS එකත් එක්කයි. මේ device එක Single-Core tests වල points 612 කුත් Multi-Core tests වල points 1955 කුත් රැස් කරගන්න සමත් වෙලා තියෙනවා.

මේ device එකේ specifications වලට එද්දි OnePlus Nord එකට feature වෙනව කියල කියන්නෙ 90Hz refresh rate එකක් එක්ක 6.4-inch AMOLED panel එකක්. Front camera එක එන්නෙ centrally-aligned punch-hole එකකයි. Rear camera එක ගත්තම, OnePlus Nord එකට feature වෙන්නෙ triple rear camera setup එකක්. Device එක battery එක ගත්තම, 4,000mAh battery එකක් එක්ක 30W fast charging facility එක feature වෙන්නේ USB Type-C charging port එකකුත් එක්කයි.

ඉතින් OnePlus Nord (OnePlus Z) එක ගැන ඔයාගෙ අදහස් මොනවද? කතා කරමු comment section එකේ.