Loading...
IFA Berlin 2020හිදී Realme සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදන රැසක් යුරෝපානු වෙළඳපලට හඳුන්වාදේ

IFA 2020 conference එක යනු Realme සමාගම සහභාගී වන ප්‍රථම IFA Conference එකයි. පසුගිය සැප්තැම්බර් 4 වන දින Realme සමාගම විසින් ඉදිරියේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත් නිෂ්පාදන බොහොමයක් එහිදී එලිදැක්වූවා.

යුරෝපානු කලාපයේ Realme ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන Madhav Sheth විසින් එහිදී ප්‍රකාශ කලේ, ඔවුන්ගේ් ඉලක්කය වන්නේ ඉදිරි වර්ෂය වන විට යුරෝපානු කලාපයේ හොඳම ජංගම දුරකථන සන්නාම නාම 5 අතරට ඇතුල් වීම බවයි. මේ වන විට Realme සමාගමේ ප්‍රධාන වෙළඳපල වන්නේ ඉන්දියාව වන අතර, ඉදිරියේදී එය යුරෝපය වෙත යොමු වී ඇත,

Realme announces brand and product strategy at IFA 2020

මෙහිදී Realme සමාගම විසින් යුරෝපයට හඳුන්වාදීමට නියමිතව පවත්න ඔවුන්ගේ AIoT devices ගැන සඳහන් කලා. ඒ අනුව Realme සමාගම විසින් Realme Smart TV 55", Realme Smaet Bulb සහ Smart cam 360° යුරෝපයට හඳුන්වා දීමට නියමිතයි.

Realme Buds Air Pro සහ Buds Wireless Pro යන TWS earbudsද, ඔවුන් විසින් නිෂ්පාදිත Realme Watch S Pro නම් smart watch එකද ඔවුන් අද යුරෝපයට හඳුන්වා දුන්නා.

Today’s briefing also confirmed the upcoming European launch of the Realme 7 series. The Realme V5, X7 series, Buds Air Pro and Watch S Pro will be joining it in Q4 2020. We also got a teaser for the global launch of the Narzo 20 series.

Realme සමාගම විසින් යුරෝපය තුල launch කරන පළමු දුරකථනය ලෙස Realme 7 series එක IFA 2020හිදී launch කරනු ලැබුවා. ඒ සමඟම Realme V5, X7 series, Buds Air Pro සහ Watch S Pro යන නිෂ්පාදන හතරවන කාර්තුවේදී යුරෝපානු වෙළඳපලට නිකුත් වීමට නියමිතය.

එමෙන්ම Realme සමාගම විසින් Nazro 20 නම් series එකක global launch එක ගැන මෙහිදී සඳහන් කරා. මීට අමතරව Realme සමාගම විසින් 2020දී AIoT devices 50ක් සහ 2021 වසරේදී තවත් AIoT devices 100ක් හඳුන්වා දීමර සිටින බව මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. මේ සමඟම Realme AIoT devices සියල්ලම පාලනය කිරීමට යොදාගත හැකි Realme link නම් app එකද හඳුන්වා දී තිබෙනවා.

Realme සමාගම විසින් IFA Berlin 2020හිදී කල සම්පූර්ණ ඉදිරිපත් කිරීම පහතින් ඔබට නැරඹිය හැකිය.

Source: GSM Arena