කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial Intelligence (AI) භාවිතයෙන් අනතුරුදායක hacking tools සහ cyber attacks ඉතා වේගයෙන් නිර්මාණය කිරීමේ හැකියාව වර්ධනය වෙමින් පවතින නිසා Apple සමාගම සිය security updates නිකුත් කරන ක්‍රමවේදය වෙනස් කිරීමට පියවර ගෙන තිබේ.
සාමාන්‍යයෙන් Apple සමාගම iPhone සහ iPad සඳහා වැදගත් security fixes නිකුත් කරන්නේ මීළඟ ප්‍රධාන iOS update එක සමඟයි. උදාහරණයක් ලෙස iOS 26.5 සඳහා සොයාගත් ආරක්ෂක දෝෂ පරීක්ෂණ අවසන් කිරීමෙන් පසුව iOS 26.6 සමඟ නිකුත් කිරීමට ඉඩ තිබුණි.
නමුත් AI තාක්ෂණය භාවිතයෙන් cybercriminalsලාට software vulnerabilities විශ්ලේෂණය කිරීම සහ hacking tools නිර්මාණය කිරීම ඉක්මන් කළ හැකි නිසා security fix එකක් ප්‍රසිද්ධ වූ මොහොතේ සිට එය සාමාන්‍ය පරිශීලකයන්ගේ devices වෙත ලැබෙන කාලය අඩු කිරීමට Apple තීරණය කර තිබේ.
iOS 26.5.2 Update එක ඉක්මනින් නිකුත් කිරීම
මෙම නව ක්‍රමවේදය යටතේ Apple විසින් 2026 ජූනි 29 වැනිදා iOS 26.5.2 සහ iPadOS 26.5.2 updates නිකුත් කළේය.
මෙම updates තුළ ඇතුළත් security fixes මුලින්ම iOS 26.6 සහ iPadOS 26.6 beta versions සඳහා ලබාදී තිබුණි. එහෙත් iOS 26.6 සම්පූර්ණ update එක නිකුත් වන තෙක් බලා නොසිට, එම ආරක්ෂක යාවත්කාලීන සියලුම සුදුසු devices සඳහා කලින් ලබාදීමට Apple පියවර ගෙන තිබේ.
එදිනම Apple විසින් පහත updates ද නිකුත් කර තිබුනි.
- iOS 26.5.2 සහ iPadOS 26.5.2
- macOS Tahoe 26.5.2
- Safari 26.5.2
Apple නිල තොරතුරු අනුව iOS 26.5.2 update එක iPhone 11 සහ ඊට පසුව නිකුත් කළ iPhone මාදිලි සඳහා ලබාගත හැකිය. එමෙන්ම තෝරාගත් iPad Pro, iPad Air, iPad සහ iPad mini මාදිලි සඳහාද update එක ලබාදී තිබේ.
Update එක මගින් නිවැරදි කරන ආරක්ෂක දෝෂ
iOS 26.5.2 සහ iPadOS 26.5.2 updates මඟින් Kernel, WebKit, Web Extensions සහ WebRTC ඇතුළු පද්ධතියේ වැදගත් කොටස් කිහිපයක තිබූ security vulnerabilities නිවැරදි කර තිබේ.
මෙම දෝෂ භාවිත කරමින් අනතුරුදායක app එකකට device එක හදිසියේ නතර කිරීමට, system memory වලට බලපෑම් කිරීමට හෝ ඇතැම් සංවේදී තොරතුරු පිටතට ලබාගැනීමට ඉඩ තිබූ බව Apple සඳහන් කරයි.
අනතුරුදායක ලෙස සකස් කළ වෙබ් අඩවියකට හෝ web content එකකට Safari crash කිරීම, memory corruption ඇති කිරීම, වෙනත් වෙබ් අඩවිවල දත්ත ලබාගැනීම හෝ clipboard දත්ත රහසිගතව අත්පත් කරගැනීම වැනි අවදානම්ද තිබී ඇත.
කෙසේ වෙතත්, මෙම update එකෙන් නිවැරදි කළ vulnerabilities දැනටමත් සැබෑ cyber attacks සඳහා භාවිත කර ඇති බවට සාක්ෂි නොමැති බව Apple සමාගම Reuters වෙත පවසා තිබේ. Updates ඉක්මනින් නිකුත් කිරීමේ අරමුණ වන්නේ එවැනි attacks ඇතිවීමට පෙර usersලා ආරක්ෂා කිරීමයි.
AI තාක්ෂණයේ හොද සහ නරක
AI තාක්ෂණය cybercriminalsලාට පමණක් නොව security researchersලාටද ප්‍රයෝජනවත් වේ. Apple හි මෙම security update එකෙන් නිවැරදි කළ ඇතැම් දෝෂ OpenAI Codex Security, Anthropic Claude සහ NVIDIA AI Red Team සමඟ සම්බන්ධ පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව AI භාවිතයෙන් security vulnerabilities ඉක්මනින් සොයාගැනීමට හැකි වුවත්, එම තාක්ෂණයම ප්‍රහාරකයන් විසින් hacking tools නිර්මාණය කිරීම සඳහාද යොදාගත හැකිය.
මෙය AI තාක්ෂණය දියුණු වන වේගයට සමානව software companies තම security response ක්‍රමවේදද වේගවත් කළ යුතු බව පෙන්වන වැදගත් උදාහරණයකි.
Devices Update කිරීම වැදගත් වන්නේ ඇයි?
මෙවැනි updates තුළ අලුත් features විශාල ප්‍රමාණයක් නොතිබුණත්, device එකේ ආරක්ෂාව සඳහා වැදගත් fixes ඇතුළත් වේ. විශේෂයෙන් අන්තර්ජාලය, Safari සහ විවිධ apps දිනපතා භාවිත කරන usersලා හැකි ඉක්මනින් තම devices update කරගැනීම වැදගත්ය.
AI තාක්ෂණයත් සමඟ cyber threats වේගයෙන් වෙනස් වන පසුබිමක, security update එකක් දිගු කාලයක් ප්‍රමාද කිරීම පරිශීලකයන්ට අනවශ්‍ය අවදානමක් ඇති කළ හැකිය. Apple සමාගමේ නව තීරණය අනුව ඉදිරියේදීත් ප්‍රධාන iOS update එකක් පැමිණෙන තෙක් නොසිට වැදගත් security fixes වෙනම updates ලෙස ඉක්මනින් නිකුත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
Source: www.reuters.com








