Loading...
මොනාද මේ DNS කියන්නෙ ?

DNS කියලා කෙටියෙන්ම හදුන්වන්නෙ Domain Name Service යන්නයි.

අපේ මිනිස්සු එකිනෙකා හදුනාගන්න නමක් පාවිච්චි කරනව වගේම network එකක තියෙන devices එකිනෙක හදුනාගන්න ඒ අය numbers IP Address  භාවිතා කරනවා.

හැමෝම මොකක් හරි සයිට් එකකකට ලොග් වෙනකොට අපි එකට යොදාගන්නෙ එ සයිට් එකෙ වෙබ් ලිපිනය. උදා – Google.com එත් මේ වෙබ් සයිට් එකක් අන්තර්ජාලයට Host වෙන්නෙ IP address එකක් විදිහට උදා – 172.217.194.113. ඉතින් අර Google.com කියන අක්ෂර බැහැ මේ අන්තර්ජාලයේ සර්වර් වලට හදුනාගන්න. ඒ නිසා මේ ප්‍රශ්නයට විසදුමක් ලෙස විදිහට තමා  network engineers ලා DNS කියලා system එකක් හදලා තියෙන්නෙ.

browser එකේ google.com කියලා ගහපුවාම DNS එකෙන් එයාගෙ database එකේ හොයනව match වෙන IP address එකක් තියෙනවද කියලා.එහෙම ගැලපෙන IP address එකක් තිබුනොතින් අපේ Device  එකට පුලුවන් google web server එක්ක connect වෙන්න.DNS වැඩ කරන්නෙ හරියට Phone book එකක් වගේ නම බලලා Number එක හොයාගන්නව වගේ.

මේ වැඩේ වෙන්නෙ මෙන්න මෙහෙමයි. මුලින්ම අපි google.com කියලා ගහපුවාම browser එකේ අපේ web browser එකට හරි OS එකට හරි හොයා ගන්න බැරි උනොත් අපේ computer එකේ cache එකේ ..computer එක query එකක් යවනව ඊලග level එකට, ඒ කියන්නෙ Resolver Servrer ලගට.resolver server කියන්නෙ ඔයාගෙ internet service provider. ඊට පස්සෙ මේ resolver server එයාගෙ cache එක check කරල බලනව google.com කියන එකට ගැලපෙන ip address එක තියෙයිද කියලා
එයාට හොයාගන්නත් බැයිනම් එයා ඊලග level එකට query එකක් යවනව. ඒ තමා Root server එක.dns hierarchy එකේ top එකේ ඉන්නේ root server එක.

Root servers set 13 ක් තියෙනවා.ලෝකේ පුරා විවිද තැන් වල ස්තාපිත කරලා.Organization 12 කින් Operate කරනව.

Root server එකට  Resolver query එක යවපුවාම  Root server දන්නෙ  නෑ මොකක්ද අදාල IP address එක කියලා..එයා දන්නව reolverව යවන්න ඕනි කොහාටද කියලා.Rroot Server,Resolver ව TLD Server එකට යවනව TLD කියන්නෙ Top Level Domain Server එකට (.com domain එකට අදාලව ) .දැන් Resolver අහනව TLD server එකෙන් google.com එකට අදාල ip address එක.
TLD server එක store  කරගෙන තියාගන්නව address information,top level domain සදහා. උදාහරන:- .com , .NET , .ORG  වගේ ඒවා.

මේ අපි සලකන TLD server එක තියාගෙන ඉන්නේ (manage කරන්නෙ) .COM domain විතරයි.google.com කියන්නෙත් ඒ වගේම එකක්නේ.හැබැයි මේ TLD serve එක දන්නෙ නෑ
මොකක්ද  ip address එක කියලා google.com එකට ගැලපෙන.ඊටපස්සේ  TLD server, Resolver එක අන්තිම level එකට නැත්නම් අන්තිම server එකට යොමු කරවනව.ඒ තමා Authoritative Name Server

එයාගෙන්  Resolver  අහනව ip address එක google.com එකේ.Authoritative Name Server මෙයා domain එකක් ගැන ip address ඇතුලුව හැමදේම දන්නව.මේක තමා අන්තිම කෙනා.මෙයා තමා අන්තිමට resolver ට google.com එකේ ip address එක යවන්නේ.

ඊට පස්සෙ resolver කියනවා ඔයාගෙ pc එකට මේකයි ip address එක කියලා.. දැන් pc එකට පුලුවන් google web page එක retrieve කරගන්න.

එක පාරක් resolver ip address එකක් ගත්තට පස්සේ එයා ඒක store කරගන්නව cache එකේ.එතකොට ආයෙම අර විදිහට මුල ඉදලම යන්න ඕනි නෑ…