Loading...
Windows 11 පරිගණකවල Xbox Games සඳහා controller bar විශේෂාංගය ලබා දෙයි

මෑතකදී  play කළ games වෙත ඉක්මනින් ප්‍රවේශ වීමට සහ අලුත් games launch කිරීමට පහසු වීම​ට Xbox Game Bar වෙ​ත Microsoft සමාගම විසින් නව “controller bar” එකක් එලිදක්වා තියෙනවා..

Dev සහ Beta හි නවතම preview version එක run කරන ඔබේ Windows 11 පරිගණකයට Xbox controller එකක් සම්බන්ධ කළ විට මෙ​ම නව controller bar එක open වේ. ඔබ game එක play නොකරමින් සිටින විට controller එකේ ඇති Xbox බොත්තම එබීමෙන් ඔබට controller bar එක ලබා ගත හැකිය. Windows key + G keyboard shortcut එකද මඟින්ද මෙම bar එක විවෘත කර ගත හැකිය.

Controller bar එක open කර ඇති විට, ඔබ මෑතකදී play කළ games වෙත ප්‍රවේශ විය හැකි ඇති අතර, ඒවා පහසුවෙන් open කරගැනීමට හැකියි. ඔබ game එකක සිටින්නේ නම්, Xbox බොත්තම තවමත් ඔබව කෙලින්ම Xbox Game Bar එක වෙත සහ පෙර මෙන් gaming widgets එක වෙත ගෙන යනු ලබනවා. එමෙන්ම recent games section එක ඔබ ඔබේ පරිගණකයේ play කර ඇති games titles තුනක් දක්වා ඇතුළත් වේ.

මෙම නව controller bar එක දැන් insider preview එ​ක ලෙස පවතී. එයින් අදහස් වන්නේ මෙම පහසුකම ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබ විසි​න් Windows 11 හි නවතම පෙරදසුන ඔබගේ පරිගණකයට ස්ථාපනය කරගත යුතු වන බවයි. එමෙන්ම මෙ​හි updated version එක ලබා ගැනීමට Xbox Insider Hub app එක සමඟින් Windows Gaming පෙරදසුන වෙත sign in වීමට අවශ්‍ය වනු ඇත.

Source: Pureinfotech