Loading...
ලොව ප්‍රචලිත Alcatel සහ TCL සමාගම් වලින්, 2021 වර්ෂයට අතේ ඇති මුදලට උපරිම පහසුකම් ලබා දෙන ජංගම දුරකතන 10ක්

අපි අද කතා කරන්න යන්නේ Android වැඩකාරයෝ වෙබ් අඩවියෙන් මීට පෙර කතා නොකරපු ජංගම දුරකතන වර්ග දෙකක් පිළිබඳවයි. Android වැඩකාරයෝ වෙබ් අඩවිය විසින් මේ වෙනකොට විශාල තාක්ෂණික පුවත් ප්‍රමාණයක් ගෙන ආවත් අපි අද කතා කරන්න යන ජංගම දුරකතන වර්ග දෙක පිළිබඳව කිසිඳු පුවතක් හෝ ලිපියක් ගෙන ආ තිබුණේ නැත.

අපි අද කතා කරන්න හදන ජංගම දුරකතන වර්ග දෙක තමයි Alcatel සහ TCL කියන ජංගම දුරකතන වර්ගයන් දෙක. මේ වෙනකොට මේ සමාගම දෙක ලෝක වෙළඳපලේ සෑහෙන්න වේගයෙන් ඉදිරියට පැමිණෙන ජංගම දුරකතන වර්ග දෙකක් බවට පත් වී හමාරයි.

මේ වෙනකොට මේ ජංගම දුරකතන නාමයන් දෙක යටතේ Android මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන නවතම smart ජංගම දුරකතන මාදිලි කිහිපයක් 2021 වර්ෂයේදී එලිදැක්වීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදී තව ජංගම දුරකතන කිහිපයක් එලි දැක්වීමටද නියමිතව පවතිනවා. අපි ඒ ගැන කතා කරන්න කලින් මේ දුරකතන වර්ග දෙකේ ඉතිහාසය පිළිබඳව විමසා බලමු.

මොකක්ද මේ Alcatel කියන්නේ?

Alcatel සමාගම කිව්වම ගොඩක් අයගේ මතකයට එන්නෙ පොඩි බට්න් ෆෝන්ස්, එහෙමත් නැත්තම් feature phones. නමුත් Alcatel සමාගම කියන්නේ ඉතාමත් අඩු මුදලට සාධාරණව පහසුකම් විශාල ප්‍රමාණයක් ලබා දෙන Midrange වර්ගයේ ජංගම දුරකතන නිපදවන සමාගමක් කිව්වොත් මං නිවැරදියි.

මේ සමාගම ජංගම දුරකතන නිපදවීම ආරම්භ කරන්නේ 1996 වර්ෂයේදී Alcatel-Lucent නම් ප්‍රංශ සමාගම විසිනි. ඉන් අනතුරුව, 2005 වර්ෂයේදී TCL සමාගම සමඟින් ගිවිසුම් ගතව Alcatel සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 55%ක් TCL සමාගමට අලෙවි කිරීම සිදුවනවාත් සමඟ Alcatel සමාගම TCL සමාගමේ උප සමාගමක් බවට පත් වනවා. මෙම ගිවිසුම 2024 වර්ෂය වන තුරුම පැවැත්වෙනවා.

මොකක්ද මේ TCL කියන්නේ?

TCL කියන්නේ 1981 තරම් ඈත කාලයකට තම ඉතිහාසය ඇදී යන සමාගමකි. ඔවුන්ගේ මුල්ම නම වූයේ TTK වන අතර ඔවුන් කැසට් පට නිපදවීම සිදු කිරීම කරනු ලැබුවා. TDK සමාගම විසින් පසුව ගන්නා ලද නීතිමය කටයුතු හේතුවෙන් TTK කියන නම TCL නමින් වෙනස් කිරීමට ඔවුන් කටයුතු කලා.

මේ වන විට TCL සමාගම චීනයේ විශාලතම consumer electronics සමාගමද වනවා. TCL සමාගම යටතේ පහත සමාගම් ක්‍රියාත්මක වනවා.

  1. TCL Technology Group Corporation (SZSE:000100)
  2. TCL Electronics Holdings Limited (HKEX:1070)
  3. TCL Communication Technology Holdings Limited (HKEX:2618)
  4. China Display Optoelectronics Technology Holdings Limited (HKEX:334)
  5. Tonly Electronics Holdings Limited (HKEX:1249)

එමෙන්ම 2016 සිට 2020 වර්ෂය දක්වා, Blackberry ජංගම දුරකතකන නිපදවීමද සිදු කලේ TCL සමාගම විසිනි.

අළුත් විදිහට වෙළඳපලට එන Alcatel

Alcatel කිව්වම ශ්‍රී ලංකාවේ ගොඩක් ජනප්‍රිය දුරකතන මාදිලියක් නොවුනත් ලොව පුරා විශාල රටවල් ප්‍රමාණයක අණසක පතුරවගෙන සිටින Android ජංගම දුරකතන මාදිලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. Alcatel විසින් 2021 වර්ෂය සඳහා නවතම ආකාරයට Alcatel ජංගම දුරකතන නිපදවීම ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඔවුන් විසින් SIMGANIC නම් නව සංකල්පයක්ද හඳුන්වා දී තිබෙනවා. මෙම Simganic සංකල්පයේදී Simple සහ Organic කියන දෙක භාවිතා වනවා. Simple වචනයේ Sim සහ Organic වචනයේ ganic යන කොටස් දෙක භාවිතා වනවා.

මේ ආකාරයට Simganic සංකල්පය යටතේ 2021 වර්ෂය සඳහා නිර්මාණය වන ජංගම දුරකතන වල design එකේ පහත ආකාරයට නව්‍යතාවයන් ඇති කිරීමට ඔවුන් විසින් කටයුතු කර තිබෙනවා. ඒ සියලම පාහේ දැන් පවතින trend වලට සමානුපාතිකව ඊට වඩා ඉදිරියට ගොස් සිදු කිරීමට ඔවුන් වග බලාගෙන තිබෙනවා.

2021 වර්ෂය සඳහා Alcatel විසින් ගත් උපාය මාර්ග

ජංගම දුරකතන වෙළඳ පල යනු ඉතාමත් සීග්‍රයෙන් වෙනස් වෙන උපාය මාර්ග ඇති ඉතාමත් තරඟකාරී වෙළඳපලක් වන අතර එකිනෙකා පරයා යෑමට එම වෙළඳපලේ ඇති trends වලට අනුකූලව ඒවා අනුගමනය කිරීම හෝ එම trends වැඩි දියුණු කරමින් භාවිතා කිරීම සිදු කල යුතු වනවා.

මේ පිළිබඳව හොඳින් වටහා ගත් Alcatel විසින් 2021 වර්ෂය සඳහා පහත කරුණු යටතේ වෙනස්කම් සිදු කර තිබෙනවා.

  1. Display
  2. Camera
  3. Experience

වැඩියෙන් බලන්න, වැඩියෙන් විඳින්න අළුත් display එක

Alcatel සමාගම විසින් 2020 වර්ෂය සඳහා භාවිතා කරමින් තිබුණු Notch එක රහිත සහ V-notch designs වලින් 2021 වර්ෂය සඳහා ඔවුන්ගේ සියළුම ජංගම දුරකතන සඳහා V-notch මාදිලියේ display යොදාගැනීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම අඟල් 5.5 සිට අඟල් 6.52 දක්වා විහිදුනු display size එක ඉවත් කර සියළුම display සඳහා අඟල් 6.09 සිට ඉහල ඇති ප්‍රමාණයන්ගෙන් යුතු display යොදා ගැනීමටද ඔවුන් කටයුතු කර ඇති අතර, Display වල ගුණාත්මකභාවයද ඉහල නැංවීමට ඔවුන් කටයුතු කර තිබෙන්නේ පාරිභෝගිකයාට වැඩි පහසුවක් ලබා දීම සඳහාය.

Smart AI තාක්ෂණයෙන් සහ වැඩි දියුණු කල Portrait mode එකත් එක්ක එන කැමරාව

Alcatel සමාගම විසින් තම ජංගම දුරකතන වල කැමරාව සඳහා යොදාගෙන ඇති AI තාක්ෂණය සහ කැමරා වල ඇති ගුණාංග වැඩි දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව 2021දී ඔවුන් විසින් AI Scene Detection 1.0 වැඩි දියුණු කර AI Scene Detection 2.0 හඳුන්වා දී තිබෙනවා. එහිදී AI filters, AI composition සහ AI Enhancements කියන පහසුකම් ලබා දීමට ඔවුන් සමත් වෙලා තිබෙනවා.

මීට පෙර භාවිතා කල multicamera lens setup එක වැඩි දියුණු කිරීමත් සමඟම, ඔවුන් විසින් portrait ඡායාරූප සඳහාද තවදුරටත් වැඩිදියුණු කරන ලද Face Detection සහ ඉදිරිපස කැමරාව සඳහා HDR පහසුකම් භාවිතා කර තිබෙනවා.

වැඩි කාලයක් භාවිතා කල හැකි බැටරිය සහ පහසුවෙන් හැසිරවිය හැකි UI එක හරහා ලබා දෙන වැඩි දියුණු කල user experience එක

Alcatel සමාගම වීසින් එක වරක් ආරෝපණයක් කල විට වැඩි කාලයක් භාවිතා කල හැකි ආකාරයට බැටරි බලය භාවිතා කිරීමට ඇති කාලය වැඩි කිරීමට සහ process optimize කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සමඟම ඔවුන්ගේ ජංගම දුරකතන වල මිලට සමානව පවතින ජංගම දුරකතන වලට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඔවුන් විසින් Battery capacity එක පෙරට වඩා 115%කින් ඉහල දමා ඇති අතර Software optimization හරහා apps සඳහා භාවිතා වන බලය තුන් ගුණයකින් අඩු කර ගැනීමටද සමත් වී තිබෙනවා.

එමෙන්ම Alcatel සමාගම ඔවුන්ගේ නවතම Alcatel UI 4.0 එක හරහා user experience එක ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. එහිදී ඔවුන් විසින් Simple, Intuitive, සහ Easy to use කියන සංකල්ප ඔස්සේ Alcatel UI 4.0 නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ හරහා ඔවුන් තම පාරිභෝගිකයාට වැඩි ආයාසයක් නොදරා ඉතාමත් පහසුවෙන් තම ජංගම දුරකතනය හැසිරවීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Alcatel විසින් 2021 සඳහා එලිදක්වා ඇති සහ එලිදැක්වීමට සූදානම් ජංගම දුරකතන

Alcatel විසින් 2021 වර්ෂය සඳහා එලි දැක්වීමට නියමිත ජංගම දුරකතන සියල්ලම පාහේ මේ වන විට නිවේදනය කර තිබෙනවා. Alcatel සමාගම තම ජංගම දුරකතන ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වනවා.

  1. Entry
  2. Mid-Low
  3. Mid

මේ ආකරයට කොටස් තුනකට බෙදා දක්වමින් Alcatel ආයතනය විසින් 2021 වර්ෂය සඳහා Entry level ජංගම දුරකතන 2ක්, Mid-Low ජංගම දුරකතන 2ක් සහ Mid ජංගම දුරකතනයක් බැගින් ජංගම දුරකතන 5ක් එලිදැක්වීමට සූදානම්ව සිටිනවා. අපි එම ජංගම දුරකතන පිළිබදව දල අදහසක් ගනිමු.

Alcatel 1 (Kepler Renew)

මෙය Entry මාදියේ ජංගම දුරකතනයක් වන අතර මෙය 2021 වර්ෂයේ තෙවන කාර්තුවේදී එලිදැක්වීමට නියමිතය. මෙම ජංගම දුරකතනය සඳහා අඟල් 5ක තිරය යොදාගෙන ඇති අතර 2000mAh ධරිතාවයකින් යුතු බැටරියක් යොදාගෙන ඇත. එමෙන්ම මෙහි 32GB මතක ධාරිතාවයක් සහ 1GB රැම් මතකක්ද ඇතුලත් වනවා. එමන්ම මෙම ජංගම දුරකතනය Android GO 11 සංස්කරණයෙන් බලගැන්වෙනවා ඇත.

Alcatel 1L (Wright Pro)

මෙම ජංගම දුරකතනය සඳහා V-notch එක සහිත අඟල් 6.1ක HD display යොදාගෙන ඇති අතර 3000mAh ධාරිතාවයකින් යුතු බැටරියක් යොදාගෙන ඇත. එමෙන්ම මෙහි 32GB මතක ධාරිතාවයක් සහ 2GB රැම් මතකක්ද ඇතුලත් වනවා. එමෙන්ම මෙම ජංගම දුරකතනය Android GO 11 සංස්කරණයෙන් බලගැන්වෙනවා ඇත. මේ ජංගම දුරකතනය 2021 මාර්තු මාසයේදී එලිදැක්වීමට නියමිතව තිබෙනවා.

Alcatel 1v (Manila)

මෙම ජංගම දුරකතනය සඳහා V-notch එක සහිත අඟල් 6.52ක HD display යොදාගෙන ඇති අතර 4000mAh ධාරිතාවයකින් යුතු බැටරියක් යොදාගෙන ඇත. එමෙන්ම මෙහි 32GB මතක ධාරිතාවයක් සහ 2GB රැම් මතකක්ද ඇතුලත් වනවා. එමෙන්ම මෙම ජංගම දුරකතනය Android GO 11 සංස්කරණයෙන් බලගැන්වෙනවා ඇත. මෙහි කැමරාව ලෙස 13MP කැමරාවක් සහ 2MP depth sensor එකක් යොදාගෙන තිබෙනවා. මේ ජංගම දුරකතනය 2021 දෙවන කාර්තුවේදී එලිදැක්වීමට නියමිතව තිබෙනවා.

Alcatel 1S (Hong Kong)

මෙම ජංගම දුරකතනය සඳහා V-notch එක සහිත අඟල් 6.52ක HD display යොදාගෙන ඇති අතර 4000mAh ධාරිතාවයකින් යුතු බැටරියක් යොදාගෙන ඇත. එමෙන්ම මෙහි 32GB මතක ධාරිතාවයක් සහ 3GB රැම් මතකක්ද ඇතුලත් වනවා. මෙහි කැමරාව ලෙස 13MP කැමරාවක් සහ 2MP depth sensor එකක් සමඟින් 2MP Macro කැමරාවක්ද යොදාගෙන තිබෙනවා.

Alcatel 3L (Hong Kong Pro)

මෙම ජංගම දුරකතනය සඳහා V-notch එක සහිත අඟල් 6.52ක HD display යොදාගෙන ඇති අතර 4000mAh ධාරිතාවයකින් යුතු බැටරියක් යොදාගෙන ඇත. එමෙන්ම මෙහි 64GB මතක ධාරිතාවයක් සහ 4GB රැම් මතකක්ද ඇතුලත් වනවා. මෙහි කැමරාව ලෙස 48MP කැමරාවක් සහ 2MP depth sensor එකක් සමඟින් 2MP Macro කැමරාවක්ද යොදාගෙන තිබෙනවා.

2021 දී Photography වලට Videography වලට අළුත් වෙන TCL

TCL කියන්නෙත් ලංකාවේ එච්චරම ජනප්‍රිය ජංගම දුරකතන මාදිලියක් නොවුනත් ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ජංගම දුරකතන මාදිලියක්. TCL ආයතනය 2021 වර්ෂය සඳහා නවතම පියවරක් තබමින් වෙනමම මානයක් දෙස තම අවධානය යොමු කර තිබෙනවා. එහිදී ඔවුන් තම ජංගම දුරකතන සියල්ලම වගේ ඡායාරූපකරණය සහ වීඩියෝකරණය සඳහා භාවිතා කිරීම සඳහා නිර්මාණය කර තිබෙනවා. Alcatel වලට මෙන්ම TCL සඳහාද හඳුන්වාදුන් නව තාක්ෂණයන් පිළිබඳව අපි මෙහිදී කතා කරමු.

Alcatel සමාගම මෙන්ම TCL සමාගමද තම ජංගම දුරකතන වල Display, Camera සහ Design යන කොටස් තුන වැඩි දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා.

මොළයක් තියෙන Intelligent Display

TCL සමාගම විසින් තම නවතම ජංගම දුරකතන සඳහා Mid-dotch curve AMOLED display එකක් යොදාගෙන තිබෙනවා. මෙම display සඳහා ඔවුන් මෙවර යොදාගෙන තිබෙන්නේ NXTVision 2.0 තාක්ෂණය වන අතර ඒ හරහා ලබා දෙන දර්ශනයන් වල ගුණාත්මක බව ඉහල ගොස් ඇති අතරම බැටරි බලය භාවිතා කිරීම අවම කර තිබෙනවා. 2019 සහ 2020 වර්ෂයන් දෙකේදීම මෙම සමාගම තම display වෙත භාවිතා කර තිබුණේ NXTVision 1.0 තාක්ෂණයයි.

වීඩියෝ කරන්නම හදපු SONY OIS QUAD කැමරාව

2019, 2020 වර්ෂයන්වලදී භාවිතා කල තාක්ෂණයන්ගෙන් ඔබ්බට ගොස් Sony OIS quad camera එකක් භාවිතා කර ඉතාමත් බලවත් කැමරාවක් මෙවර ජංගම දුරකතනයන්ට ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. එහිදී 3D HDR, 4K Video recording, Pro-like video editing යන පහසුකම්ද ඇතුලත් කර තිබෙනවා.

TCL විසින් 2021 සඳහා එලිදක්වා ඇති සහ එලිදැක්වීමට සූදානම් ජංගම දුරකතන

TCL විසින් 2021 වර්ෂය සඳහා එලි දැක්වීමට නියමිත ජංගම දුරකතන සියල්ලම පාහේ මේ වන විට නිවේදනය කර තිබෙනවා. TCL සමාගම තම ජංගම දුරකතන ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වනවා.

  1. Vision
  2. Fashion
  3. Passion

මේ ආකාරයට කොටස් තුනකට බෙදා දක්වමින් TCL ආයතනය විසින් 2021 වර්ෂය සඳහා Passion වර්ගයේ ජංගම දුරකතන 2ක්, Fashion වර්ගයේ ජංගම දුරකතන 2ක් සහ Vision වර්ගයේ ජංගම දුරකතනයක් බැගින් ජංගම දුරකතන 5ක් එලිදැක්වීමට සූදානම්ව සිටිනවා. අපි එම ජංගම දුරකතන පිළිබදව දල අදහසක් ගනිමු.

Austin

මෙම ජංගම දුරකතනය සඳහා V-notch එක සහිත අඟල් 6.82ක HD+ display යොදාගෙන ඇති අතර 5000mAh ධාරිතාවයකින් යුතු බැටරියක් යොදාගෙන ඇත. එමෙන්ම මෙහි 32GB/64GB මතක ධාරිතාවයක් සහ 4GB රැම් මතකක්ද ඇතුලත් වනවා. මෙහි කැමරාව 16MP කැමරාවක් සමඟින් 5MP Wide angle කැමරාවක්ද 2MP macro සහ 2MP depth කැමරාවකින් සමන්විත වෙනවා. එමෙන්ම මෙම ජංගම දුරකතනය Qualcomm Snapdragon 460 chipset එකකින් බලගැන්වෙනවා.

Miami

මෙම ජංගම දුරකතනය සඳහා අඟල් 6.67ක FHD+ Dotch display යොදාගෙන ඇති අතර 5000mAh ධාරිතාවයකින් යුතු බැටරියක් යොදාගෙන ඇත. එමෙන්ම මෙහි 64GB/128GB මතක ධාරිතාවයක් සහ 6GB රැම් මතකක්ද ඇතුලත් වනවා. මෙහි කැමරාව 48MP කැමරාවක් සමඟින් 8MP Wide angle කැමරාවක්ද 2MP macro සහ 2MP depth කැමරාවකින් සමන්විත වෙනවා. එමෙන්ම මෙම ජංගම දුරකතනය Qualcomm Snapdragon 665 chipset එකකින් බලගැන්වෙනවා. මෙම ජංගම දුරකතනය 18W QC 3.0 තාක්ෂණයෙන්ද යුක්ත වෙනවා.

Miami Pro

මෙම ජංගම දුරකතනය සඳහා අඟල් 6.67ක FHD+ Dotch display යොදාගෙන ඇති අතර 5000mAh ධාරිතාවයකින් යුතු බැටරියක් යොදාගෙන ඇත. එමෙන්ම මෙහි 128GB/256GB මතක ධාරිතාවයක් සහ 6GB රැම් මතකක්ද ඇතුලත් වනවා. මෙහි කැමරාව 64MP කැමරාවක් සමඟින් 8MP Wide angle කැමරාවක්ද 2MP macro සහ 2MP depth කැමරාවකින් සමන්විත වෙනවා. එමෙන්ම මෙම ජංගම දුරකතනය Qualcomm Snapdragon 665 chipset එකකින් බලගැන්වෙනවා. මෙම ජංගම දුරකතනය 18W QC 3.0 තාක්ෂණයෙන්ද යුක්ත වෙනවා.

Irvine

මෙම ජංගම දුරකතනය සඳහා අඟල් 6.67ක FHD+ Dotch display යොදාගෙන ඇති අතර 4500mAh ධාරිතාවයකින් යුතු බැටරියක් යොදාගෙන ඇත. එමෙන්ම මෙහි 128GB/256GB මතක ධාරිතාවයක් සහ 6GB රැම් මතකක්ද ඇතුලත් වනවා. මෙහි කැමරාව 48MP කැමරාවක් සමඟින් 8MP Wide angle සහ depth sensor එකකින්ද, 2MP macro කැමරාවකින් සමන්විත වෙනවා. එමෙන්ම මෙම ජංගම දුරකතනය Qualcomm Snapdragon 690 chipset එකකින් බලගැන්වෙනවා. මෙම ජංගම දුරකතනය 18W QC 3.0 තාක්ෂණයෙන්ද යුක්ත වෙනවා.

මෙහි ඇති විශේෂම කරුණ වන්නේ මෙම ජංගම දුරකතනය 5G තාක්ෂණයෙන් සමන්විත වීමයි.

Ottawa

මෙම ජංගම දුරකතනය සඳහා අඟල් 6.67ක FHD+ Curved AMOLED display යොදාගෙන ඇති අතර 4500mAh ධාරිතාවයකින් යුතු බැටරියක් යොදාගෙන ඇත. එමෙන්ම මෙහි 128GB/256GB මතක ධාරිතාවයක් සහ 6GB රැම් මතකක්ද ඇතුලත් වනවා. මෙහි කැමරාව 48MP Sony OIS කැමරාවක් සමඟින් 16MP Wide angle සහ 2MP depth sensor එකකින්ද, 2MP macro කැමරාවකින් සමන්විත වෙනවා. එමෙන්ම මෙම ජංගම දුරකතනය Qualcomm Snapdragon 690 chipset එකකින් බලගැන්වෙනවා. මෙම ජංගම දුරකතනය 18W QC 3.0 තාක්ෂණයෙන්ද යුක්ත වෙනවා. ඊට අමතරව 15W wireless charging සඳහාද මෙම ජංගම දුරකතනය සහය දක්වනවා.

මෙහි ඇති විශේෂම කරුණ වන්නේ මෙම ජංගම දුරකතනයද 5G තාක්ෂණයෙන් සමන්විත වීමයි.


Alcatel සහ TCL ජංගම දුරකතන ලංකාවට ගෙන්වීම සහ බෙදා හැරීම සිදු කරන්නේ කවුරුන්ද?

Alcatel සහ TCL ලංකාවට ආනයනය කර බෙදා හරින සමාගම ලෙස කටයුතු කරන්නේ Lakcell Technologies (Pvt) Ltd සමාගමයි. 2010 වසරේ සිට ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන Lakcell සමාගම විසින් මුළු දිවයිනටම බෙදා හැරීම් කටයුතු සිදු කරනු ලබයි.

Alcatel සහ TCL සඳහා වන වගකීම ඔවුන් විසින් ලබා දෙන අතර අවශ්‍ය කරන අමතර කොටස්, සේවාවන්, සහ අවශ්‍ය කරන අනෙකුත් accessories මිලදී ගැනීමටද හැකියාව පවතිනවා. ඔබට වැඩි දුර විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් LakCell – Beyond the Boundries වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.