Loading...
ගොඩක්ම ලස්සන Windows ද? Linux ද?

මේ කතා නොකරම බැරි දෙයක්. අපේ ගොඩක් යාළුවො හිතන් ඉන්නෙ Linux කියන්නෙ කැත, රළු OS එකක් කියලනෙ? ඒක ඇත්තටම එහෙමද? අපි බලමු!

Windows ඇත්තටම සුමට, ලස්සන OS එකක් තමයි, හැබැයි ඔයාට ඒක හැමදාම පේන විදියටම තමයි බල බල ඉන්න වෙන්නෙ. පාට ටිකක් වෙනස් කළා කියලා, ලස්සන වෝල්පේපර් එකක් දැම්මයි කියලා. Desktop widget වගේ එකේක කෑලි එල්ලුවයි කියලා, ඔයාට ඔයාගෙම තාලෙ Unique OS එකක් හදාගන්න ඔයාට Windows එක්ක බෑ, බොහොම අමාරුයි.

ඒත්, Linux කියන්නෙ ඔයාට නිදහසේ ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එකයි. ඔයාට පුළුවන් මේ ලෝකෙ කාගෙ ළඟ වත් නැති වෙනස්ම විදියේ Desktop Environment එකක් තියෙන ඔයාගෙම OS එකක් හදාගන්න.

මේ කියන්නෙ එකකට එකක් වෙනස් Linux Based OS ගැන නෙවෙයි, එකම OS එක විවිධ users ලා customize කරගන්න එක ගැනයි. උදාහරණයක් විදියට, ඔයා පාවිච්චි කරන Ubuntu 18.04 OS එක පේන විදියට සම්පූර්ණයෙන් වෙනස් විදියකට මගේ Ubuntu 18.04 OS එක පේන්න පුළුවන්.

අනික, ලස්සන කියන දේ අපි එකිනෙකාට සාපේක්ෂ දෙයක් නෙ, ඔයාට ලස්සන දෙයක් මට කැත වෙන්නත් පුළුවන්, මට කැත දෙයක් ඔයාට ලස්සන වෙන්නත් පුළුවන්. ඉතින්, ඔයාට පුළුවන් Linux එක්ක, ඔයාගෙ ඇහැට ලස්සන interface එක හදාගන්න.

ඒකට මහ ලොකු Linux Expert කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ. Internet එකේ ඕන තරම් tutorials, discussions හොයාගන්න පුළුවන් ඔයාට මේ ගැන.

අද මම ආවෙ ඒ විදියේ ලස්සන DE එකක් හදාගන්නෙ කොහොමද කියලා නියන්න නෙවෙයි, Linux වල ඔබ නොදැකපු ලස්සන පෙන්නලා දෙන්නයි. මේකෙන් ඔයා Linux ගැන හිතන විදිය වෙනස් වේවි. එහෙනම් ඔන්න පහළින් බලාගන්න Linux වල ලස්සන, Linux වල විවිධත්වය

මේ Screenshots ටික මම ගත්තෙ මෙන්න මේ පහළ link එකේ තියෙන Sub  Reddit එකෙන්. ඔයාලත් ගිහින් බලන්නකො.

r/unixporn
r/unixporn: Submit screenshots of all your *NIX desktops, themes, and nifty configurations, or submit anything else that will make ricers happy …

එහෙනම්, තවත් Post එකකින් හමුවෙමු. ඔබට ජය!