Loading...
Smart Inbox, Email Blocking, Priority Emails සහ තවත් විශේෂාංග රැසක් සම​ඟ Spark Mail Windows වෙත

2019 වසරේ ආරම්භ වී ඉතාමත් කෙටි කාලයක් තුල Android පරිශීලකය තුළ විශ්වාසනීයත්වයක් ගොඩනැගූ යෙදවුමක් ලෙස Spark යෙදවුම හැඳින්විය හැක. මෙම යෙදුම පිළිබඳව හැඳින්වීමේ දී මෙය විද්‍යුත් තැපැල් යෙදවුමක් (email app) වන අතර Android තුළ පවතින email app අතරින් ඉතාමත් හොඳ, ගුණාත්මක සේවාවක් ලබාදෙන යෙදවුමක් ලෙස මෙය හැඳින්විය හැකි වේ. තවද එහි නිතරම සිදුවන යාවත්කාලීන කිරීම් (Updates) සහ මෙම යෙදවුම සඳහා ලැබෙන developer support එක හේතුවෙන් මෙය වඩාත් ආකර්ශණීය යෙදුමක් බවට පත් වී හමාරය.

Google Play Store හි මිලියනයකට අධික downloads ප්‍රමාණයක් මෙන්ම ලොව පුරා විවිධ මාධ්‍යන් ඔස්සේ මිලියන 14කට අධික downloads ප්‍රමාණයක් සඳහා හිමිකම් කියන මෙම Spark යෙදවුම Android, Mac, iPhone, iPad, Apple Watch යන platform සඳහා සහය දක්වනු ලබයි. මෙලෙස අතිශය ජනප්‍රියතාවයක් ලබාගෙන සිටින Spark යෙදවුම මෑතකදී Windows සඳහා ද ලබා දුන් අතර එලෙස නිකුත් කිරීමේ දී ඒ සඳහා නව පෙනුමක් මෙන්ම නවතම විශේෂාංග කිහිපයක් ද එක් කිරීමෙනි.

Spark Mail සඳහා ලබා දී ඇති නවතම විශේෂාංග

  1. Smart Inbox පහසුකම මගින් inbox තුළ පුවත් සහ සමාජ මාධ්‍ය alerts වලට වඩා පුද්ගලයන් විසින් එවන ලද emails සඳහා වැඩි ප්‍රමුඛත්වයක ලබාදෙයි.
  2. තෝරාගත් email සඳහා ප්‍රමුඛත්වයක් ලබාදිය හැකි අතර එලෙස ප්‍රමුඛත්වය ලබාදුන් email මගින් ලැබෙන පණිවුඩ inbox හි ඉහළින්ම පෙන්නුම් කිරීමටත් ඒවා highlight කිරීමටත් පහසුකම් සලසා ඇත. එමනිසා වැදගත් email පණිවුඩ අතපසු වීමේ අවදානම අවම මට්ටමක පවත්වා ගැනීමට පරිශීලකයාට අවස්ථාව හිමිවේ.

3. Inbox තුළ පවතින email සඳහා Mark as Done ලබාදීමට හැකියාව ඇත. එලෙස ලකුණු කළ email පණිවුඩ inbox එක තුළින් ඉවත් වීමක් සිදුවන අතර එලෙස සිදුකර inbox තුළ email ප්‍රමාණය සම්පූර්ණයෙන් ඉවත් වූ විට ඒ සඳහා rewards ලබාදීමට ද Spark හි වැඩසටහනක් පවතී.

4. Spark හි ඇති තවත් විශේෂාංගයක් වන්නේ Shortcut Keys භාවිතා කිරීම මගින් එම යෙදවුම තුල ක්‍රියා කිරීමට හැකියාව ලැබීමයි. එමගින් වඩාත් කාර්යක්ෂමව email සමබන්ධ කටයුතු සිදුකර ගැනීමට හැකියාව පවතී.

5. වෙනත්  email apps වලට සාපේක්ෂව මෙහිදී යොදා ඇති Home Screen එක මගින් පරිශීලකයා තුළ උනන්දුවක්, උද්යෝගයක් ඇති කළ හැකි අතරම ප්‍රමුඛතාවය ලබා දී ඇති email පණිවුඩ Home Screen මත ද දිස්වීමෙන් පණිවුඩ පිළිබඳව කල්තියා දැනුවත් වීමට මෙය මහත් සේ ප්‍රයෝජනවත් වේ.

Spark Home Screen ප්‍රමුඛතාවයක් ලබා දී ඇති email පණිවුඩ සඳහන් වී ඇති ආකාරය.

6. බොහෝ අවස්ථාවලදී අප වෙත අනවශ්‍ය email පණිවුඩ ලැබීම බොහෝම සුලබ කාරණයකි. එවැනි අවස්ථාවක අනෙකුත් පණිවුඩ කෙරෙහි අවධානය යොමු කිරීම ද තරමක් අපහසු වීමට ඉඩ ඇත. එම නිසා Spark මගින් පරිශීලකයන් වෙත ලබාදෙනු ලබන විශේෂාංගයක් වන්නේ අලුතෙන් පැමිණෙන පණිවුඩ එක්වරම පෙන්නුම් නොකරන අතර පරිශීලකයා හට Email Block කිරීමේ හැකියාව ද පවතී.

7. එකම email ගිණුමක් මගින් දිගින් දිගටම email පමිණෙන්නේ නම් Spark මගින් ලබා දී ඇති පහසුකම නම් එම අදාල email ගිණුමට අදාල සියලුම පණිවුඩ select කිරීමටත් ඉන්පසුව Mark as Done කිරීම මගින් එක්වරම සියලුම එම එවන්නාගේ පණිවුඩ Inbox තුලින් ඉවත් වීමත් ය.

8. Spark මගින් එක් email පණිවුඩයක් සඳහා attach කිරීමට ඇති files වල ප්‍රමාණය 25MB දක්වා ඉහල දමා ඇති අතර එම පණිවුඩය ලබන්නා හට (Receiver) එම attachments ආරක්ෂිතව download කර ගැනීම සඳහාද අවස්ථාව සලසා ඇත.

ඉහත සඳහන් Spark Mail වෙතින් ලැබෙන Features පිළිබඳව වැඩිදුරටත් දැනගැනීම සඳහා පිවිසෙන්න.

මෙලෙස පරිශීලකයන් වෙත නවතම අත්දැකීමක් ගෙන එන Spark, macOS, iOS, Android සහ Windows යන platform හරහා ලබාගත හැකිය. මෙම යෙදවුම download කිරීම සඳහා කිසිඳු ගාස්තුවක් වැය නොවන අතර (Free Download) මොවුන්ගේ Premium Plans පහසුකමක් ද හඳුන්වා දී ඇත. එහිදී නව පරිශීලකයෙක් නම් මාසිකව ඩොලර් 4.99 ($ 4.99) ක් හෝ වාර්ෂිකව ඩොලර් 59.99 ($ 59.99) ක් ගෙවීම සිදුකළ යුතුය.

කෙසේ නමුත් මෙහි Free Plan හරහා වුව ද පරිශීලකයන් වෙත අනෙකුත් මෙවැනි අන්දමේ යෙදවුම් තුළින් නොලැබෙන විශේෂාංග රාශියල් ලබාගත හැකිවන බව සඳහන් කළ යුතුය.

Sources: Spark Mail Smarkmail Blog