Loading...
Pop-up cameraවත් එක්ක එන Samsung Mobile Family එකේ අලුත් සාමාජිකයා

ඔන්න ටික දවසකට පසේ අලුත් Post එකක් අරන් එන්න හිතුවා මේ ගැන නම් සමහර විට දන්නවා ඇති ටික දෙනෙක් කොහොම උනත් හැමෝටම දැනගන්න එක්ක තමා මේ Post එක ගේන්න හිතුවේ. අද කතා කරන්න යන්නේ Samsung ලා විසින් නැවතත් Mobile Industry එකෙන් ඉවතට ගිය Technology එකක් ගෙන්න යන කතාවක් මේ දවස් වල කනින් කොනින් ඇහෙන්න අරන් තිබෙනවා. ඒ තමා Pop-Up Camera සහිත Device එකක් Samsung ලා විසින් එයාලාගේ Mobile Family එකට පලමු වරට හදුන්වා දෙන්න යනවා.

කලින් සදහන් කර Mobile Industry එකෙන් ඉවතර ගිය කියලා හැදින්වුවේ දැනට 90% වගේ Mobile Companies Punch Hole Type Display වලට මාරු වෙලා තියෙන කාලේක තමා Samsung ලා නැවතත් මේ වැඩේ ආයේ පටන් ගන්න යන්නේ. ගොඩ දෙනෙක් Pop-up camera වලට මාරු වෙන කාලෙක ඒ Trend එක සහමුලින්ම Kill කරලා දාන්න සමත් උනා Samsung ලා Punch Hole Display Market එකට බෙදා හැරීමත් සමග කොහොම උනත් Samsung ලටම නැවතත් මේ Trend එක ගේන්න ඕන වෙලා තියෙනවා.

අපිට ගිය අවුරුදු 2 ගැන කතා කරොත් බොහොමයක්ම Pop-up Camera Phones වගේම Sliding, Rotating Camera සහිත Phones බලා ගන්න ලැබුනා සමහරක් දෙනෙක් ඒකට කැමති උනා තවත් සමහරක් ඒකට අකමැති උනා කොහොම උනත් Samsung ලා එයාලාගේ Mobile Series ඒ කිව්වේ උදාහරණයක් විදිහට ( Galaxy A Series A50 මේ වගේ කන්ඩායම් වලට බෙදලා A50 A70 A80 Etc... මේ වගේ Device බොහොමයක් නිකුත් කරන්නේ විවිදා කාරයේ Fan Base Target කරලා. Rotating Camera වලට ආස අයට A80 ඒ වගේම Snapdragon Chip Set එක්ක හොයන කෙනෙක් ට A70 ඔය වගේ විවිද Fan Base Target කරලා තමා මේ Device නිකුත් කරන්නේ එතකොට 100% මේ Device හැමෝටම ගැලපෙන්නැති වෙන්න පුලුවන් )

කොහොම උනත් 2020 Mobile User කෙනෙක් විදිහට හැමෝම වගේ කැමති Full Screen Body Ratio එකක් තියෙන Device එකක් Use කරන්න. සමහර අයට Outdated Design එක්ක 2020 Phone Release කරාට ගොඩක් Companies බලන්නේ එයාලාගේ Users ලට අලුත් අත්දැකීමක් එකතු කරන්න. Samsung ලා බොහෝ දුරට මේ අලුත් Device එක Mid range හෝ Budget range එකට යොදවයි කියලා  විශ්වාස කරන්න පුලුවන් දැනට ලැබුන Render Images වලට අනුව.

සමහරක් දෙනෙක් කියන්න පුලුවන් 2020 ට Pop Up ගැලපෙන්නේ නැ කියලා නමුත් මේ Device එක Flagship නොවේ. සාමාන්‍යයෙන් අඩු ගානක් දීලා Full Screen Body Ratio එකක් සමග Budget range එකේ Device එකක් Use කරන්න ලැබෙනවා කියනේ ඒක අලුත්ම අත්දැකීමක් වෙයි. Samsung Device ගැන කතාකරොත් අපිට Budget Range එකේ කිසිම Device එකක් Full screen බලා ගන්න ලැබෙන්නේ නැ කලින් සදහන් කරා වගේම මේක අලුත් අද්දැකීමක් වෙයි Samsung Usersලට.

Durability ගැන කෙනෙක්ට ප්‍රශ්නයක් මතු වෙන්න පුලුවන් නමුත් දැනට අවුරුදු දෙකකදි මේ සම්භන්දයෙන් කිසිම Trending Complains වාර්තා වෙලා නැ මේ වෙනකන්. ඒ ගැන ලොකු ප්‍රශ්නයක් නොවෙන්න පුලුවන් අනිත් දේ තමා මේ Device වලට කොහොමටවත් IP68 Waterproof එන්නේ නැති නිසා ලොකු ගැටලුවක් වෙන එකක් නැති වෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්. මේ Device එක ගැන තවත් Information ලැබුන විගසම Specs Post එකකින් ගෙන එන්නම්. ඔයාලාගේ අදහස් අනිවාරෙන් Comment Section එකේ දාන්න අමතක කරන්න එපා.