Google, Spotify, Discord ඇතුළු සේවා බිඳ වැටේ: ලෝකය පුරා බොහෝ පරිශීලකයින්ට බාධා
Google Cloud සේවාවේ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (ජූනි 12) දින ලොව පුරා බොහෝ ජනප්රිය අන්තර්ජාල සේවාවන්ට බාධා එල්ල වුවා. Spotify, Discord, YouTube, Google Meet වැනි සේවාවන් මෙන්ම Gmail, Google Drive ඇතුළු බොහෝ සේවාවන් මෙම බිඳවැටීමෙන් බලපෑමට ලක් වූ බව වාර්තා වෙනවා.
බිඳවැටීමේ ආරම්භය සහ බලපෑම
මෙම බිඳවැටීම ආරම්භ වූයේ ජූනි 12 දින ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 11:30 පමණයි. Google Cloud සේවාවේ ගැටලු හේතුවෙන්, Google සේවාවන්ට අමතරව, Spotify, Discord, Snapchat, Twitch වැනි තුන්වන පාර්ශවීය සේවාවන් ද බිඳවැටුණි