එදිනෙදා ජිවිතයෙදී ඔබගේ ආදරණීයයෙකු අහිමි වූ අවස්ථාවක, ඔවුන්ගේ iPhone එකේ ඇති දත්ත සහ මතකයන් වෙත පිවිසීම පවුලේ අයට වැදගත් වනවා. මෙහිදී බොහෝ දෙනෙකුට මතුවන ප්‍රධාන ගැටළුවක් වන්නේ මියගිය අයගේ Face ID හරහා දුරකථනය විවෘත කළ හැකිද යන්නයි. iPhoneහි Biometric locks සහ මරණයෙන් පසු දත්ත ලබා ගැනීම පිළිබඳව පවුලේ සාමාජිකයින් දැනගත යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පහත ලෙස දක්වන්න පුලුවන්.
Face ID මරණයෙන් පසු ක්‍රියා කරයිද?
තාක්ෂණිකව ගත් කල, Face ID මියගිය අයෙකුගේ මුහුණ හඳුනාගැනීමට ඇති ඉඩකඩ ඉතා අවම වනව. මෙයට හේතු කිහිපයක් පවතිනවා:
- අවධානය පරීක්ෂා කිරීම (Attention Awareness): Face ID පද්ධතිය නිර්මාණය කර ඇත්තේ පරිශීලකයාගේ දෑස් විවෘතව ඇති බව සහ අවධානය දුරකථනය වෙත යොමුව ඇති බව හඳුනා ගැනීමටයි. පුද්ගලයෙකු මියගිය පසු මෙම "අවධානය" ලබා දිය නොහැකි බැවින් Face ID ක්‍රියා නොකිරීමට ඉඩ තිබෙනවා.
- ජීව විද්‍යාත්මක වෙනස්කම්: මරණයෙන් පසු මුහුණේ පටකවල සිදුවන වෙනස්කම් නිසා Apple හි TrueDepth කැමරාව මඟින් නිර්මාණය කරන ලද මුල් ගණිතමය ආකෘතියට (Mathematical representation) එම මුහුණ නොගැළපී යා හැකිය.
පවුලේ අයට ඇති විකල්ප මොනවාද?
මියගිය අයගේ Face ID හෝ මුරකේතය (Passcode) නොමැති විට දත්ත ලබා ගැනීමට ඇති වඩාත්ම නිල සහ ආරක්ෂිත ක්‍රමය වන්නේ Digital Legacy වැඩසටහනයි.
1. උරුම සම්බන්ධතා (Legacy Contacts)
පුද්ගලයෙකු සිය ජීවත්ව සිටියදීම "Legacy Contact" ලෙස අයෙකු පත් කර තිබුණේ නම්, එම තැනැත්තාට මරණයෙන් පසු දත්ත වෙත පිවිසීම ඉතා පහසු වනවා. ඒ අනුව Legacy Contact ලෙස පත් කළ විට ලැබෙන Access Key ඔස්සේ සහ මියගිය අයගේ මරණ සහතිකය මගින් ඡායාරූප, පණිවිඩ, සටහන්, ලිපිගොනු සහ Backups වෙත පිවිසීමට අවස්ථාව ලැබෙනවා.
2. උසාවි නියෝගයක් හරහා පිවිසීම
Legacy Contact කෙනෙකු පත් කර නොමැති නම්, Apple සමාගමෙන් දත්ත ඉල්ලා සිටීමට පවුලේ සාමාජිකයින්ට උසාවි නියෝගයක් ඉදිරිපත් කිරීමට සිදු වනවා. මෙහිදී එම නියෝගයේ මියගිය අයගේ නම, Apple ගිණුම සහ දත්ත ඉල්ලා සිටින තැනැත්තා නීත්‍යානුකූල උරුමක්කාරයා බව සඳහන් විය යුතු වනවා
කෙසේ වෙතත් Apple සමාගම පවසන්නේ මුරකේතයක් (Passcode) මඟින් අගුළු දමා ඇති උපාංගවල මුරකේතය ඉවත් කිරීමට ඔවුන්ට තාක්ෂණිකව නොහැකි බවයි. ඔවුන්ට කළ හැක්කේ මියගිය අයගේ iCloud ගිණුමේ ඇති දත්ත ලබා දීම හෝ උපාංගය සම්පූර්ණයෙන්ම මකා දමා (Erase) නැවත භාවිතා කිරීමට ඉඩ දීම පමණක් බවයි.
එබැවින්, ඔබගේ පවුලේ අයට අනාගතයේදී මෙවැනි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු නොවීම සඳහා, දැනටමත් ඔබගේ iPhone එකේ Settings තුළ Legacy Contact කෙනෙකු පත් කර තැබීම වඩාත් නුවණට හුරුය වනවා.
Source: digital-legacy.apple.com








