Loading...
Oppo සමාගම විසින් extendable display එකකින් යුතු ජංගම දුරකතනයක් සඳහා patent බලපත්‍ර ලබා ගනී

ඔබට මතක ඇති මිට පෙර අපි OPPO සමාගම අමුතු අකාරයේ Foldable Smartphone කිහිපයක් සදහා Patent බලපත්‍ර ලබා ගත් බව. ඒ වගේම දැන් OPPO සමාගම Extendable Display එකක් සහිත Smartphone එකක් සදහා Patent බලපත්‍රය ලබාගෙන තිබෙනවා. මේ Patent බලපත්‍රය ඔවුන් විසින් CNIPA (China National Intellectual Property Administration) වෙත 2020 අප්‍රේල් මාසයේ දි ගොනු කරනු ලැබු අතර පසුගිය දිනකදි ඒ සදහා අනුමැතිය ලැබි තිබුණා.

OPPO සමාගමේ මේ Extendable Display Design එක සහිත Smartphone එක LG සමාගමේ LG Rollable Smartphone එකට යම්තාක් දුරට සමානකම් දක්වනවා. ඒ මෙහිදිත් ඉදරියට රෝල කල හැකි Display එකක් භාවිත වෙන බැවින්. ඒ වගේම මේ Smartphone එකත් Full Display Device එකක් වෙනවා එනම් මෙහි අපිට Notch එකක් හෝ Punch-Hole එකක් දකින්න හැකියාවක් නැ. ඒ අනුව මේ Device එක බොහෝ විට Under Display Camera Setup අඩංගු වෙයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මෙහි කිසිදු Button එකක් බලාගැනිමට හැකියාවකුත් නැ. පිටුපස Single lens Camera එකක් දැක ගන්න පුළුවන්.

කෙසේ වෙතත් මේ Smartphone එකේ වැදගත්ම කොටස වෙන්නේ එහි ඇති Extendable Display එකයි. එනම් මේ Smartphone එකේ Display එක ඉහලට ඇදිම මගින් Display එකේ ප්‍රමාණය වැඩි කර ගත හැකි වෙනවා. ඒ වගේම මේ සදහා ඔවුන් යොදා ගන්නා Display එක LG Rollable Display එකක් වැනි Display එකක් විය යුතු බවත් පැහැදිලි වෙනවා.

මේ Design එක පිළිබඳව OPPO සමාගමේ OPPO INNO DAY 2020 Conference එකේ දි වැඩිදුර තොරතුරු හෙලිවනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : LetsGoDigital , Gizmochina