Loading...
One UI 3.1 සමඟින් Samsung Galaxy S20 ජංගම දුරකතන මාලාවට eSIM පහසුකම ලබා දීමට Samsung සමාගම කටයුතු කරයි

Samsung සමාගම විසින් ඔවුන්ගේ Devices බොහෝමයක් සදහා One UI 3.1 Version එක නිකුත් කර තිබෙනවා. මේ One UI එකේ නිකුත් විම පිළිබඳව අපි මිට පෙර ඔබ වෙත ⁣තොරතුරැ ගෙන ආවා. ඒ වගේම මේ One UI 3.1 Update එක මගින් Galaxy S20 Series එක සදහා eSIM Functionality එක ලබා දි තිබෙනවා.

මෙය සමහර Regions සදහා පමණක් ලැබි ඇති අතර දැනට India ගව සදහා නිකුත් වු One UI Update එක මගින් මේ eSIM Functionality එක ලැබි තිබෙනවා. ඒ වගේම මේ වන විට ඉන්දියාව තුල වු Samsung Galaxy S20 Series Userලා මේ eSIM Functionality එක සාර්ථකව Update එකෙන් පසුව භාවිත කල බවටත් සහතික කර තිබෙනවා. ඒ වගේම Settingවල SIM Card Manager තුලින් eSIM Option එකත් බලා ගන්න පුළුවන්.

Samsung S20 Series එකේ ගැටලුවක් වුණ SIM Cards දෙකක් හා Micro SD Card පත එකවර භාවිත කිරිම නොහැකි විමට මේ eSIM Functionality එක මගින් විසදුමක් ලැබෙනවා. මේ මගින් එක eSIM එක හා Physically SIM එකක් සමග SD Card පතද භාවිත කිරිමට හැකියි. ඒ වගේම ඉදිරියේදි අනෙක් Regions සදහාත් Version Update මගින් මේ eSIM Functionality එක ලැබෙනු ඇත.

Source : Gizmochina