අද ජීවිතය

ඔයාගේ වයිෆ්ටත් යාළුවො ගොඩක් ඉන්නවනං ඔයා මේ ටික දැන ගෙන සිටිය යුතුමයි

· 1 min read
ඔයාගේ වයිෆ්ටත් යාළුවො ගොඩක් ඉන්නවනං ඔයා මේ ටික දැන ගෙන සිටිය යුතුමයි

වයිෆ්ට ඉන්නව නේද යාළුවො. ඒගොල්ලො ආශ්‍රය කරද්දි හස්බන්ඩ් කෙනෙකුගෙ තියෙන්න ඕන පොඩි රංගනයක්. නැත්තං කතන්දර ගොඩයි. වයිෆ් වුනත් ඔයා ගෙදරදි කොච්චර අවුල් වැඩක් කරත් ඉවසුවට, මේ වගේ තැනකදි ඔයා අවුල් වැඩක් කළොත් අප්සට් යන්න පුළුවන්. ඒ හින්දා වයිෆ්ගෙ යාළුවො ගාවදි වයිෆ්ව ගොඩදාන මේ ක්‍රම ටික ඔලුවෙ තියාගෙනම ඉන්න. නැත්තං ඔයා නැති තැන ඔයා ගැන ඉතාමත් නරක කතා කටින් කට කියවෙයි. ඔය තියෙන නෙට්වර්ක් එකේ හැටියට ඊටපස්සෙ අන්දමන් දූපත් වලින්වත් කෙල්ලෙක් ගොඩදාගන්න වෙන්නෙ නෑ.

1. යාළුවෝ ඉස්සරහ රැඩිකල් වෙන්න එපා

ඔයා රැඩිකල් පොරක් වෙන්න ඇති. ඔයා ලෝකය වඩා සුන්දර තැනක් වෙන්න නං සිද්ධ වෙන්න ඕන වෙනස්කං ගැන හිතනවා ඇති. හැබැයි ඒව ඔය ගෑණු මීටින්වලට අදාල නෑ. රස කෑමක්, ලස්සන පිරිමියෙක්, මල් පෝච්චි, අනුන්ගෙ කුණු ගොඩක්, ලාභ ඇඳුම් කඩයක් වගේ දේවල් අස්සෙ ඔයාගෙ කර්මය සහ පුනර්භවය වගේ ටෝක්ස් හංගගෙන ඉන්න සිදධ වෙනවා.

2. බොන කොට කපටි වෙන්න

වයිෆ්ගෙ යාළුවොන්ගෙ හස්බන්ඩ්ලා එක්ක බොන එක වෙනම දෙයක්. ඒගොලොන්ට බොමුද කියන අයිඩියා එක දාන එක තවත් දෙයක්. ඒ නිසා වයිෆ්ගෙ යාළුවොන්ගෙ හස්බන්ඩ්ලා බොන්න කතා කරනකං කට හොල්ලන්න එපා. එයාලා ඇහුවට පස්සෙත්, වයිෆ් ගාවට ගිහින් අර ඔයාගෙ යාළුවගේ හස්බන්ඩ් මට ෂොට් එකක් දාන්න කතා කළා මං ගිහින් එන්නම් කියලා පොරව පාවලා දීලා යන්න.

3. වයිපරේට ආචාරශීලි වෙන්න

කතා බහ සුද්දවන්ත විය යුතුමයි. අමුතු ලොකු ටෝක් නැතුව නිදහස් ඒත් ෂේප් කතාබහක් තිබිය යුතුමයි. ඒ වගේම ආමන්ත්‍රණයට විශේෂ නමක් තියාගන්න එකත් හොඳයි. ගෙදරදි යෝධියෙ කියලා කතා කරත් ගෑණු කැමතියි පිටක ලෝකෙදි බබා වගේ දේකින් කතා කරන්න.

4. ඩීසන්ට් බබා

ෂේප් ඇඳුම් අඳින්න ඕන. ඔයා අඳින්න ආසා මෙටැලිකා හෝ මෝටර්හෙඩ් ටීෂර්ට් වුනාට එයාගෙ යාළුවො ගාවදි ‍ඩීසන්ට් ඇඳුමකට බහින්න සිද්ධ වෙනවා. ඒ වගේමයි‍ වැදගත් හැසිරීම් ටික ගොඩදාන්නත් වෙනවා. මුණගැහුනම අතට අත, යද්දි හග් එකක් ‍වගේම පෝලිමක මුල් තැන දෙනව වගේ හොඳ පුරුදු ඒ තැන්වලදි කරන්න වෙනවා.

5. කෙයාරින් බබා

ඔයා‍ ගෙදරදි වයි‍ෆ් උන්නද මලාද කියලා හොයන්නෙ නැති පිරිමියෙක් වුනාට යාළුවො ගාවදි එයා ගැන හොයලා බලන්න. ඔයාගෙ ටැබ්ලට්ස් බොන්න තියෙනව නේද? මම දැම්ම කන්නෙ නෑ ඔයා කන්න. වගේ දේවල් යාළුවො ඉන්න තැනම කියන්න. වයිෆ්ගෙ යාළුවොන්ට එයාලගෙ හස්බන්ඩ්ලට පෙන්වන්න පුළුවන් විදියෙ ආදර්ශයක් වෙන්න පුළුවන් නම් ගොඩම තමයි.

6. නෝ ජෝක්ස් ප්ලීස්

ගොං ජෝක් දාන්න එපා. සෙක්ස් ‍ජෝක්ස් දාන්න එපා. කෙටියෙන්ම එච්චරයි.

7. කියන කතා

වයිෆ් මීට කලින් ගෙදරදි ඔයා එක්ක යාළුවො ගැන කියපු කතා අදින්න එපා. ඒක හොඳ ම නැති වැඩක්. කවුරුහරි කියන්නෙ බොරුවක් කියලා තේරුනත් නොදන්න ගානට ඉන්න.

8. වයිෆ්ගෙ වැරදි කියන්න එපා

ගෙදරදි හරියට උයන්නෙ නෑ, චිකන් රස නෑ, පිරිසිදුවට තියාගන්නෙ නෑ, ඇඳුම් අයන් කරලා දෙන්නෙත් මං... ව‍ගේ ටෝක් ඇත්ත වුනත් කියන්න එපා. ඒවායින් එයාව අපහසුතාවයට ලක්කරනවා.

9. ඔබේ මතය

පක්ෂ දේශපාලන මත, ආගම්, ජාති බේද සහ කුලමල මත ඇදලා ගන්න එපා. ඒවා තියෙන්න අරින්න. නැත්තං ඒ තැන්වල ඔයා කියන මතයට බඳුන්වෙන මනුස්සයෙක් හිටියොත් ඒවා ඔයාගෙ පිටින් නරක විදියට යනවා.