Loading...
2021 වර්ෂයේදී Twitter එක සඳහා හඳුන්වා දීමට සූදානම් වන ප්‍රධානතම පහසුකම් 5 සවිස්තරාත්මකව

Twitter සඳහා මෑතකදි සිදු කල ප්‍රධානතම පහසුකම වූයේ Voice DM පහසුකමයි. මීට අමතරව පසුගිය වර්ෂයේදී Fleets, Voice Tweets වැනි පහසුකම්ද හඳුන්වා දීමට කටයුතු කරා. මෑතකදී පැවැත්වුනු Twitter Analyst Day meetingහිදී Twitter විසින් 2021 වර්ෂයේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වන ප්‍රධානතම පහසුකම් 5ක් පිලිබඳව ඔවුන් සාකච්චා කර තිබෙනවා.

1. Communities

Facebook Groups යන Facebookහි ඇති ප්‍රධානතම සහ සුවිශේෂීම අංගයකි. Facebook groups මෙන්ම මෙහිදීද Twitter පරිශීලකයන්‍ට community නිර්මාණය කල හැකි අතර membersලා එකතු කරගැනීමේ හැකියාවද ලබා දෙනවා. මෙහිදී Twitter සමාගම විසින් දැනට පවතින Topics පහසුකම වැඩිදියුණු කර එහි upgrade එකක් ලෙස Communities පහසුකම ලබා දීමට සූදානම් වන බව වාර්තාවනවා.

2. Super Follows

මෙහිදී සිදු වන්නේ Twitter පරිශීලකයන්ට තම followersලා හට පිවිසීමට අවශ්‍ය විශේෂ අන්තර්ගතයන් වේ නම් ඒවා සඳහා පිවිසීමට යමු මුදලක් අය කිරීමේ අවස්ථාව ලබා දීමයි. එමෙන්ම මේ සඳහා ඔවුන්ගේ කැමැත්ත අනුව විවිධ groups create කර ඒවා වෙත එකතු වීමේ හැකියාවද පිළිබඳවද ඔවුන් විසින් නිවේදනය කර තිබෙනවා.

Super Follower පහසුකම හරහා යම් පුද්ගලයෙකුට තම followersලාට අවශ්‍ය කෙරෙන අතිරේකයන් මුදල් අයකිරීමකින් යුතුව ලබා දීම කල හැකිය. මෙහිදී Bonus tweets, community group access, newsletter subscriptions සහ තමන්ට සහය දක්වන අයට badge එකක්ද ලබා දීමේ පහසුකම් හැඳින්විය හැකිය.

3. Safety Mode

Twitter සමාගම හම පරිශීලකයන්ගේ ආරක්ෂාව පිලිබඳව බෙහෙවින් සැලකිලිමත් වන සමාජ ජාලා ආයතනයකි. ඉදිරියේදී Twitter පරිශීලකයන්ගේ ආරක්ෂාව තවත් තර කරමින් එහි developersලා විසින් Safety Mode නම් නව පහසුකමක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙහිදී සිදුවන්නේ Twitter විසින් පනවා ඇති නීතිරීති කඩ කරන ගිණුම් ස්වයංක්‍රියව අවහිර කිරීම (block)සහ අනෙකුත් අයව අපහසුතාවයට පත්වන ආකාරයට කරන පලකිරීම් කරන අයව ස්වයංක්‍රියව mute කිරීමයි.

“automatically block accounts that appear to break the Twitter Rules, and mute accounts that might be using insults, name-calling, strong language, or hateful remarks,”

මේ අකාරයට spam කරන අයෙකු හෝ අපහසුතාවයට පත්වන ආකාරයට හැසිරෙන අයෙකු ස්වයංක්‍රීයව Mute වීම හෝ block වීම දින 7කට පමණක් වලංගු වනු ඇත.

4. Business Profiles

මේ වන විට Twitter එකේ තියෙන්නේ එකම වර්ගයක profiles පමණයි. ව්‍යාපාරයකට වුවද, පෞද්ගලික ගිණුමකට වුවද භාවිතා කිරීමට ඇත්තෙ personal profile එක වන අතර මෙය වෙනස් කරමින් ඉදිරියේදී Business profiles හඳුන්වා දීමට Twitter සමාගම සැරසෙනවා. මේ සමඟින් ව්‍යාපාරවලට business profile වර්ගය භාවිතා කල හැකිවනු ඇති අතර එහිදී ව්‍යාපාර වලට අවශ්‍ය වන විස්තර ඇතුලත් කිරීම සඳහා පහසුකම්ද සැලසෙනු ඇත.

5. Audio Spaces

මේ වෙන විට ලොව ඉතාමත් සීඝ්‍රයෙන් ප්‍රචලිත වන voice-based networking app එකක් වන Clubhouse app එකෙහි සේවාවට සමාන සේවාවක් Twitter විසින්ද ලබා දීමට සූදානම් වනවා. එ හරහා Twitter content creatorsලාට audio-only chat room නිර්මාණය කර තම followersලා සහ fansලා සමඟ ඍජුව සම්බන්ධ වීමේ හැකියාව ලබා දෙනු ඇත. මෙම පහසුකම මේ වන විට iOS සඳහා වන Twitter app එක හරහා පරික්ෂා කරමින් පවතන අතර Android සඳහාද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

Source: Twitter Analyst Day meeting