Loading...
එකම ස්ථානකට ගමන් කරන තවත් මිතුරන් සොයාගෙන ඔවුන්ට උදව් වෙන්න උදව් කරන, යමං මච​ං

යමංමචං ඇප් එක කියන්නේ වර්තමාන ඉන්ධන සහ ආර්ථික අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් අවශ්‍ය පුද්ගලයන් සහ නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැපයිය හැකි පුද්ගලයන් මුණගස්වන ජංගම දුරකථන වැඩසටහනක්.

නොමිලයේ භාගත කර ගත හැකි මේ වැඩසටහන හරහා ගමනා ගමන පහසුකම් අවශ්‍ය කෙනෙකුට තමන්ගේ ගමනාගමන අවශ්‍යතාව සහ වාහනයක හෝ යතුරුපැදියක ඉඩකඩ ඇති කෙනෙකුට තමන් යන ගමනාන්තය දක්වා තව කෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයිය හැකි බවට තොරතුරු  මෙම මෘදුකාංගයට එක් කළ හැකියි. එසේ එක්කරන තොරතුරු අනුව අවශ්‍යතාව ඇත්තා සහ පහසුකම සපයන තැනැත්තාට සම්බන්ධ වී තම අවශ්‍යතාව සපුරාගැනීමට හැකිය.

මේ වන විටත් සැළකිය යුතු ජංගම දුරකථන පරිශීලකයන් සංඛාවක් මෙම වැඩසටහන භාගත කරගෙන ඇති අතර ඒ හරහා විශාල සංඛ්‍යාවක් මෙම පහසුකම ලබාගනිමින් සිටින බව මෙම වැඩසටහනේ නිර්මාණකරු රවිඳු දිල්ශාන් දිනමිණට පැවැසීය. මෙම ජංගම දුරකථන වැඩසටහන Google Play Store වෙතින් සහ Huwawei App gallery වෙත පිවිස භාගත කරගත හැක

මෙතනි එහාට තියෙන්නේ App එකේ නිර්මාපකයන් විසින් අප හමුවේ ඉදිරිපත් කල සටහනකි. ඒ හරහා වඩාත් හොඳ අදහසක් ඔබට ලබා ගැනීමට හැකි බව අප විශ්වාස කරමු.

01. යමන් මචන් ඇප් එක කියන්නෙ මොකද්ද ඒකෙන් කෙරෙන්නෙ මොකද්ද?

මේක Ridesharing ඇප් එකක්. ඔයාගෙ වාහනේ ඔයා විතරක් තනියම යනවනම් වාහනේ ඉඩ තියනවනම් ඔයාගෙ ගමනාන්තය මේ ඇප් එකට ඇඩ් කරන්න පුලුවන් මම මේ දවසෙ මේ වෙලාවට මේ තැනට යනවා මට තව දෙන්නෙක් අරගෙන යන්න පුලුවන් කියලා. එතකොට මේ ඇප් එක හරහා ඒ වෙලාවෙම ඔයා යන පැත්තට යන්න ඉන්න වාහනයක් නැති කෙනෙක්ට ඔයා එක්ක යන්න පුලුවන්. උදාහරණයකට ඔයා බයික් එකක යනවනම් ඔයාට මේකෙ දාන්න පුලුවන් හෙල්මට් එකක් අරන් එන්න කියලා.

මේකෙ දෙවනි කොටසේ update එක විදිහට ඉක්මනටම දෙන්න තියෙන පහසුකමක් තම​යි ඔයාට ගමනක් යන්න තියනවා ඒත් මේ තෙල් ප්‍රශ්නය නිසා ඔයාට යන්න විදිහක් නැහැ. ඒ වෙලාවට ඔයාට මේ ඇප් එක හරහා ඔයා යන තැනට යන්න කෙනෙක් ඉන්නවනම් එයාව සෙට් කරගෙන ඔයාට එයා එක්ක යන්න පුලුවන්.

02. යමං මචං iOS වලට දෙනවද?

දෙන්න බලාපොරොත්තුවක් තියනවා පහසුම් වල අඩු පාඩු නිසා මේ වෙලාවෙ දෙන්න බැරි උනත් යාලුවන්ගෙ උදව් එක්ක අපිට ඉස්සරහට දෙන්න බැරිවෙන එකක් නැහැ.

මේ ලිපිය කියවන ඔයා iOS සඳහා apps develop කරන කෙනෙක් නම් මේ app එකට ඔයාගෙ පැත්තෙන් දෙන්න පුළුවන් උදව්ව දෙන්න ඔවුන්ව සම්බන්ධ කරගන්න.

03. මේකෙ ආරක්ශාව කොහොමද?

ඇප් එකට පර්මිශන් ගන්නෙ GPS වලට විතරයි. ඒ ඔයා ඉන්න තැන ඉදලා ලගම ඉන්න කෙනෙක් මැප් එකෙන් හොයාගන්න ඔනි නිසා ඒ ඇරෙන්න ඔයාට මේකෙ කිසිම ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරන්න අපිට ඔයාගෙ වෙන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නෙ නෑ.

ඔයාගෙ ජංගම දුරකතන අංකය ඇඩ් කරන්න තියනවා. ඒකත් ඔයාට අනිත් අය එක්ක සම්බන්ද වෙන්න ඔනි නිසා ඔයාගෙ කැමැත්තෙන් දෙන එකක්.

04. දෙවනියට අපි යන අය ගැන විශ්වාස කරන්නෙ කොහොමද?

අපි ඔයාලට තැනක් හදලා දෙන එක විතරයි කරන්නෙ ඔයා එක්ක යන කෙනා කොහොම කෙනෙක්ද කියලා අපිට බලන්න දැනගන්න විදිහක් නැහැ.හැබැයි බොරුවට දාල තියන එකක් අයින් කරන්න අපි රිපොර්ට් ඔප්ශන් එක දීලා තියනවා.

අද කාලෙ ඔයා පාරෙ අත දාල හයර් එකට නැගලා යන වාහනේ යන කෙනෙත් විශ්වාස කරන්න බැහැ එහෙම බැලුවොත්. ගැහැනු ලමයෙක්නම් දෙන්නෙක් එක්ක යන එක හොදයි ඔයාගෙ වාහනේ කවුරු හරි දාගෙන යනවනම් දෙන්නෙක් එක්ක යන වෙලාවට දාගෙන යන එක හොදයි. ආරක්ශාව පැත්තෙන්.

05. මේ සේවාවෙන් ලැබෙන වා​සි

  • මේ වගේ තෙල් නැති කාලෙක යන්න විදිහක් නැති අයට උදව්වක් වෙනවා
  • මේ කාලෙ සල්ලි කියන්නෙ බොහොම වටින දෙයක් ආර්තික අමාරුකම් වලින් ඉන්න කෙනෙකුට මේකෙන් ගමනක් යන්න උදව්වක් ගන්න පුලුවන් වෙනවා.
  • කාලයක් තිස්සෙ කතා කරන වාහන තදබදයට පොඩි හරි විසදුමක් ලැබෙනවා
  • අඩු වාහන ගනනකින් වැඩි පිරිසකට ප්‍රවාහනය සිදුවෙනකොට පරිසර දූශනයට පොඩි හෝ විසදුමක් ලැබෙනවා.

06.  මේක හදපු අයට තියන වාසිය මොකද්ද?

අපිට තියෙන්නෙ ආත්ම තෘප්තිය විතරයි එතනින් එහාට කිසිම ප්‍රතිලාබයක් නැහැ.

07. ප්‍රතිලාබයක් ඕ​නේ නැත්තන් හිටපු ගමන් මේකෙ ඇඩ් යන්නෙ ඇයි?

ඇප් එකක් නඩත්තු කරගෙන යන්න මුදල් අවශ්‍යයි.සවර්ස් වලට ගෙවන්න ඔනි. ඒව ගෙවන්නෙ ඩොලර් වලින් ඩොලර් එකට වෙලා තියන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.අන්න ඒ වගේ වියදම් පියවගන්න පොඩි ඇඩ් එකක් දෙකක් මෙකෙ යනවා. උදව්වක් විදිහට ඒ ගැන තරහා ගන්න එපා.