Loading...
Porsche 911 GT2/911 GT2 RS

Porsche යනු, 1931 වසරේදී ඇරඹි ජර්මානු මෝටර් රථ නිෂ්පාදන ආයතනක් වේ. වොක්ස්වැගන් සමාගම සතු මෙය වඩාත් ප්‍රසිද්ධියක් උසුලනු ලබන්නේ Sport Cars සඳහා වේ. අද අපි කතා කරන්න යන්නෙ මෙයාලගෙ 911 lineup එකේ තියන most expensive කාර් එක වගේම Porsche සමාගම මෙතෙක් නිපදවා ඇති වේගවත්ම මෝටර් රථය වෙන Porsche 911 GT2/911 GT2 RS ගැන.

Official Porsche Website - Dr. Ing. h.c. F. Porsche AG
Welcome to the official Porsche Website with detailed information about Porsche Models, Pre-owned Cars, Porsche Motorsport, the company, etc.

ආරම්භය

1993 වසරේ සිට නිපදවනු ලබන මෙම 911 GT2 මෝටර් රථය 2010 වසරේ සිට හඳුන්වනු ලබන්නේ Porsche 911 GT2 RS ලෙසයි.

කාර් එක ගැන බලමු

911 GT2 කාර් එකට බේස් වෙලා තියෙන්නෙ Porsche 911turbo කාර් එක.911 GT2 කාර් එකට යූස් කරන්නෙත් 911 Turbo කාර් එකට යූස් කරන twin-turbocharged එන්ජින් එකමයි. හැබැයි 911 GT2 එකට එද්දි විශාල වැඩිදියුණු කිරීම් ප්‍රමාණයක් කරලා තියනවා. එන්ජින් එකට අමතරව 911 GT2 කාර් එකේ විශාල බ්‍රේක් ඩිස්ක්, සස්පෙන්ෂන් වල විශාල වෙනස්කම් කරලා තියනවා.

Front Brakes :One piece aluminum six-piston racing calipers
Rear Brakes :One piece aluminum four-piston racing calipers

Front Brake Size :390.0 mm | 15.354 in.
Rear Brake Size :355.0 mm | 13.976 in.

ඒ වගේම තමයි Porsche 911 GT2 එක මේතරම් ෆාස්‍ට් වෙන්න විශාලම හේතුව වෙලා තියෙන්නෙ මේකෙ තියන සැහැල්ලු බව. හරියටම කියනවනම් 911 turbo එක 3,636lbක් බරයි.911 GT2 එකේ බර වෙන්නෙ 3,241 lbක් එහෙම බැලුවම 395lb ක් සැහැල්ලුයි. මෙම සැහැල්ලු බව ලබාගෙන ඇත්තේ all wheel drive වෙනුවට rear wheel drive පාවිච්චි කරලා. ඒ වගේම තමා 911 turbo එකේ තිබුන fancy components ටිකකුත් අයින් කරලා තියනවා.

බලය

911 GT2 කාර් එකට කලින් කිව්වා වගේ යූස් කරන්නෙ 911 turbo එකේ යූස් කරන වැඩිදියුණු කරන ලද එන්ජින් එක. ඇත්තටම මේක 3.8L flat-six එන්ජින් එකක්. (ඔව් ඔව් මහ ලොකු එන්ජින් එකක් නෙවේ තමයි. හැබැයි වැඩ ලොකුයි). ඒ වගේම seven speed dual-clutch automatic transmission එකක් තමා මේකෙ තියෙන්නෙ. Porsche 911 GT2 කාර් එකට 0-60mph වලට ටෙලිපෝර්ට් වෙන්න යන්නෙ තත්පර 2.6ක්. (කිව්වනෙ වැඩ පොඩි නෑ කියලා)

0-60 mph :2.6 seconds.
Top Speed :211 mph | 339.499 km/h

මිනුම්

Length :179.4 in | 4557 mm.
Width :80.4 in | 2042 mm.
Wheelbase :99.1 in | 2516 mm.

තියපු වාර්තා මොකුත් තියනවද

Nürburgring එකේ තියපු රෙකෝඩ් එක ඔයාලගෙ ඇස් දෙකෙන්ම බලාගන්නකො.