Loading...
Windows 10 Updates ගැන අපි නොදන්න දේ

Windows 10 පාවිච්චි කරන/කරපු සමහරක් නිතර කියන කතා තමා Windows 10 වලට ඩේට කැපෙනව වැඩී, Windows updates හරි කරදරයි වගේ ඒව. හැබැයි ඉතින් කට්ටිය මෙහෙම කියන්න මූලිකම හේතුව Windows updates ගැන නොදැනුවත්කම.

අපිලිවෙලට Windows Updates රිලීස් කරනව කියලතමා බහුතරයක් හිතන් ඉන්නේ. හැබැයි මේ ලඟදි Microsoft එකෙන් නිකුත් කල document එකක බොහොම පැහැදිලිව Windows updates වල ක්‍රියාකාරීත්වය පැහැදිලි කරල තියනව.

ඒකට අනුව Windows Updates වර්ග කීපයක් තියනව.

ඒවයින් ප්‍රධානම Windows update එක තමා A update එක. ඒව රිලීස් වෙන්නේ මාස හයකට වරක්. මේ තමා Redstone, October වගේ mega feature updates. මේව ගිගාබයිට් ගානක updates. මේව එන්නේ මාස හයකට වරක් නිසා කරදරයක් නෑ.

අනිත් ඒවයින් පලවෙනි එක B updates. මේ B updates සෑම මසකම දෙවනි සතියේ අඟහරුවාද නිකුත් කරනව. මේ අප්ඩේට්ස් වලට කියන්නේ Quality Updates කියල. මේවයින් කරන්නේ Windows වල තියන bugs, security අවුල් fix කරන එක.

මේ updates Cumulative. ඒකියන්නෙ මේ මාසේ update එකේ ඊට කලින් මාස වල fix ටිකත් එනව. ඒනිසා මාසයකupdate එක මගඇරුනම ඊලඟ මාසේ update දෙකක් ඩවුන්ලෝඩ් කරන්න ඔන වෙන්නේ නෑ.

Beta updates අරං එන updates වර්ග දෙක

ඊලඟට තව update වර්ග 2ක් තියනව C හා D කියල. මේ updates නිකුත් වෙන්නේ සෑම මසකම තෙවන හා සිව්වන සතිවල.

මේ C හා D updates කියන්නේ එක්තරා beta update වර්ගයක්. මේව අපි Check For Updates button එක ක්ලික් කලොත් මිසක download වෙන්නේ නෑ. මේ C හා D updates දෙන්නේ ඇඩ්වාන්ස්ඩ් යූසර්ලට විතරයි. හැබැයි මයික්‍රෝසොෆ්ට් එකෙන් මේ අප්ඩේට්ස් ටික අර බටන් එක ඔබන අයට ලබාදෙනව. මේ හින්ද අර බටන් එක ඔබන අයට Windows බග්ස් කියන්නේ අරුමයක් නෙවේ. ආන් ඒ අය තමා Windows 10 නරකයි කියල කෑගහන අයගෙන් බහුතරය.

එකම මාසේ Check for Updates බටන් එක කීපවතාවක්ම එබුවොත් ඔයාව මයික්‍රෝසොෆ්ට් එකෙන් C හා D අප්ඩේට් සඳහා beta user කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙනව. මේකෙන් unregister වෙන ක්‍රමයක් එයාල කියන්නේ නෑ. ඒ වගේම මේක Windows Insider වලට අදාල එකක් නෙවේ. ඒනිසා ඒක එක්ක පටල ගන්න එපා.

මේ updates වර්ග වලට අමතරව හදිසි bugs, security holes වලට එන updates තියනව. ඒව අත්‍යවශ්‍ය හා කුඩා updates නිසා අපිට නොදැනීම download වෙනව.

අවසාන වශයෙන් කියන්න ඕන Windows updates කියන්නේ අනිවාර්යයෙන් ලබාගන්න ඕන එකක්. ඒක මගහරිනව කියන්න security threats ගනනාවකට පාරකපා ගැනිල්ලක්.