Loading...
Samsung ලගෙ කැමරාවට challenge කරන ලොව සිහින්ම 5G smart phone එක - VIVO X50

Vivo සමාගමෙ X50 කියන flagship series එක විශේෂාංග කීපයක් එක්කම මේ වෙද්දි චීනයේ නිල වශයෙන් නිකුත් වෙලා තියෙනවා. සුවිශේෂීම කාරණය තමා මේ series එක release වෙන්නෙ “World’s thinnest 5G phone” කියන title එක එක්කයි.

Photography පැත්තට ලොකු අවධානයක් දෙන ගමන් මේ series එකේ smartphones වර්ග තුනක් release වෙනවා. ඒ Vivo X50, Vivo X50 Pro සහ Vivo X50 Pro Plus විදිහටයි.

ඉතින් මේ camera system එකේ Super night, Astro, Super Wide-Angle සහ Super Macro විදිහට modes කීපයක් ම තියෙනවා. ඊට අමතරව 60x Hyper Zoom facility එකත් මේකට ඇතුලත් වෙන්නෙ Huawei P40 Pro (50x), Samsung Galaxy S20 (30x) සහ Galaxy S20 Plus (30x)  වගේ smartphone අතරෙ ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනිමින්.

ඒ වගේම තවත් අලුත් පියවරක් විදිහට X50 Pro device එකේ (ඒ වගේම අපි assume කරන විදිහට X50 Pro Plus device එකෙත්) main camera එක එක්ක gimbal camera system එකකුත් feature වෙනවා.

modeled after a full-size professional gimbal, X50 Pro's built-in gimbal module moves in the opposite direction of shaking motions, providing increased stability for the main camera.
This system also widens the rotation angle and anti-shake area compared to popular stabilization methods, resulting in super clear images.

“The world’s thinnest 5G phone”

Vivo ලා X50 series එකේ කැමරාව ගැන ලොකු අවධානයක් දිලා තියෙනවා වගේම තව අලුත් feature එකකුත් මේ device series එකට pack වෙලා තියෙනවා. ඒ තමා slim form factor එක.

Vivo සමාගමට අනුව මේක තමා ලෝකෙ තියෙන සිහින් ම 5G smartphone එක. මේකෙ thickness එක 7.49 mm අගයක් ගන්නව. දැනට market එකේ තියෙන අනිත් 5G devices ගත්තම Huawei P40 Pro, OnePlus 8 Pro සහ Samsung Galaxy S20 කියන devices වල thickness එක පිළිවෙලින් 9 mm, 8.5 mm සහ 7.9 mm විදිහට measure වෙනවා.

X50 Pro device එක බලගැන්වෙන්නෙ Qualcomm's X55 5G modem එකක් සහ Snapdragon 865 chipset එකකින්. X50 සහ X50 Pro වලත් 5G connectivity එක තිබ්බත් X50 Pro Plus එකට සාපේක්ෂව power එක අඩුයි.

ඊට අමතරව මේ X50 series එකෙ අනිත් features ගැන කතා කරද්දි, මේ devices HDR10+ feature එකට වගේම 90Hz සහ 120Hz අගයන් වල screen refresh rates වලටත් support කරනවා. මේකෙ rear එකට තියෙන්නෙ frosted glass finish එකක්.

Vivo ලගෙ mobile range එක චීනයෙන් පිට බහුලව spread වෙලා නැති උනත්, ඔවුන් සඳහන් කරන්නේ international market availability එක තියෙන පළවෙනි X series product එක විදිහට X50 series එක හඳුන්වන්න පුලුවන් කියලයි

කෙසේ වෙතත් මේ series එකේ full specs, release date, price වගේ දේවල් ගැන Vivo සමාගමෙන් තාම නිසියාකාර දැනුවත් කිරීමක් කරල නෑ. ඒත් Vivo සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කරේ මේ series එක මේ වසරේ අග භාගය වෙද්දි international market එකේ දැකගන්න හැකියාව ලැබෙයි කියලයි.

පහලින් තියෙන leak එක බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙන product overview එක වෙන්න පුලුවන්.

Source - Techradar